ආරාමවග්ගො අට්ඨකථා
6. ආරාමවර්ගය
පඨමසික්ඛාපදවණ්ණනා
පළමු සිකපද වර්ණනාව
ආරාමවග්ගස්ස පඨමසික්ඛාපදෙ – පරික්ඛෙපං අතික්කාමෙන්තියා, උපචාරං ඔක්කමන්තියාති එත්ථ පඨමපාදෙ දුක්කටං, දුතියපාදෙ පාචිත්තියං.
ආරාම වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “පරික්ඛෙපං අතික්කාමෙන්තියා උපචාරං ඔක්කමන්තියා” මෙහි පළමු පියෙහි දුක්කටය වේ. දෙවන පියෙහි පාචිත්තිය වේ.
සීසානුලොකිකාති පඨමං පවිසන්තීනං භික්ඛුනීනං සීසං අනුලොකෙන්තී පවිසති, අනාපත්ති. යත්ථ භික්ඛුනියොති යත්ථ භික්ඛුනියො පඨමතරං පවිසිත්වා සජ්ඣායචෙතියවන්දනාදීනි කරොන්ති, තත්ථ තාසං සන්තිකං ගච්ඡාමීති ගන්තුං වට්ටති. ආපදාසූති කෙනචි උපද්දුතා හොති, එවරූපාසු ආපදාසු පවිසිතුං වට්ටති. සෙසං උත්තානමෙව.
“සීසානුලොකිකා” පළමුව පිවිසෙන මෙහෙණන්ගේ හිස බලමින් පිවිසේද, ඇවැත් නොවේ. “යත්ථ භික්ඛුණියො” යම් තැනෙක්හි මෙහෙණෝ ඉතා පළමුකොට පිවිස හැදෑරීම් සෑවැඳුම් ආදිය කෙරෙත්ද, එහි ඒ මෙහෙණන් වෙතට යෙමියි යෑම වටියි. “ආපදාසු” කිසිවකු විසින් පෙළන ලද්දී වේද, මෙබඳු ආපදාවන්හි පිවිසීම වරදෙක් නොවේ. සෙස්ස ප්රකටමය.
ධුරනික්ඛෙපසමුට්ඨානං – කිරියාකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ධුරනික්ෂෙපසමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
පඨමසික්ඛාපදං.
පළමුවන ශික්ෂාපදයයි
දුතියසික්ඛාපදවණ්ණනා
දෙවන සිකපද වර්ණනාව
දුතියෙ – ආයස්මා කප්පිතකොති අයං ජටිලසහස්සබ්භන්තරො ථෙරො. සංහරීති සඞ්කාමෙසි. සංහටොති සඞ්කාමිතො. කාසාවටොති න්හාපිතා කාසාවං නිවාසෙත්වා කම්මං කරොන්ති, තං සන්ධායාහංසු. සෙසං උත්තානමෙව.
ද්විතීය ශික්ෂාපදයෙහි - “ආයස්මා කප්පිතකො” මෙතෙමේ ජටිලයන් දහසෙහි ඇතුළත්වූ ස්ථවිර තෙමේය. “සංහරි” සංක්රම කරවීය. “සංහටො” සංක්රම කරවන ලදය. “කාසාවටො” නහවන ලදය. කරනවෑමියෝ සිවුරු හැඳ කර්මාන්ත කෙරෙත්. ඒ සඳහා කීහ. සෙස්ස ප්රකටමය.
තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දුතියසික්ඛාපදං.
දෙවන ශික්ෂාපදයයි
තතියසික්ඛාපදවණ්ණනා
තෙවන සිකපද වර්ණනාව
තතියෙ – අනුසාසනිපුරෙක්ඛාරායාති ඉදානිපි ත්වං බාලා අබ්යත්තාතිආදිනා නයෙන අනුසාසනිපක්ඛෙ ඨත්වා වදන්තියා අනාපත්ති. සෙසං උත්තානමෙව. සමුට්ඨානාදීනි අනන්තරසික්ඛාපදසදිසානෙවාති.
තෘතීය ශික්ෂාපදයෙහි - “අනුසාසනීපුරෙක්ඛරාය” දැනුදු තී බාලය, අව්යක්තය, යනාදිනයින් අනුශාසනී පක්ෂයෙහි සිට කියන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහු අනතුරු ශික්ෂාපදය හා සමානම වෙත්.
තතියසික්ඛාපදං.
තෙවන ශික්ෂාපදයයි.
චතුත්ථසික්ඛාපදවණ්ණනා
සිවුවන සිකපද වර්ණනාව
චතුත්ථෙ – සබ්බං උත්තානමෙව. චතුසමුට්ඨානං – කායතො කායවාචතො කායචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති. නිමන්තිතාය අනාපුච්ඡා භුඤ්ජන්තියා ආපත්තිසම්භවතො සියා කිරියාකිරියං, පවාරිතාය කප්පියං කාරෙත්වාපි අකාරෙත්වාපි භුඤ්ජන්තියා ආපත්තිසම්භවතො සියා කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - සියල්ල ප්රකටමය. චතුස්සමුත්ථානිකය. කායයෙන්ද කායවාචායෙන්ද, කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. නිමන්ත්රණය කරණ ලදුව නොවිචාරා අනුභව කරන්නියට ඇවැත ලැබෙන බැවින් කිසි කලෙක ක්රියාක්රිය සමුත්ථානය වේ. පවරණ ලදුව කැපකරවාද කැප නොකරවාද අනුභව කරන්නියට ඇවැත ලැබෙන බැවින් ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
චතුත්ථසික්ඛාපදං.
සිවුවන ශික්ෂාපදයයි.
පඤ්චමසික්ඛාපදවණ්ණනා
පස්වන සිකපද වර්ණනාව
පඤ්චමෙ – කුලෙ මච්ඡරො කුලමච්ඡරො, කුලමච්ඡරො එතිස්සා අත්ථීති කුලමච්ඡරිනී කුලං වා මච්ඡරායතීති කුලමච්ඡරිනී. කුලස්ස අවණ්ණන්ති තං කුලං අස්සද්ධං අප්පසන්නන්ති. භික්ඛුනීනං අවණ්ණන්ති භික්ඛුනියො දුස්සීලා පාපධම්මාති.
පඤ්චම ශික්ෂාපදයෙහි - කුලයෙහි මසුරුබව, කුලමච්ඡර නම්. කුලමසුරුබව මෑට ඇත්තේනුයි. “කුලමච්ඡරිනී” නම. නොහොත් කුලය මසුරුකරානුයි කුලමච්ඡරිනීය. “කුලස්ස අවණ්ණං” ඒ කුලය අශ්රද්ධාවත්ය. අප්රසන්නයයි. “භික්ඛුනීනං අවණ්ණං” මෙහෙණෝ දුශ්ශීලහ. ලාමක දහම් ඇතිහයි.
සන්තංයෙව ආදීනවන්ති කුලස්ස වා භික්ඛුනීනං වා සන්තං අගුණං. සෙසං උත්තානමෙව. තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං දුක්ඛවෙදනන්ති.
“සන්තංයෙව ආදීනවං” කුලයාගේ හෝ මෙහෙණන්ගේ හෝ ඇති අගුණ පැවසීමය. සෙස්ස ප්රකටමය. ත්රිසසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
පඤ්චමසික්ඛාපදං.
පස්වන ශික්ෂාපදයයි
ඡට්ඨසික්ඛාපදවණ්ණනා
සවන සිකපද වර්ණනාව
ඡට්ඨෙ – ඔවාදායාති ගරුධම්මත්ථාය. සංවාසායාති උපොසථපවාරණාපුච්ඡනත්ථාය. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන භික්ඛුනොවාදකසික්ඛාපදවණ්ණනායං වුත්තොයෙව.
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - “ඔවාදාය” ගරුධර්මය පිණිස, “සංවාසාය” පොහෝ පවුරුණු විචාරීම පිණිස. මෙහි මේ සඞ්ක්ෂෙපයයි. විස්තරය වනාහි භික්ඛුනොවාදක ශික්ෂාපද වර්ණනාවෙහි කියන ලද්දේමය.
එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
එළකලොම සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
ඡට්ඨසික්ඛාපදං.
සවන ශික්ෂාපදයයි
සත්තමසික්ඛාපදවණ්ණනා
සත්වන සිකපද වර්ණනාව
සත්තමෙ – පරියෙසිත්වා න ලභතීති භික්ඛුනිං න ලභති. සෙසං උත්තානමෙව. ඉමස්සාපි විත්ථාරො භික්ඛුනොවාදකෙ වුත්තොයෙව.
සප්තම ශික්ෂාපදයෙහි - “පරියෙසිත්වා න ලභති” මෙහෙණක් නොලබයි. සෙස්ස ප්රකටමය. මේ ශික්ෂාපදයාගේ විස්තරයි. භික්ඛුනොවාදකයෙහි කියන ලද්දේමය.
ධුරනික්ඛෙපසමුට්ඨානං – අකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ධුරනික්ෂෙප සමුත්ථානිකය. අක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සත්තමසික්ඛාපදං.
සත්වන ශික්ෂාපදයයි
අට්ඨමසික්ඛාපදවණ්ණනා
අටවන සිකපද වර්ණනාව
අට්ඨමෙ – එකකම්මන්තිආදීහි උපොසථපවාරණායෙව වුත්තා. සෙසං උත්තානමෙව. ඉමස්සාපි විත්ථාරො භික්ඛුනොවාදකෙ වුත්තොයෙව.
අෂ්ටම ශික්ෂාපදයෙහි - “එකකම්මං” යනාදියෙන් පොහෝ පවාරණයෝම කියන ලදහ. සෙස්ස ප්රකටමය. මේ ශික්ෂාපදයාගේද විස්තරය භික්ඛුනොවාදකයෙහි කියන ලද්දේමය.
පඨමපාරාජිකසමුට්ඨානං – අකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ප්රථම පාරාජිකසමුත්ථානිකය. අක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
අට්ඨමසික්ඛාපදං.
අටවන ශික්ෂාපදයයි
නවමසික්ඛාපදවණ්ණනා
නවවන සිකපද වර්ණනාව
නවමෙ – සබ්බං උත්තානමෙව. ඉමස්සාපි විත්ථාරො භික්ඛුනොවාදකෙ වුත්තොයෙව.
නවම ශික්ෂාපදයෙහි - සියල්ල ප්රකටමය. මේ ශික්ෂාපදයාගේද විස්තරය භික්ඛුනොවාදකයෙහි කියන ලද්දේමය.
ධුරනික්ඛෙපසමුට්ඨානං – අකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ධුරනික්ෂෙපසමුත්ථානිකය. අක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
නවමසික්ඛාපදං.
නවවන ශික්ෂාපදයයි
දසමසික්ඛාපදවණ්ණනා
දසවන සිකපද වර්ණනාව
දසමෙ – පසාඛෙති අධොකායෙ. අධොකායො හි යස්මා තතො රුක්ඛස්ස සාඛා විය උභො ඌරූ පභිජ්ජිත්වා ගතා, තස්මා පසාඛොති වුච්චති.
දශම ශික්ෂාපදයෙහි - “පසාඛෙ” නැබින්යට අධඃකායයෙහි, අධඃකාය වනාහි යම්හෙයකින් වෘක්ෂ ශාඛාවක මෙන් දෙකලවය බෙදී එයින් ගියෝද එහෙයින් පසාඛයි කියනු ලැබේ.
භින්දාතිආදීසු සචෙ “භින්ද, ඵාලෙහී”ති සබ්බානි ආණාපෙති, සො ච තථෙව කරොති, ඡ ආණත්තිදුක්කටානි ඡ ච පාචිත්තියානි ආපජ්ජති. අථාපි එවං ආණාපෙති – “උපාසක, යංකිඤ්චි එත්ථ කාතබ්බං, තං සබ්බං කරොහී”ති, සො ච සබ්බානිපි භෙදනාදීනි කරොති; එකවාචාය ඡ දුක්කටානි ඡ පාචිත්තියානීති ද්වාදස ආපත්තියො. සචෙ පන භෙදනාදීසුපි එකංයෙව වත්වා “ඉදං කරොහී”ති ආණාපෙති, සො ච සබ්බානි කරොති, යං ආණත්තං, තස්සෙව කරණෙ පාචිත්තියං. සෙසෙසු අනාපත්ති. සෙසං උත්තානමෙව.
“භින්දා” යනාදිතන්හි ඉදින් ‘බිඳුව, පලව’යි සියල්ල අණවාද ඇණවුම් ලද හෙතෙමේද, එසේම කෙරේද, ඇණවීම නිමිතිකොට දුක්කට සයටද පාචිත්තිය සයටද පැමිණේ. එතකුදු වුවත් ‘උපාසක’ මෙහි යම් කිසිවක් කටයුතුද, ඒ සියල්ල කරව’යි මෙසේ අණවාද, හෙතෙමේද සියලුම බිඳීම් ආදිය කෙරේද, එක් වචනයකින් දුක්කට සයක්ද පාචිත්තිය සයෙක්දැ ඇවැත් දොළොසෙක් වේ. ඉදින් වනාහි බිඳීම් ආදියෙහි එකක්ම කියා ‘මෙය කරව’යි අණවාද, හෙතෙමේද සියල්ල කෙරේද, යමක් අණවන ලදද එයම කිරීම නිමිතිකොට පාචිත්තිය වේ. සෙසුතන්හි ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.
කථිනසමුට්ඨානං – කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං , අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨිනසමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
දසමසික්ඛාපදං.
දසවන ශික්ෂාපදයයි
ආරාමවග්ගො ඡට්ඨො.
ෂෂ්ඨ ආරාම වර්ගයයි