යෙදුමෙන් කියවන්න

නවමසික‍්ඛාපදං

4. 6. 9.

4. 6. 9.

නවමසික‍්ඛාපදං

නවවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො උපොසථම‍්පි න පුච‍්ඡන‍්ති ඔවාදම‍්පි න යාචන‍්ති. භික‍්ඛූ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම: භික‍්ඛුනියො උපොසථම‍්පි න පුච‍්ඡිස‍්සන‍්ති ඔවාදම‍්පි න යාචිස‍්සන‍්තී”ති, -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො උපොසථම‍්පි න පුච‍්ඡන‍්ති ඔවාදම‍්පි න යාචන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම: භික‍්ඛවෙ භික‍්ඛුනියො උපොසථම‍්පි න පුච‍්ඡිස‍්සන‍්ති ඔවාදම‍්පි න යාචිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පොහොය ද නො පිළිවිසිති. අවවාදය ද නො යදිත්. භික්‍ෂුහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පොහොයත් නො පිළිවුසූහු ද? අවවාදයත් නො යැදූහු දැ යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ පොහොයත් නො පිළිවිසිත් ද අවවාදත් නො යදිත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පොහොයත් නො පිළිවුසූහු ද? අවවාදයත් නො යැදූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“අන්‍වද‍්ධමාසං භික‍්ඛුනියා භික‍්ඛුසඞ‍්ඝතො ද‍්වෙ ධම‍්මා පච‍්චාසිංසිතබ‍්බා – උපොසථපුච‍්ඡකඤ‍්ච ඔවාදූපසංකමනඤ‍්ච තං අතික‍්කාමෙන‍්තියා පාචිත‍්තිය”න‍්ති.

“අඩමසක් පාසා මෙහෙණක විසින් භික්‍ෂුසඞ්ඝයා වෙතින් පොහොය පිළිවිසීම ද අවවාදය පිණිස එළඹීම දැ යි දෙදහම්හු බලාපොරොත්තු විය යුත්තාහ. එය ඉක්මවන්නියට පචිති වේ” යයි.

2. අන්‍වද‍්ධමාසන‍්ති: අනුපොසථිකං.

2. අනවද්ධමාසං: පොහොයක් පාසා.

උපොසථො නාම: ද‍්වෙ උපොසථා ;චාතුද‍්දසිකො ච පන‍්නරසිකො ච.

උපෝසථ නම්: තුදුස්වක යැ, පසළොස්වක දැ යි දෙ පොහොයකි.

ඔවාදො නාම: අට‍්ඨගරුධම‍්මා. උපොසථම‍්පි න පුච‍්ඡිස‍්සාමි ඔවාදම‍්පි න යාචිස‍්සාමීති ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ඕවාද නම්: අෂ්ටගරුධර්‍මයෝ යැ. පොහොයත් නොපිළිවිසින්නෙමි. අවවාදයත් නො යදින්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: සති අන‍්තරායෙ, පරියෙසිත්‍වා දුතියිකං භික‍්ඛුනිං න ලභති, ගිලානාය, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනතුරක් ඇති කල්හි, සොයා දෙවන මෙහෙණක නො ලබා නම්, ගිලන් වූවාට, ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.

නවමසික‍්ඛාපදං.

නවවන සිකපද යි.