චිත්තාගාරවග්ගො අට්ඨකථා
5. චිත්තාගාරවර්ගය
පඨමසික්ඛාපදවණ්ණනා
පළමු සිකපද වර්ණනාව
චිත්තාගාරවග්ගස්ස පඨමසික්ඛාපදෙ – රාජාගාරන්ති රඤ්ඤො කීළනඝරං. චිත්තාගාරන්ති කීළනචිත්තසාලං. ආරාමන්ති කීළනඋපවනං. උය්යානන්ති කීළනුය්යානං. පොක්ඛරණීන්ති කීළනපොක්ඛරණිං. තස්මායෙව පදභාජනෙ “යත්ථ කත්ථචි රඤ්ඤො කීළිතු”න්තිආදි වුත්තං. දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්සාති එත්ථ පදවාරගණනාය දුක්කටං. යත්ථ ඨිතා පස්සතීති එත්ථ පන සචෙ එකස්මිංයෙව ඨානෙ ඨිතා පදං අනුද්ධරමානා පඤ්චපි පස්සති, එකමෙව පාචිත්තියං. තං තං දිසාභාගං ඔලොකෙත්වා පස්සන්තියා පන පාටෙක්කා ආපත්තියො. භික්ඛුස්ස පන සබ්බත්ථ දුක්කටං.
චිත්තාගාර වර්ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “රාජාගාරං” රජුගේ ක්රීඩාගෘහය. “චිත්තාගාරං” ක්‍රීඩාකරන විසිතුරු සාලාවය. “ආරාමං” ක්‍රීඩාකරන සමීපවනය. “උය්යානං” ක්‍රීඩාකරන උයනය. “පොක්ඛරණීං” ක්‍රීඩාකරන පොකුණය. එහෙයින්ම පදභාජනයෙහි “යත්ථ කත්ථචි රඤ්ඤො කීළිතුං” යනාදිය වදාරණ ලදී. “දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස” මෙහි පියවර ගණනින් දුක්කටය වේ. “යත්ථ ඨිතා පස්සති” ඉදින් මෙහි එක්ම තැනක සිටින්නී පිය නොඋදුරමින් ඒ පසම දකීද එක්ම පාචිත්තියක් වේ. ඒ ඒ දිසා කොටස් බලා බලන්නියට වෙන් වෙන් ඇවැත්හු වෙත්. මහණහට වනාහි සියලු තන්හි දුක්කටය වේ.
ආරාමෙ ඨිතාති අජ්ඣාරාමෙ රාජාගාරාදීනි කරොන්ති, තානි පස්සන්තියා අනාපත්ති. ගච්ඡන්තී වා ආගච්ඡන්තී වාති පිණ්ඩපාතාදීනං අත්ථාය ගච්ඡන්තියා මග්ගො හොති, තානි පස්සති, අනාපත්ති. සති කරණීයෙ ගන්ත්වාති රඤ්ඤො සන්තිකං කෙනචි කරණීයෙන ගන්ත්වා පස්සති, අනාපත්ති. ආපදාසූති කෙනචි උපද්දුතා පවිසිත්වා පස්සති, අනාපත්ති. සෙසං උත්තානමෙව.
“ආරාමෙ ඨිතා” ආරාමය තුළ රාජගෘහාදිය කෙරෙත්ද ඒ රාජගෘහාදිය බලන්නියට ඇවැත් නොවේ. “ගච්ඡන්තී වා ආගච්ඡන්තී වා” පිණ්ඩපාතාදිය පිණිස යන්නියට මාර්ගයවේද, ඒ රාජගෘහාදිය දකීද, ඇවැත් නොවේ. “සති කරණීයෙ ගනත්වා” රජුගේ සමීපයට කිසි කටයුත්තක් හෙතුකොට ගොස් බලාද, ඇවැත් නොවේ. “ආපදාසු” කිසිවකු විසින් පීඩාකරණ ලද්දී පිවිස බලාද ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, අකුසලචිත්තං, තිවෙදනන්ති.
එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.
පඨමසික්ඛාපදං.
පළමු ශික්‍ෂාපදයයි
දුතියසික්ඛාපදවණ්ණනා
දෙවන සිකපද වර්ණනාව
දුතියෙ – අභිනිසීදනාභිනිපජ්ජනෙසු පයොගගණනාය ආපත්තියො වෙදිතබ්බා. සෙසං උත්තානමෙව.
ද්විතීය ශික්‍ෂාපදයෙහි - හිඳීමි හොවීම්හි ප්‍රයොග ගණනින් ඇවැත්හු දතයුත්තාහුය. සෙස්ස ප්‍රකටමය.
එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දුතියසික්ඛාපදං.
දෙවන ශික්‍ෂාපදයයි
තතියසික්ඛාපදවණ්ණනා
තෙවන සිකපද වර්ණනාව
තතියෙ – උජ්ජවුජ්ජවෙති යත්තකං හත්ථෙන අඤ්ඡිතං හොති, තස්මිං තක්කම්හි වෙඨිතෙ එකා ආපත්ති. කන්තනතො පන පුබ්බෙ කප්පාසවිචිනනං ආදිං කත්වා සබ්බපයොගෙසු හත්ථවාරගණනාය දුක්කටං.
තෘතීය ශික්‍ෂාපදයෙහි “උජ්ජවුජ්ජුවෙ” යම් පමණක් අතින් අඳින ලද්දේ වේද, එපමණ පෙදෙසක් වෙළු කල්හි එක් ඇවැතක් වේ. කැටීමට පෙර කපු සෙවීම් ආදිකොට සියලු ප්‍රයොගයන්හි අත්වර ගණනින් දුක්කට වේ.
කන්තිතසුත්තන්ති දසිකසුත්තාදිං සඞ්ඝාටෙත්වා කන්තති, දුක්කන්තිතං වා පටිකන්තති. සෙසං උත්තානමෙව. එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“කන්තිතසුත්තං” දාහු ආදිය ගටා කටියි, නොමනාව කටින ලද්දක් හෝ නැවැත කටියි. සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
තතියසික්ඛාපදං.
තෙවන ශික්‍ෂාපදයයි
චතුත්ථසික්ඛාපදවණ්ණනා
සිවුවන සිකපද වර්ණනාව
චතුත්ථෙ – යාගුං වාතිආදීසු තණ්ඩුලකොට්ටනං ආදිං කත්වා සබ්බෙසු පුබ්බපයොගෙසු පයොගගණනාය දුක්කටං. යාගුභත්තෙසු භාජනගණනාය, ඛාදනීයාදීසු රූපගණනාය පාචිත්තියානි.
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි - “යාගුං වා” යනාදිතන්හි සහල් කෙටීම ආදිකොට සියලු ප්‍රයොගයන්හි ප්‍රයොග ගණනින් දුක්කටය වේ. කෑයුතු දෑ ආදීන් අතුරෙහි රූප ගණනින් පාචිත්තීහු වෙත්.
යාගුපානෙති මනුස්සෙහි සඞ්ඝස්සත්ථාය කරියමානෙ යාගුපානෙ වා සඞ්ඝභත්තෙ වා තෙසං සහායිකභාවෙන යංකිඤ්චි පචන්තියා අනාපත්ති. චෙතියපූජාය සහායිකා හුත්වා ගන්ධාදීනි පූජෙති, වට්ටති. අත්තනො වෙය්යාවච්චකරස්සාති සචෙපි මාතාපිතරො ආගච්ඡන්ති, යංකිඤ්චි බීජනිං වා සම්මුඤ්ජනිදණ්ඩකං වා කාරාපෙත්වා වෙය්යාවච්චකරට්ඨානෙ ඨපෙත්වාව යංකිඤ්චි පචිතුං වට්ටති. සෙසං උත්තානමෙව. සමුට්ඨානාදීනි තතියසදිසානෙවාති.
“යාගුපානෙ” මිනිසුන් විසින් සඞ්ඝයාට වැඩ පිණිස කරනු ලබන්නාවූ කැඳ බීමෙහි හෝ සඟබතෙහි හෝ ඔවුන්ට සභාග බැවින් යම් කිසිවක් පිසන්නියට ඇවැත් නොවේ. සෑයට පිදීම පිණිස යහලුව සුවඳ ආදියෙන් පුදාද, වටියි. “අත්තනො වෙය්යාවච්චකරස්ස” ඉදිනුදු මවුපියෝ එත්ද, යම්කිසි විජනියක් හෝ මුසුන්දණ්ඩක් හෝ කරවා වතාවත් කරන තැන තබාම යම් කිසිවක් කිරීම වටියි. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු තෘතීය ශික්ෂාපදය හා සමානම වෙත්.
චතුත්ථසික්ඛාපදං.
සිවුවන ශික්‍ෂාපදයයි.
පඤ්චමසික්ඛාපදවණ්ණනා
පස්වන සිකපද වර්ණනාව
පඤ්චමෙ – අසති අන්තරායෙති දසවිධෙ අන්තරායෙ අසති. ධුරං නික්ඛිපිත්වා පච්ඡා විනිච්ඡිනන්තී ආපත්තිං ආපජ්ජිත්වාව විනිච්ඡිනාති.
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “අසති අන්තරායෙ” දසවිධ අන්තරාය නැති කල්හි ධුරනික්ෂෙපයකොට පසුව විනිශ්චය කරන්නී ඇවතට පැමිණම විනිශ්චය කරයි.
පරියෙසිත්වා න ලභතීති සහායිකා භික්ඛුනියො න ලභති. සෙසං උත්තානමෙව. ධුරනික්ඛෙපසමුට්ඨානං – අකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං දුක්ඛවෙදනන්ති.
“පරියෙසිත්වා න ලභති” යහලු මෙහෙණන් නොලබයි. සෙස්ස ප්‍රකටමය. ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. අක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
පඤ්චමසික්ඛාපදං.
පස්වන ශික්‍ෂාපදයයි
ඡට්ඨසික්ඛාපදවණ්ණනා
සවන සිකපද වර්ණනාව
ඡට්ඨෙ – සබ්බං නග්ගවග්ගෙ ආගාරිකසික්ඛාපදෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. අයං පන විසෙසො, තං ඡසමුට්ඨානං. ඉදං “සහත්ථා”ති වුත්තත්තා එළකලොමසමුට්ඨානං, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - සියල්ල නග්න වර්ගයෙහි අගාරික ශික්‍ෂාපදයෙහි කියූනයින්ම දතයුතුය. මේ වනාහි විශේෂය වේ. එය ෂඩ්සමුත්‍ථානිකය. මෙය සහත්ථායි කියූ බැවින් එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
ඡට්ඨසික්ඛාපදං.
සවන ශික්‍ෂාපදයයි
සත්තමසික්ඛාපදවණ්ණනා
සත්වන සිකපද වර්ණනාව
සත්තමෙ – පුන පරියායෙනාති පුනවාරෙ. ආපදාසූති මහග්ඝචීවරං සරීරතො මොචෙත්වා සුපටිසාමිතම්පි චොරා හරන්ති, එවරූපාසු ආපදාසු අනිස්සජ්ජිත්වා නිවාසෙන්තියා අනාපත්ති. සෙසං උත්තානමෙවාති.
සප්තම ශික්‍ෂාපදයෙහි - “පුන පරියායෙන” නැවැත වරෙක්හි “ආපදාසු” මහගි සිවුරක් සිරුරෙන් මුදා මොනවට තැන්පත් කරණලද්ද, සොරු පැහැර ගෙණයෙත්. මෙබඳු ආපදාවන්හි නොනිසදා හඳින්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
කථිනසමුට්ඨානං – කායවාචතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. කි්රයාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සත්තමසික්ඛාපදං.
සත්වන ශික්‍ෂාපදයයි
අට්ඨමසික්ඛාපදවණ්ණනා
අටවන සිකපද වර්ණනාව
අට්ඨමෙ – අනිස්සජ්ජිත්වාති රක්ඛණත්ථාය අදත්වා; “ඉමං ජග්ගෙය්යාසී”ති එවං අනාපුච්ඡිත්වාති අත්ථො.
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “අනිස්සජිත්වා” රැකීම පිණිස නොදී, ‘මේ ආවාසය ගොපනය කරව’යි මෙසේ නොවිචාරා’යි යන අර්‍ත්‍ථයි.
පරියෙසිත්වා න ලභතීති පටිජග්ගිකං න ලභති. ගිලානායාති වචීභෙදං කාතුං අසමත්ථාය. ආපදාසූති රට්ඨෙ භිජ්ජන්තෙ ආවාසෙ ඡඩ්ඩෙත්වා ගච්ඡන්ති, එවරූපාසු ආපදාසු අනාපත්ති. සෙසං උත්තානමෙව. සමුට්ඨානාදීනි අනන්තරසික්ඛාපදසදිසානෙවාති.
“පරියෙසිත්වා න ලභති” පිළිදැගුම් කරන්නියක නොලබයි. “ගිලානාය” වාග්භෙදය කරන්නට අසමර්ත්ථ වූවහුට. “ආපදාසු” රට බිඳෙන කල්හි ආවාසයන් හැරදමා යෙත්. මෙබඳු ආපදාවන්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු අනතුරු ශික්ෂාපදය සමානම වෙත්.
අට්ඨමසික්ඛාපදං.
අටවන ශික්‍ෂාපදයයි.
නවමසික්ඛාපදවණ්ණනා
නවවන සිකපද වර්ණනාව
නවමෙ – බාහිරකං අනත්ථසංහිතන්ති හත්ථිඅස්සරථධනුථරුසිප්පආථබ්බණඛීලනවසීකරණසොසාපනමන්තාගදප්පයොගාදිභෙදං පරූපඝාතකරං. පරිත්තන්ති යක්ඛපරිත්තනාගමණ්ඩලාදිභෙදං සබ්බම්පි වට්ටති. සෙසං උත්තානමෙව.
නවම ශික්‍ෂාපදයෙහි - “බාහිරකං අනත්ථසංහිතං” ඇත්, අස් රිය දුනු කඩු ශිල්ප, පරූපඝාතකරමන්ත්ර- සතුරන් මරණු පිණිස හරදැවින් කළ හුල් ජපකොට පොළොවෙහි සිටුවන මන්ත්‍ර, වසඟ කරණ මන්ත්‍ර, වියලවන මන්ත්‍ර, විසබෙහෙත් යෙදීම් ආදිවාසයෙන් ප්‍රභෙද වූ අන්හු නසන යමක්. “පරිත්තං” යක්ඛපරිත්ත - නාගමණ්ඩලබන්ධනාදී වසයෙන් ප්‍රභෙදවූ සියල්ලම වටියි. සෙස්ස ප්‍රකටමය.
පදසොධම්මසමුට්ඨානං – වාචතො වාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
පදසොධම්මසමුත්ථානිකය. වාචායෙන්ද වාචාචිත්තයෙන්ද හටගනියි. කි්රයාසමුත්ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
නවමසික්ඛාපදං.
නවවන ශික්‍ෂාපදයයි
දසමසික්ඛාපදවණ්ණනා
දසවන සිකපද වර්ණනාව
දසමෙ වාචෙය්යාති පදං විසෙසො, සෙසං නවමෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං සද්ධිං සමුට්ඨානාදීහීති.
දශම ශික්‍ෂාපදයෙහි - “වාචෙය්ය” යන මේ පදය වෙනසි. සෙස්ස සමුත්‍ථානාදිය සමග නවවන ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය.
දසමසික්ඛාපදං.
දසවන ඡන්දං අදත්වා ගමන ශික්‍ෂාපදයයි
චිත්තාගාරවග්ගො පඤ්චමො.
පස්වන චිත්තාගාර වර්ගයයි.