යෙදුමෙන් කියවන්න

දසමසික‍්ඛාපදං

4. 4. 10.

4. 4. 10.

දසමසික‍්ඛාපදං

දසම සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො තත්‍ථෙව රාජගහෙ වස‍්සං වසන‍්ති තත්‍ථ හෙමන‍්තං තත්‍ථ ගිම‍්හං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “ආහුන්‍දරිකා භික‍්ඛුනීනං දිසා අන්‍ධකාරා න ඉමාසං දිසා පක‍්ඛායන‍්තී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දකනිවාපයෙහි වැඩවෙසෙති, එසමයෙහි වනාහි මෙහෙණෝ එහි මැ රජගහනුවරැ වස් වෙසෙති. හිමත් සමය එහි යැ ගිමන් සමය එහි යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මෙහෙණන්ට දිගුහු හකයහ, අඳුරුයහ, මොවුනට දිසාවෝ නො වැටහෙති” යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තා භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “තෙන හි භික‍්ඛවෙ, භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤපෙස‍්සාමි දස අත්‍ථවසෙ පටිච‍්ච: සඞ‍්ඝසුට‍්ඨුතාය -පෙ- සද‍්ධම‍්මට‍්ඨිතියා විනයානුග‍්ගහාය. එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ මෙහෙණෝ භික්‍ෂූන්ට තෙල කරුණ ඇරොජූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක. එසේ නම් මහණෙනි, මෙහෙණන්හට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනාබව පිණිස යැ … සසුන් තිරකල් පැවැත්ම පිණිස යැ. විනයට රුකුල් පිණිස යැ. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී වස‍්සං වුත්‍ථා චාරිකං න පක‍්කමෙය්‍ය අන‍්තමසො ඡප‍්පඤ‍්චයොජනානිපි, පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් තොමෝ වැස නිමවූ වස් ඇතියා යටත් පිරිසෙයින් සපස් යොදුනකුදු චාරිකායෙහි නොයේ නම් පචිති වේ” ය යි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

වස‍්සං වුත්‍ථා නාම: පුරිමං වා තෙමාසං පච‍්ඡිමං වා තෙමාසං වස‍්සං වුත්‍ථා චාරිකං න පක‍්කමිස‍්සාමි අන‍්තමසො ඡප‍්පඤ‍්ච යොජනානිපීති ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

වස්සංවුත්‍ථා නම්: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ වැස නිමවූ වස් ඇතියා යටත් පිරිසෙයින් සපස් යොදුනකුදු චාරිකායෙහි නො යන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: සති අන‍්තරායෙ, පරියෙසිත්‍වා දුතියිකං භික‍්ඛුනිං න ලභති, ගිලානාය ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනතුරක් ඇති කල්හි, සොයා දෙවන මෙහෙණක නො ලබා නම් ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දසවන සිකපද යි.

තුවට‍්ටවග‍්ගො චතුත්‍ථො.

චතුර්‍ත්‍ථ තුවට්ට වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සෙය්‍යත්‍ථරණාඵාසුකං දුක‍්ඛිතා උපස‍්සයෙන ච සංසට‍්ඨා දුවෙ රට‍්ඨා අන‍්තොවස‍්සෙන චාරිකාති.

සෙය්‍ය යැ ඒකත්‍ථරණ යැ අඵාසුක යැ දුක්ඛිත යැ උපස්සය සමඟ සංසට්ඨ යැ අන්තොරට්ඨ – තිරොරට්ඨ දෙක යැ අන්තෝවස්සය සමඟ චාරිකා යැ යි.