යෙදුමෙන් කියවන්න

පඤ‍්චමසික‍්ඛාපදං

4. 6. 5.

4. 6. 5.

පඤ‍්චමසික‍්ඛාපදං

පස්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා භික‍්ඛුනී සාවත්‍ථියං අඤ‍්ඤතරිස‍්සා විසිඛාය පිණ‍්ඩාය චරමානා යෙන අඤ‍්ඤතරං කුලං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො තෙ මනුස‍්සා තං භික‍්ඛුනිං භොජෙත්‍වා එතදවොචුං:: “අඤ‍්ඤාපි අය්‍යෙ භික‍්ඛුනියො ආගච‍්ඡන‍්තූ”ති. අථ ඛො සා භික‍්ඛුනී “කථං හි නාම: භික‍්ඛුනියො නාගච‍්ඡෙය්‍යු”න‍්ති භික‍්ඛුනියො උපසඞ‍්කමිත්‍වා එතදවොච: “අමුකස‍්මිං, අය්‍යෙ ඔකාසෙ වාළා සුනඛා චණ‍්ඩො බලිවද‍්දො චික‍්ඛල‍්ලො ඔකාසො, මා ඛො තත්‍ථ අගමිත්‍ථාති. අඤ‍්ඤතරාපි භික‍්ඛුනී තස‍්සා විසිඛාය පිණ‍්ඩාය චරමානා යෙන තං කුලං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො තෙ මනුස‍්සා තං භික‍්ඛුනිං භොජෙත්‍වා එතදවොචුං: “කිස‍්ස අය්‍යෙ භික‍්ඛුනියො න ආගච‍්ඡන‍්තී”ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් සැවැතැ එක්තරා වීථියෙකැ පිඬු පිණිස හැසිරෙන්නී එක්තරා කුලයක් වෙත එළඹියා යැ. එළැඹැ පැන වූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්‍ය්‍යාවෙනි, අන් මෙහෙණෝ ද එත්වා” යි. එකල්හි ඒ මෙහෙණ කෙසේ නම් මෙහෙණෝ නො එන්නාහු දැ යි මෙහෙණන් වෙත එළැඹැ මෙය කිවූ යැ. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පෙදෙසෙහි ව්‍යාලශුනකයෝ යැ, සැඩ ගොන් යැ, මඬපියෙස් යැ. එහි නහමක් යව යි. එක්තරා මෙහෙණක් තොමෝත් ඒ වීථියෙහි පිඬු පිණිස හැසිරෙන්නී ඒ කුලය වෙත එළඹියා යැ. එළැඹැ පැනවූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් මෙහෙණෝ නො එත් දැ” යි.

2. අථ ඛො සා භික‍්ඛුනී තෙසං මනුස‍්සානං එතමත්‍ථං ආරොචෙසි. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති:: “කථං හි නාම: භික‍්ඛුනී කුලං මච‍්ඡරායිස‍්සතී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනී කුලං මච‍්ඡරායතීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම: භික‍්ඛවෙ භික‍්ඛුනී කුලං මච‍්ඡරායිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු::

2. එකල්හි ඒ මෙහෙණ ඒ මිනිසුන්හට තෙල කරුණ ඇරොජූ යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කෙරේ දැයි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී කුලමච‍්ඡරිනී අස‍්ස පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් වනාහි කුල මසුරුකම් කරනසුලු වූවා වේ නම් පචිති වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

කුලං නාම: චත‍්තාරි කුලානි. ඛත‍්තිය කුලං බ්‍රාහ‍්මණ කුලං වෙස‍්සකුලං සුද‍්දකුලං.

කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ, බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.

මච‍්ඡරිනී අස‍්සාති: “කථං භික‍්ඛුනියො නාගච‍්ඡෙය්‍යුන‍්ති. භික‍්ඛුනීනං සන‍්තිකෙ කුලස‍්ස අවණ‍්ණං භණති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. කුලස‍්ස වා සන‍්තිකෙ භික‍්ඛුනීනං අවණ‍්ණං භණති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

මච්ඡරිනී අස්ස: කෙසේ මෙහෙණෝ නො එන්නාහු දැ යි මෙහෙණන් වෙත කුලය පිළිබඳ නුගුණ කියා නම් පචිති ඇවැත් වෙයි. කුලය වෙත හෝ මෙහෙණන් පිළිබඳ නුගුණ කියා නම් පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: කුලං න මච‍්ඡරායන‍්තී සන‍්තං යෙව ආදීනවං ආචික‍්ඛති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

කුලයට මසුරුකම් නො කරන්නී ඇති මැ දොසක් කියා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.

පඤ‍්චමසික‍්ඛාපදං.

පස්වන සිකපද යි.