යෙදුමෙන් කියවන්න

දුතියසික‍්ඛාපදං

4. 5. 2.

4. 5. 2.

දුතියසික‍්ඛාපදං

දෙවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො ආසන්‍දිම‍්පි පල‍්ලඞ‍්කම‍්පි පරිභුඤ‍්ජන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ආසන්‍දිම‍්පි පල‍්ලඞ‍්කම‍්පි පරිභුඤ‍්ජිස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනියො”ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරති. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනියන් මෙන් දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ආසන්‍දිම‍්පි පල‍්ලඞ‍්කම‍්පි පරිභුඤ‍්ජිස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො ආසන්‍දිම‍්පි පල‍්ලඞ‍්කම‍්පි පරිභුඤ‍්ජන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො ආසන්‍දිම‍්පි පල‍්ලඞ‍්කම‍්පි පරිභුඤ‍්ජිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කළාහු දැ” යි … සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පරිබෝ කරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ. … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දික්හඟළා පුටු ද පලඟ ද පිරිබෝ කළාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී ආසන්‍දිං වා පල‍්ලඞ‍්කං වා පරිභුඤ‍්ජෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් දික්හඟළා පුටු හෝ පලඟ හෝ පරිබෝ කෙරේ නම් පචිති වේ” ය යි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

ආසන්‍දි නාම: අතික‍්කන‍්තප‍්පමාණා වුච‍්චති.

ආසන්‍දි නම්: ඉක්ම වූ පමණ ඇතියා කියනු ලැබේ.

පල‍්ලඞ‍්කො නාම: ආහරිමෙහි වාළෙහි කතො හොති.

පල්ලඞ්ක නම්: ඇරැහිඳුවා කළ වග රුවින් කරන ලද්දේ වෙයි.

පරිභුඤ‍්ජෙය්‍යාති: තස‍්මිං අභිනිසීදති වා අභිනිපජ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පරිභුඤ්ජෙය්‍ය: එහි වැදහිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: ආසන්‍දියා පාදෙ ඡින්‍දිත්‍වා පරිභුඤ‍්ජති, පල‍්ලඞ‍්කස‍්ස වාළෙ භින්‍දිත්‍වා පරිභුඤ‍්ජති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

දික්හඟළා පුටුවෙහි පා සිඳපියා පරිබෝ කෙරේ නම්, පලඟෙහි වගරූ බිඳපියා පරිබෝ කෙරේ නම්, ඇවැත් නොවේ. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.

දුතියසික‍්ඛාපදං.

දෙවන සිකපද යි.