සත්තමසික්ඛාපදං
4. 5. 7.
4. 5. 7.
සත්තමසික්ඛාපදං
සත්වන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජති. අඤ්ඤා උතුනියො භික්ඛුනියො න ලභන්ති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: අය්යා ථුල්ලනන්දා ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී ආවස්ථ චීවරය නො නිසැජැ පිරිබෝ කෙරෙයි. අනෙක් ඔසප්වූ මෙහෙණෝ නො ලබත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්දා තොමෝ ආවස්ථචීවරය නොනිසැජැ පිරිබෝ කළා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ආවස්ථචීවරය නො නිසැජැ පරිබෝ කෙරේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා;
”යා පන භික්ඛුනී ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් ආවස්ථචීවරය නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ-භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
ආවසථචීවරං නාම: උතුනියො භික්ඛුනියො පරිභුඤ්ජන්තූති දින්නං හොති.
ආවස්ථචීවර නම්: ඔසප් වූ මෙහෙණෝ පරිබෝ කෙරෙත්ව යි දෙන ලද්දේ වෙයි.
අනිස්සජිත්වා පරිභුඤ්ජෙය්යාති: ද්වෙ තිස්සො රත්තියො පරිභුඤ්ජිත්වා චතුත්ථදිවසෙ ධොවිත්වා භික්ඛුනියා වා සික්ඛමානාය වා සාමණෙරාය වා අනිස්සජිත්වා පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
අනිස්සජිත්වා පරිභුඤ්ජෙය්ය: දෙතුන් රැයක් පිරිබෝ කොට සිවුවන දිනයෙහි දොවා මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරැණියකට හෝ නොනිසැජැ පරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
අනිස්සජ්ජිතෙ අනිස්සජ්ජිතසඤ්ඤා පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අනිස්සජ්ජිතෙ වෙමතිකා පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. අනිස්සජ්ජිතෙ නිස්සජ්ජිතසඤ්ඤා පරිභුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
නොනිසැජූ සිවුරෙහි නොනිසැජූසන් ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජූ සිවුරෙහි විමති ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජූ සිවුරෙහි නිසැජූසන් ඇතියා පිරිබෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
නිස්සජ්ජිතෙ අනිස්සජ්ජිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. නිස්සජ්ජිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. නිස්සජ්ජිතෙ නිස්සජ්ජිතසඤ්ඤා අනාපත්ති:.
නිසැජූ සිවුරෙහි නොනිසැජූ සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජූ සිවුරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. නිසැජූ සිවුරෙහි නිසැජූ සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: නිස්සජ්ජිත්වා පරිභුඤ්ජති, පුනපරියායෙන පරිභුඤ්ජති. අඤ්ඤා උතුනියො භික්ඛුනියො න හොන්ති, අච්ඡින්නචීවරිකාය, නට්ඨචීවරිකාය, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
නිසැජැ පිරිබෝ කෙරේ නම්, නැවත පිළිවෙළින් පිරිබෝ කෙරේ නම්, අන් මෙහෙණෝ ඔසප් නොවූවෝ වෙත් නම්, ඇසිඳගත් සිවුරු ඇතියාට, නට සිවුරු ඇතියාට, ඇවැත් නො වේ. ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්තමසික්ඛාපදං.
සත්වන සිකපද යි.