යෙදුමෙන් කියවන්න

පඨමසික‍්ඛාපදං

4. 5. 1.

4. 5. 1.

පඨමසික‍්ඛාපදං

පළමු සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස උය්‍යානෙ චිත‍්තාගාරෙ පටිභානචිත‍්තං කතං හොති. බහූ මනුස‍්සා චිත‍්තාගාරං දස‍්සනාය ගච‍්ඡන‍්ති. ඡබ‍්බග‍්ගියාපි භික‍්ඛුනියො චිත‍්තාගාරං දස‍්සනාය අගමංසු. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො චිත‍්තාගාරං දස‍්සනාය ගච‍්ඡිස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනියොති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රාජයාගේ උයනෙහි වූ චිත්‍රාගාරයෙහි ප්‍රතිභාන චිත්‍රයෙක් කරන ලද්දේ වෙයි. බොහෝ මිනිස්සු චිත්‍රාගාරය දැකීම පිණිස යෙති. සවග මෙහෙණෝ ද චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු ය. … මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු දැ” යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො චිත‍්තාගාරං දස‍්සනාය ගච‍්ඡිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො චිත‍්තාගාරං දස‍්සනාය ගච‍්ඡන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො චිත‍්තාගාරං දස‍්සනාය ගච‍්ඡිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු දැ” යි. … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ චිත්‍රාගාරය දැකීම පිණිස යෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ චිත්‍රාගාරය දැකීම පිණිස ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:

“යා පන භික‍්ඛුනී රාජාගාරං වා චිත‍්තාගාරං වා ආරාමං වා උය්‍යානං වා පොක‍්ඛරණිං වා දස‍්සනාය ගච‍්ඡෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් රාජාගාරයක් හෝ චිත්‍රාගාරයක් හෝ ආරාමයක් හෝ උයනක් හෝ පොකුණක් හෝ දැකීම පිණිස යේ නම් පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

රාජාගාරං නාම: යත්‍ථ කත්‍ථචි රඤ‍්ඤො කීළිතුං රමිතුං කතං හොති.

රාජාගාර නම්: යම්කිසි තැනෙකැ රජුට කෙළනට ඇලෙන්නට කරන ලද්දේ වෙයි.

චිත‍්තාගාරං නාම: යත්‍ථ කත්‍ථචි මනුස‍්සානං කීළිතුං රමිතුං කතං හොති.

චිත්තාගාර නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.

ආරාමො නාම: යත්‍ථ කත්‍ථචි මනුස‍්සානං කීළිතුං රමිතුං කතො හොති.

ආරාම නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.

උය්‍යානං නාම: යත්‍ථ කත්‍ථචි මනුස‍්සානං කීළිතුං රමිතුං කතං හොති.

උය්‍යාන නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළිනට ඇලෙන්නට කරන ලද්දෙක් වෙයි.

පොක‍්ඛරණී නාම: යත්‍ථ කත්‍ථචි මනුස‍්සානං කීළිතුං රමිතුං කතා හොති.

පොක්ඛරණී නම්: යම්කිසි තැනෙකැ මිනිසුනට කෙළනට ඇලෙන්නට කරනලද්දී වේ.

දස‍්සනාය ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස. යත්‍ථ ඨිතා පස‍්සති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දස‍්සනූපචාරං විජහිත්‍වා පුනප‍්පුනං පස‍්සති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. එකමෙකං දස‍්සනාය ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස. යත්‍ථ ඨිතා පස‍්සති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දස‍්සනූපචාරං විජහිත්‍වා පුනප‍්පුනං පස‍්සති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුනපුනා දකී නම් පචිති ඇවැත් වෙයි. එකක් එකක් දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුනපුනා දකී නම් පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: ආරාමෙ ඨිතා පස‍්සති, ගච‍්ඡන‍්තී වා ආගච‍්ඡන‍්තී වා පස‍්සති, සති කරණීයෙ ගන‍්ත්‍වා පස‍්සති, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අරමෙහි සිටියා දකී නම්, යන්නී හෝ එන්නී හෝ දකී නම්, කරණී ඇති කල්හි ගොස් දකී නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.

පඨමසික‍්ඛාපදං.

පළමු සිකපද යි.