තතියසික්ඛාපදං
4. 6. 3.
4. 6. 3.
තතියසික්ඛාපදං
තෙවන සිකපදය
1. සාවත්ථිනිදානං - තෙන ඛො පන සමයෙන චණ්ඩකාළී භික්ඛුනී භණ්ඩනකාරිකා හොති කලහකාරිකා විවාදකාරිකා භස්සකාරිකා සඞ්ඝෙ අධිකරණකාරිකා. ථුල්ලනන්දා භික්ඛුනී තස්සා කම්මෙ කයිරමානෙ පටික්කොසෙති. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී ගාමකං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො භික්ඛුනිසඞ්ඝො “ථුල්ලනන්දා භික්ඛුනී පක්කන්තා”ති චණ්ඩකාළිං භික්ඛුනිං ආපත්තියා අදස්සනෙ උක්ඛිපි. ථුල්ලනන්දා භික්ඛුනී ගාමකෙ තං කරණීයං තීරෙත්වා පුනදෙව සාවත්ථිං පච්චාගඤ්ඡි. චණ්ඩකාළී භික්ඛුනී ථුල්ලනන්දාය භික්ඛුනියා ආගච්ඡන්තියා නෙව ආසනං පඤ්ඤපෙසි. න පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපි න පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසි. න පානීයෙන ආපුච්ඡි. ථුල්ලනන්දා භික්ඛුනී චණ්ඩකාළිං භික්ඛුනිං එතදවොච:
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්ෂුණී තොමෝ ඩබරකරන්නී කලහකරන්නී විවාදකරන්නී දොඩමළුකම් කරන්නී සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නී වෙයි. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ඇයට කර්ම කරනු ලබන කල්හි පටහැණි වැ කරුණු කියයි, එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ කිසියම් ඇවැසි කටයුත්තකින් ගමකට ගියා යැ. එකල්හි භික්‍ෂුණීසඞ්ඝ තෙමේ ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ බැහැරැ ගියා යැ යි චණ්ඩකාළී භික්ෂුණියට ඇවැත් නො දැක්මෙහි උකෙව්නීකම් කෙළේ යැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ගමෙහි ඒ ඇවැසි කටයුත්ත තීරණය කොට නැවැතත් සැවැතට පෙරළා අවු යැ. චණ්ඩකාළී භික්ෂුණී තොමෝ එන්නා වූ ථුල්ලනන්දා භික්ෂුණියට අසුන් නො මැ පැනවූ යැ. පාදෝනාදිය දෙවූ පා තබන පුටුව නො දෙවූ පාතබන පුටුව නො මැ එළවා තැබූ යැ. පෙර ගමන් කොට පා සිවුරු නො පිළිගතු යැ. පැනින් නො පිළිවුසූ යැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ චණ්ඩකාළී භික්ෂුණියට මෙය කිවු යැ:
“කිස්ස ත්වං අය්යෙ මයි ආගච්ඡන්තියා නෙව ආසනං පඤ්ඤාපෙසි න පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික්ඛිපි. න පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසි. න පානීයෙන ආපුච්ඡී”ති. “එවං හෙතං අය්යෙ හොති යථා තං අනාථායා”ති. “කිස්ස පන ත්වං අය්යෙ අනාථා”ති. “ඉමා මං අය්යෙ භික්ඛුනියො අයං අනාථා අප්පඤ්ඤාතා නත්ථි ඉමිස්සා කාචි පටිවත්තාති ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසූ”ති. ථුල්ලනන්දා භික්ඛුනී “බාලා එතා අබ්යත්තා එතා නෙතා ජානන්ති කම්මං වා කම්මදොසං වා කම්මවිපත්තිං වා කම්මසම්පත්තිං වාති චණ්ඩීකතා ගණං පරිභාසි.
ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් මා එන කල්හි අසුන් නොමැ පැනවූ, පා දෝනාදිය දෙවූ පා තබන පුටුව නො දෙවූ පා තබන පුටුව නො මැ එළවා තැබුව, පෙර ගමන් කොට පා සිවුරු නො පිළිගතුව, පැනින් නො පිළිවුසුව යි. ආර්‍ය්‍යාවෙනි, මෙය මෙසේ මැ යි. පිළිසරණ නැතියකට මෙනි. ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් පිළිසරණ නැතියෙහි ද? ආර්‍ය්‍යාවෙනි, මේ භික්ෂුණීහු “මෝ තොමෝ පිළිසරණ නැතියකැ අප්‍රසිද්ධ යැ, මැය පිළිබඳ වැ කිසියම් පටහැණි ව කියන්නියක් නැතැ” යි ඇවැත් නො දැක්මෙහි උකෙව්නීකම් කළහ යි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ මෙව්හු බාලයෝ යැ, මෙව්හු අවියත්හු යැ, මෙව්හු කර්මය හෝ කර්මදෝෂය හෝ කර්‍මවිපත්තිය හෝ කර්‍මසම්පත්තිය හෝ නො දනිති යි කළසැඬබව ඇත්තී ගණයා තැති ගැන්වූ යැ.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: අය්යා ථුල්ලනන්දා චණ්ඩීකතා ගණං පරිභාසිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී චණ්ඩීකතා ගණං පරිභාසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී චණ්ඩීකතා ගණං පරිභාසිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ” දැ යි … සැබෑද මහණෙනි, ථුල්ලනන්දා මෙහෙණ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා මෙහෙණ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී චණ්ඩීකතා ගණං පරිභාසෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් කළ සැඬබව ඇත්තී ගණයා තැති ගන්වා නම් පචිති වේ” යි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
චණ්ඩීකතා නාම: කොධනා වුච්චති.
චණ්ඩිකතා නම්: කෝධනාව කියනු ලැබෙයි.
ගණො නාම: භික්ඛුනී සඞ්ඝො වුච්චති.
ගණ නම්: මෙහෙණසඟ කියනු ලැබෙයි.
පරිභාසෙය්යාති: බාලා එතා අබ්යත්තා එතා, නෙතා ජානන්ති කම්මං වා කම්මදොසං වා කම්මවිපත්තිං වා කම්මසම්පත්තිං වාති පරිභාසති ආපත්ති පාචිත්තියස්ස. සම්බහුලා භික්ඛුනියො වා එකභික්ඛුනිං වා අනුපසම්පන්නං වා පරිභාසති ආපත්ති දුක්කටස්ස.
පරිභාසෙය්ය: මෙව්හු බාලයෝ යැ මෙව්හු අවියත්හු යැ මෙව්හු කර්මය හෝ කර්මදෝෂය හෝ කර්ම විපත්තිය හෝ කර්ම සම්පත්තිය හෝ නො දනිති යි තැතිගන්වා නම් පචිති ඇවැත් වෙයි. බොහෝ මෙහෙණන්ට හෝ එක් මෙහෙණකට හෝ අනුපසපනකට හෝ තැති ගන්වා නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අත්ථපුරෙක්ඛාරාය ධම්මපුරෙක්ඛාරාය අනුසාසනිපුරෙක්ඛාරාය උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
අර්ත්ථය පෙරටු කොට කියන්නියට, ධර්මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
තතියසික්ඛාපදං.
තෙවන සිකපදයි.