යෙදුමෙන් කියවන්න

දුතියසික‍්ඛාපදං

4. 6. 2.

4. 6. 2.

දුතියසික‍්ඛාපදං

දෙවන සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා මහාවනෙ විහරති කූටාගාර සාලායං. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො උපාලිස‍්ස උපජ‍්ඣායො ආයස‍්මා කප‍්පිතකො සුසානෙ විහරති. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියානං භික‍්ඛුනීනං මහනත‍්තරා භික‍්ඛුනී කාලකතා හොති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො තං භික‍්ඛුනිං නීහරිත්‍වා ආයස‍්මතො කප‍්පිතකස‍්ස විහාරස‍්ස අවිදූරෙ ඣාපෙත්‍වා ථූපං කත්‍වා ගන‍්ත්‍වා තස‍්මිං ථූපෙ රොදන‍්ති. අථ ඛො ආයස‍්මා කප‍්පිතකො තෙන සද‍්දෙන උබ‍්බාළ‍්හො තං ථූපං භින්‍දිත්‍වා පකිරෙසි. ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො “ඉමිනා කප‍්පිතකෙන අම‍්හාකං අය්‍යාය ථූපො භින‍්නො, හන්‍ද නං ඝාතෙමා”ති, මන‍්තෙසුං. අඤ‍්ඤතරා භික‍්ඛුනී ආයස‍්මතො උපාලිස‍්ස එතමත්‍ථං ආරොචෙසි. ආයස‍්මා උපාලි ආයස‍්මතො කප‍්පිතකස‍්ස එතමත්‍ථං ආරොචෙසි. අථ ඛො ආයස‍්මා කප‍්පිතකො විහාරා නික‍්ඛමිත්‍වා නිලීනො අච‍්ඡි. අථ ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො යෙනායස‍්මතො කප‍්පිතකස‍්ස විහාරො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතො කප‍්පිතකස‍්ස විහාරං පාසාණෙහි ච ලෙඩ‍්ඩූහි ච ඔත්‍ථරාපෙත්‍වා මතො කප‍්පිතකොති පක‍්කමිංසු.

1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ උපාද්ධ්‍යාය වූ ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ සොහොනෙහි වෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණන් අතුරෙහි මහතෙර වූ මෙහෙණ තොමෝ කලුරිය කළා වෙයි. සවග මෙහෙණෝ ඒ මෙහෙණ ගෙන ගොස් ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරයට නුදුරෙහි දවා තුඹක් කොට ගොස් ඒ තුඹ ළඟැ හඬත්. එකල්හි ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ ඒ ශබ්දයෙන් පීඩිත වූවාහු ඒ තුඹ බිඳ විසුරුවාලූහ. සවග මෙහෙණෝ “මේ කප්පිතකයා විසින් අපගේ ආර්‍ය්‍යාවගේ තුඹ බිඳින ලදී. එබැවින් ඔහු නසාලම්හ” යි මන්ත්‍රණය කළාහු යැ. එක්තරා මෙහෙණක් ආයුෂ්මත් උපාලි තෙරුන්ට තෙල කරුණ ඇරොජූහ. ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ට තෙල කරුණ ඇරොජූහ. එකල්හි ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ වෙහෙරින් නික්ම සැඟවී හුන්හ. එකල්හි සවග මෙහෙණෝ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරයට එළඹියහ. එළැඹැ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරය පහණින් ද කැටින් ද වතුරුවා කප්පිතක මෙළේ යැ යි බැහැරැ ගියහ.

2. අථ ඛො ආයස‍්මා කප‍්පිතකො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය වෙසාලිං පිණ‍්ඩාය පාවිසි. අද‍්දසංසු ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ආයස‍්මන‍්තං කප‍්පිතකං පිණ‍්ඩාය චරන‍්තං. දිස‍්වාන එවමාහංසු: “අයං කප‍්පිතකො ජීවති. කො නු ඛො අම‍්හාකං මන‍්තං සංහරී”ති. අස‍්සොසුං ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො “අය්‍යෙන කිර උපාලිනා අම‍්හාකං මන‍්තො සංහටො”ති. තා ආයස‍්මන‍්තං උපාලිං අක‍්කොසිංසු “කථං හි නාම: අයං කාසාවටො මලමජ‍්ජනො නිහීනජච‍්චො අම‍්හාකං මන‍්තං සංහරිස‍්සතී”ති.

2. ඉක්බිති ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරුහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියහ. සවග මෙහෙණෝ පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් කප්පිතක තෙරුන් දැක මෙසේ කීහු. “මේ කප්පිතක තෙමේ ජීවත් වෙයි, කවරෙක් අපගේ මන්ත්‍රණය ගෙන ගියේ දැ”යි. සවග මෙහෙණෝ “ආර්‍ය්‍ය උපාලි තෙරුන් විසින් අපගේ මන්ත්‍රණය ගෙන යන ලදැ” යි ඇසූහු. ඔහු ආයුෂ්මත් උපාලි තෙරුන්ට ආක්‍රෝශ කළහ: කෙසේ නම් මේ කසාවට (කහවත් හැඳ) නැහැවිකම් කළ මලහරන නිහීනජාති ඇතියේ අපගේ මන්ත්‍රණය ගෙන ගියේ දැ” යි.

3. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති:: “කථං හි නාම: ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො අය්‍යං උපාලිං අක‍්කොසිස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො උපාලිං අක‍්කොසන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම: භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො උපාලිං අක‍්කොසිස‍්සන‍්තීති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු::

3. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ උපාලි ආර්‍ය්‍යන්ට ආක්‍රෝශ කොළෝ” දැ යි. … සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ උපාලිහට ආක්‍රෝශ කෙරෙත් දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ උපාලිහට ආක්‍රෝශ කළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී භික‍්ඛුං අක‍්කොසෙය්‍ය වා පරිභාසෙය්‍ය වා, පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් මහණක්හට ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය එළවා නම් හෝ පචිති වේ” යයි.

4. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

4. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

භික‍්ඛුන‍්ති: උපසම‍්පන‍්නං.

භික්ඛුං: උපසපනක්හු.

අක‍්කොසෙය්‍ය වාති: දසහි වා අක‍්කොසවත්‍ථූහි අක‍්කොසති එතෙසං වා අඤ‍්ඤතරෙන ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අක්කෝසෙය්‍යවා: දශආක්‍රොශවස්තුවෙන් හෝ ඔවුනතුරෙන් එක්තරයකින් හෝ ආක්‍රෝශ කෙරේ නම් පචිති ඇවැත් වෙයි.

පරිභාසෙය්‍ය වාති: භයං උපදංසෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පරිභාසෙය්‍ය වා: බිය දක්වා නම් පචිති ඇවැත් වේ.

උපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤා අක‍්කොසති වා පරිභාසති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ වෙමතිකා අක‍්කොසති වා පරිභාසති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤා අක‍්කොසති වා පරිභාසති වා, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියා ආක්‍රෝශ කෙරේ නම් හෝ බය දක්වා නම් හෝ පචිති ඇවැත් වෙයි, උපසපනක්හු කෙරෙහි විමති ඇතියා ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ පචිති ඇවැත් වෙයි, උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ පචිති ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නං අක‍්කොසති වා පරිභාසති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස.

අනුපසපනක්හට ආක්‍රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අත්‍ථපුරෙක‍්ඛාරාය ධම‍්මපුරෙක‍්ඛාරාය අනුසාසනිපුරෙක‍්ඛාරාය උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අර්‍ත්‍ථය පෙරටු කොට කියන්නියට, ධර්‍මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට … ආදි කම්මිකාවට ඇවැත් නැති.

දුතියසික‍්ඛාපදං.

දෙවන සිකපද යි.