පඨමසික්ඛාපදං
4. 6. 1.
4. 6. 1.
පඨමසික්ඛාපදං
පළමු සිකපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ගාමකාවාසෙ එකචීවරා චීවරකම්මං කරොන්ති. භික්ඛුනියො අනාපුච්ඡා ආරාමං පවිසිත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමිංසු. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති:: “කථං හි නාම: භික්ඛුනියො අනාපුච්ඡා ආරාමං පවිසිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො අනාපුච්ඡා ආරාමං පවිසන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම: භික්ඛවෙ භික්ඛුනියො අනාපුච්ඡා ආරාමං පවිසිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩැවෙසෙති. එ සමයෙහි වනාහි බොහෝ භික්ෂූහු ගම්බද අවසෙක්හි එක් සිවුරක් ඇතියාහු සිවුරුකම් කෙරෙත්. මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිස ඒ භික්ෂූන් වෙත එළඹියහ. භික්ෂූහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසියාහු දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී අනාපුච්ඡා ආරාමං පවිසෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. තෙන ඛො පන සමයෙන තෙ භික්ඛූ තම්හා ආවාසා පක්කමිංසු. භික්ඛුනියො “අය්යා පක්කන්තා”ති ආරාමං නාගමිංසු අථ ඛො තෙ භික්ඛූ පුනදෙව තං ආවාසං පච්චාගච්ඡිංසු. භික්ඛුනියො ‘අය්යා ආගතා’ති ආපුච්ඡා ආරාමං පවිසිත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො තෙ භික්ඛූ එතදවොචුං:: “කිස්ස තුම්හෙ භගිනියො ආරාමං නෙව සම්මජ්ජිත්ථ. න පානීයං පරිභොජනීයං උපට්ඨාපිත්ථා”ති. භගවතා අය්යා සික්ඛාපදං පඤ්ඤත්තං හොති “න අනාපුච්ඡා ආරාමො පවිසිතබ්බො”ති. තෙන මයං න ආගමිම්හාති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ සන්තං භික්ඛුං ආපුච්ඡා ආරාමං පවිසිතුං.” එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
2. එ සමයෙහි වනාහි ඒ භික්ෂූහු ඒ අවසින් බැහැරැ ගියහ. මෙහෙණෝ ආර්‍ය්‍යයෝ බැහැරැ ගියාහ යි අරමට නො පැමිණියහ. එකල්හි ඒ භික්ෂූහු යළිත් ඒ අවසට පෙරළා ආහ. මෙහෙණෝ ආර්‍ය්‍යයෝ ආවාහ යි පිළිවිසැ අරමට පිවිස ඒ භික්ෂූන් වෙත එළඹියහ. එළැඹැ ඒ භික්ෂූන් වැඳ එකත් පසෙකැ සිටියහ. එකත් පසෙකැ සිටියාවූ ඒ මෙහෙණන්ට ඒ භික්ෂූහු මෙය කීහු: ‘බුහුනෙනි, තෙපි කුමක් හෙයින් අරම නො මැ හැමදූහු ද? පැන් හා පිරිබෝදිය නො මැ එළවා තැබූහු දැ’යි. ආර්‍ය්‍යයෙනි, භාග්‍යවතුන් විසින් ‘නො පිළිවිසැ අරමට නො පිවිසියයුතු’ යැ යි සිකපදයෙක් පනවන ලදී. එහෙයින් අපි නො පැමිණියම්හ යි. භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු … ‘මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ අරමට පිවිසෙන්නට අනුදනිමි’යි. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. තෙන ඛො පන සමයෙන තෙ භික්ඛූ තම්හා ආවාසා පක්කමිත්වා පුනදෙව තං ආවාසං පච්චාගච්ඡිංසු. භික්ඛුනියො – “අය්යා පක්කන්තා”ති අනාපුච්ඡා ආරාමං පවිසිංසු. තාසං කුක්කුච්චං අහොසි භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං “න සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමො පවිසිතබ්බො”ති. මයඤ්චම්හා සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසිම්හා. කච්චිනුඛො මයං පාචිත්තියං ආපත්තිං ආපන්නාති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු::
3. එසමයෙහි වනාහි ඒ භික්ෂූහු ඒ අවසින් බැහැරැ ගොස් නැවතත් ඒ මැ අවසට පෙරළා ආහ. මෙහෙණෝ ආර්‍ය්‍යයෝ බැහැරැ ගියාහු යයි නො පිළිවිසැ අරමට පිවිසියහ. ඒ මෙහෙණන්ට කුකුසෙක් විය, භාග්‍යවතුන් විසින් ‘ඇති මහණක්හු නො පිළිවිසැ අරමට නො පිවිසියයුතු ය’යි සිකපදයෙක් පනවන ලදී. අපි ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසියෙමු. කිම? අපි පචිති ඇවැතට පැමිණියමෝ දැ යි. භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී ජානං සභික්ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් දැන දැන මහණුන් සහිත අරමකට නො පිළිවිසැ පිවිසේ නම් පචිති වේ” යයි.
4. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
4. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණිය යි.
ජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්සා ආරොචෙන්ති තෙ වා ආරොචෙන්ති.
ජානාති නම්: තොමෝ හෝ දනියි. අන්හු හෝ ඇයට ඇරොජති. ඔහු හෝ ඇරොජත්.
සභික්ඛුකො ආරාමො නාම: යත්ථ භික්ඛූ රුක්ඛමූලෙපි වසන්ති.
සභික්ඛුක ආරාම නම්: යම් තැනෙක රුක්මුලෙක්හු දු මහණෝ වෙසෙත් ද ඒ අරම.
අනාපුච්ඡා ආරාමං පවිසෙය්යාති: භික්ඛුං වා සාමණෙරං වා ආරාමිකං වා අනාපුච්ඡා පරික්ඛිත්තස්ස ආරාමස්ස පරික්ඛෙපං අතික්කාමෙන්තියා ආපත්ති පාචිත්තියස්ස. අපරික්ඛිත්තස්ස ආරාමස්ස උපචාරං ඔක්කමන්තියා ආපත්ති පාචිත්තියස්ස.
අනාපුච්ඡා ආරාමං පවිසෙය්ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො පිළිවිසැ පිරිකෙව් කළ අරම්හි පරික්ෂේපය ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. නො පිරිකෙව් කළ අරම්හි උවසරට බසින්නියට පචිති ඇවැත් වේ.
සභික්ඛුකෙ සභික්ඛුකසඤ්ඤා සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසති ආපත්ති පාචිත්තියස්ස. සභික්ඛුකෙ වෙමතිකා සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසති ආපත්ති දුක්කටස්ස. සභික්ඛුකෙ අභික්ඛුකසඤ්ඤා සන්තං භික්ඛුං අනාපුච්ඡා ආරාමං පවිසති අනාපත්ති:.
භික්ෂුසහිතයෙහි භික්ෂුසහිත සංඥා ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති ඇවැත් වෙයි. භික්ෂුසහිතයෙහි විමති ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් දුකුළා ඇවැත් වෙයි. භික්ෂුසහිතයෙහි භික්ෂුරහිතසංඥා ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් ඇවැත් නැති.
අභික්ඛුකෙ සභික්ඛුකසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අභික්ඛුකෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අභික්ඛුකෙ අභික්ඛුකසඤ්ඤා අනාපත්ති:.
භික්ෂුරහිතයෙහි භික්ෂුසහිතසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. භික්ෂුසහිතයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. භික්ෂු රහිතයෙහි භික්ෂුරහිතසංඥා ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: සන්තං භික්ඛුං ආපුච්ඡා පවිසති අසන්තං භික්ඛුං අනාපුච්ඡා පවිසති සීසානුලොකිකා ගච්ඡති, යත්ථ භික්ඛුනියො සන්නිපතිතා හොන්ති, තත්ථ ගච්ඡති ආරාමෙන මග්ගො හොති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
ඇති මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම්, හිස අනුව බලමින් යේ නම්, යම් තැනෙකැ මෙහෙණෝ රැස්වූවාහු වෙත් ද එහි යේ නම්. අරම්හි මඟ වේ නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පඨමසික්ඛාපදං.
පළමු සිකපද යි.