යෙදුමෙන් කියවන්න

අට‍්ඨමසික‍්ඛාපදං

4. 6. 8.

4. 6. 8.

අට‍්ඨමසික‍්ඛාපදං

අටවන සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඔවදන‍්ති. භික‍්ඛුනියො ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො එතදවොචුං: “එථ’ය්‍යෙ ඔවාදං ගමිස‍්සාමා”ති. යම‍්පි මයං අය්‍යෙ ගච‍්ඡෙය්‍යාම ඔවාදස‍්ස කාරණා අය්‍යා ඡබ‍්බග‍්ගියා ඉධෙව අම‍්හෙ ඔවදන‍්තීති. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම: ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඔවාදං න ගච‍්ඡිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඔවාදං න ගච‍්ඡන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම: භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඔවාදං න ගච‍්ඡිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වතැ නුගඅරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ මෙහෙණ වරට එළැඹැ සවග මෙහෙණන්ට අවවාද කෙරෙති. මෙහෙණෝ සවග මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, එවු, අවවාදයට යම්හයි. ආර්‍ය්‍යාවෙනි, අපි යම් තැනකටදු අවවාද හේතුවෙන් යන්නමෝ නම් සවග ආර්‍ය්‍යයෝ මෙහි මැ අපට අවවාද කෙරෙති යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු දැ” යි … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො යෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී ඔවාදාය වා සංවාසාය වා න ගච‍්ඡෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝපවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යේ නම් පචිති වේ” යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.

ඔවාදො නාම: අට‍්ඨ ගරුධම‍්මා.

ඕවාද නම්: අෂ්ට ගරුධර්‍මයෝ යැ.

සංවාසා නාම: එකකම‍්මං එකුද‍්දෙසො සමසික‍්ඛතා. ඔවාදාය වා සංවාසාය වා න ගච‍්ඡිස‍්සාමීති ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සංවාස නම්: ඒකකර්‍ම යැ, ඒකෝද්දේශ යැ, සමශික්‍ෂතා යැ, ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝ පවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: සති අන‍්තරායෙ, පරියෙසිත්‍වා දුතියිකං භික‍්ඛුනිං න ලභති, ගිලානාය ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනතුරක් ඇති කල්හි, සොයා දෙවැනි මෙහෙණක නො ලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.

අට‍්ඨමසික‍්ඛාපදං.

අටවන සිකපද යි.