යෙදුමෙන් කියවන්න

අට‍්ඨමසික‍්ඛාපදං

4. 5. 8.

4. 5. 8.

අට‍්ඨමසික‍්ඛාපදං

අටවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ආවසථං අනිස‍්සජිත්‍වා චාරිකං පක‍්කාමි. තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා ආවසථො ඩය‍්හති. භික‍්ඛුනියො එවමාහංසු: “හන්‍දය්‍යෙ භණ‍්ඩකං නීහරාමා”ති. එකච‍්චා එවමාහංසු: “න මයං අය්‍යෙ නීහරිස‍්සාම. යං කිඤ‍්චි නට‍්ඨං සබ‍්බං අව‍්හෙ අභියුඤ‍්ජිස‍්සතී”ති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී පුනදෙව තං ආවසථං පච‍්චාගන‍්ත්‍වා භික‍්ඛුනියො පුච‍්ඡි. “අපය්‍යෙ භණ‍්ඩකං නීහරිත්‍ථා”ති න මයං අය්‍යෙ නීහරිම‍්හාති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී උජ‍්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම: භික‍්ඛුනියො ආවසථෙ ඩය‍්හමානෙ භණ‍්ඩකං න නීහරිස‍්සන‍්තී”ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ආවාසය නොනිසැජැ චාරිකාවට ගියා යැ. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ආවාසය දැවේ. භික්‍ෂුණීහු මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි එසේ නම් බඩු බැහැර කරම්හ” යි. ඇතැම් මෙහෙණ කෙනෙක් “ආර්‍ය්‍යාවෙනි, අපි බැහැර නො කරම්හ. යමක් නැසුණේ නම් (ඒ) සියල්ල අපගෙන් විචාරා” යැ යි මෙසේ කීහු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී නැවත ඒ ආවාසයට පෙරළා අවුත් මෙහෙණන් පිළිවිසූ ය. ආර්‍ය්‍යාවෙනි, බඩු බැහැර කළහු දැ යි. ආර්‍ය්‍යාවෙනි, අපි නො බැහැර කළම්හ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ ආවාසය දැවෙන කල්හි බඩු බැහැර නො කළාහු දැ” යි.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති:: “කථං හි නාම: අය්‍යා ථුල‍්ලනන්‍දා ආවසථං අනිස‍්සජිත්‍වා චාරිකං පක‍්කමිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ආවසථං අනිස‍්සජිත්‍වා චාරිකං පක‍්කමීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම: භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ආවසථං අනිස‍්සජ‍්ජිත්‍වා චාරිකං පක‍්කමිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු::

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ආවාසය නො නිසැජැ චාරිකාවට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:

”යා පන භික‍්ඛුනී ආවසථං අනිස‍්සජ‍්ජිත්‍වා චාරිකං පක‍්කමෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් ආවාසය නො නිසැජැ චාරිකාවට යේ නම් පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

ආවසථො නාම: කවාටබද‍්ධො වුච‍්චති.

ආවසථ නම්: කවුළු බැඳියේ කියනු ලැබේ.

අනිස‍්සජ‍්ජිත්‍වා චාරිකං පක‍්කමෙය්‍යාති: භික‍්ඛුනියා වා සික‍්ඛමානාය වා සාමණෙරාය වා අනිස‍්සජ‍්ජිත්‍වා පරික‍්ඛිත‍්තස‍්ස ආවසථස‍්ස පරික‍්ඛෙපං අතික‍්කාමෙන‍්තියා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අපරික‍්ඛිත‍්තස‍්ස ආවසථස‍්ස උපචාරං අතික‍්කාමෙන‍්තියා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අනිස්සජ්ජිත්‍වා චාරිකං පක්කමෙය්‍ය: මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරැණියකට හෝ නොනිසැජැ පිරිකෙව් කළ ආවාසයෙහි පරික්‍ෂේපය ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. නො පිරිකෙව් කළ ආවාසයෙහි උවසර ඉක්මවන්නියට පචිති ඇවැත් වේ.

අනිස‍්සජ‍්ජිතෙ අනිස‍්සජ‍්ජිතසඤ‍්ඤා පක‍්කමති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනිස‍්සජ‍්ජිතෙ වෙමතිකා පක‍්කමති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනිස‍්සජ‍්ජිතෙ නිස‍්සජ‍්ජිතසඤ‍්ඤා පක‍්කමති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නොනිසැජියෙහි නොනිසැජූ සන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නොනිසැජියෙහි විමති ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො නිසැජියෙහි නිසැජූසන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වේ.

අකවාටබද‍්ධං අනිස‍්සජ‍්ජිත්‍වා පක‍්කමති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සජ‍්ජිතෙ අනිස‍්සජ‍්ජිතසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සජ‍්ජිතෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සජ‍්ජිතෙ නිස‍්සජ‍්ජිතසඤ‍්ඤා අනාපත‍්ති:.

කවුළු නො බැඳියක් නොනිසැජැ බැහැරැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජියෙහි නොනිසැජූසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැජියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. නිසැජියෙහි නිසැජු සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: නිස‍්සජ‍්ජිත්‍වා පක‍්කමති සති අන‍්තරායෙ පරියෙසිත්‍වා න ලභති, ගිලානාය, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

නිසැජැ බැහැරැ යේ නම්, අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නො වේ. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.

අට‍්ඨමසික‍්ඛාපදං.

අටවන සිකපද යි.