යෙදුමෙන් කියවන්න

නවමසික‍්ඛාපදං

4. .4. 9

4. .4. 9

නවමසික‍්ඛාපදං

නවවන සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො අන‍්තොවස‍්සං චාරිකං චරන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛිය්‍යන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො අන‍්තොවස‍්සං චාරිකං චරිස‍්සන‍්ති. හරිතානි තිණානි සම‍්මද‍්දන‍්තා එකින්‍ද්‍රියං ජීවං විහෙඨෙන‍්තා බහූ ඛුද‍්දකෙ පාණෙ සඞ‍්ඝාතං ආපාදෙන‍්තා”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩවෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ ඇතුළුවසැ චාරිකායෙහි හැසිරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ නිල්තණ මඬින්නෝ ඒකෙන්‍ද්‍රිය ජීවය පෙළන්නෝ බොහෝ කුඩා පණුවන් විනාශයට පමුණුවන්නාහු චාරිකායෙහි හැසිරුණාහු දැ” යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම භික‍්ඛුනියො අන‍්තොවස‍්ස චාරිකං චරිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො අන‍්තොවස‍්සං චාරිකං චරන‍්තී”ති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො අන‍්තොවස‍්සං චාරිකං චරිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසුරුණාහු දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී අන‍්තොවස‍්සං චාරිකං චරෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් තොමෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

අන‍්තොවස‍්සන‍්ති: පුරිමං වා තෙමාසං පච‍්ඡිමං වා තෙමාසං අවසිත්‍වා.

අන්තොවස්සං: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ නො වැස.

චාරිකං චරෙය්‍යාති: කුක‍්කුටසම‍්පාතෙ ගාමෙ ගාමන‍්තරෙ ගාමන‍්තරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගාමකෙ අරඤ‍්ඤෙ අද‍්ධයොජනෙ අද‍්ධයොජනෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

චාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇතිගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නොගම් වූ අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: සත‍්තාහකරණීයෙන ගච‍්ඡති, කෙනචි උබ‍්බාළ‍්හා ගච‍්ඡති, ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

සත්තාහකරණීයයෙන් යේ නම්, කිසිවකු විසින් උවදුරු කරන ලද්දී යේ නම්, ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.

නවමසික‍්ඛාපදං.

නවම සිකපද යි.