දසමසික‍්ඛාපදං
4. 6. 10.
4. 6. 10.
දසමසික‍්ඛාපදං
දසවන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා භික‍්ඛුනී පසාඛෙ ජාතං ගණ‍්ඩං පුරිසෙන සද‍්ධිං එකෙනෙකා භෙදාපෙසි. අථ ඛො සො පුරිසො තං භික‍්ඛුනිං දූසෙතුං උපක‍්කමි. සා විස‍්සරමකාසි, භික‍්ඛුනියො උපධාවිත්‍වා තං භික‍්ඛුනිං එතදවොචුං: “කිස‍්ස ත්‍වං අය්‍යෙ විස‍්සරමකාසීති. අථ ඛො සා භික‍්ඛුනී භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඩක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ මෙහෙණ දූෂණය කරන්නට වෑයම් කෙළේ යැ. ඕ තොමෝ වියරුහඬක් කළා යැ. මෙහෙණෝ වෙතැ දුවැ අවුත් ඒ මෙහෙණට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් තෝ වියරුහඬක් කෙළෙහි දැ යි. එකල්හි ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම: භික‍්ඛුනී පසාඛෙ ජාතං ගණ‍්ඩං පුරිසෙන සද‍්ධිං එකෙනෙකා භෙදාපෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී පසාඛෙ ජාතං ගණ‍්ඩං පුරිසෙන සද‍්ධිං එකෙනෙකා භෙදාපෙසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම:,භික‍්ඛවෙ භික‍්ඛුනී පසාඛෙ ජාතං ගණ‍්ඩං පුරිසෙන සද‍්ධිං එකෙනෙකා භෙදාපෙස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳ වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී පසාඛෙ ජාතං ගණ‍්ඩං වා රුහිතං වා අනපලොකෙත්‍වා සඞ‍්ඝං වා ගණං වා පුරිසෙන සද‍්ධිං එකෙනෙකා භෙදාපෙය්‍ය වා ඵාලාපෙය්‍ය වා ධොවාපෙය්‍ය වා ආලිම‍්පාපෙය්‍ය වා බන්‍ධාපෙය්‍ය වා මොචාපෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හෝ වණයක් හෝ සඞ්ඝයා හෝ ගණයා හෝ නො පිළිවිසැ හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවා නම් හෝ පළවා නම් හෝ දොවවා නම් හෝ අලෙව් දෙවා නම් හෝ බඳවා නම් හෝ මුදවා නම් හෝ පචිති වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පසාඛං නාම: අධොනාභි උබ‍්භජාණුමණ‍්ඩලං.
පසාඛ නම්: නැබෙන් යට දණමඬලෙන් මතු.
ජාතන‍්ති: තත්‍ථ ජාතං.
ජාතං: එහි හටගත්.
ගණ‍්ඩො නාම: යො කොචි ගණ‍්ඩො.
ගණ්ඩ නම්: යම්කිසි ගඬෙකි.
රුහිතං නාම: යං කිඤ‍්චි වණං.
රුහිත නම්: යම්කිසි වණයෙකි.
අනපලොකෙත්‍වාති අනාපුච‍්ඡා.
අනපලෝකෙත්‍වා: නො පිළිවිසැ.
සඞ‍්ඝො නාම: භික‍්ඛුනිසඞ‍්ඝො වුච‍්චති.
සඞ්ඝ නම්: භික්‍ෂුණී සඞ්ඝ තෙමේ කියනු ලැබේ.
ගණො නාම: සම‍්බහුලා භික‍්ඛුනියො වුච‍්චන‍්ති.
ගණ නම්: බොහෝ මෙහෙණෝ කියනු ලැබෙත්.
පුරිසො නාම: මනුස‍්සපුරිසො. න යක‍්ඛො න පෙතො න තිරච‍්ඡානගතො විඤ‍්ඤූ පටිබලො දූසෙතුං.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යකෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසනෙක් නො වෙයි. දූෂණය කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
සද‍්ධින‍්ති: එකතො.
සද්ධිං: එක් වැ.
එකෙනෙකාති: පුරිසො චෙව හොති භික‍්ඛුනී ච.
එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වේ.
භින්‍දාති ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. භින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ඵාලෙහීති ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. ඵාලිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධොවාති ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. ධොවිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ආලිම‍්පාති ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. ලිත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. බන්‍ධාහීති ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. බද‍්ධෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මොචෙහීති ආණාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. මුත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
‘බිඳුවයි’ අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බුන් කල්හි පචිති ඇවැත් වෙයි. ‘පළව’යි යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. පැළුණු කල්හි පචිති ඇවැත් වෙයි. ‘දොවව’යි යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දෙවූ කල්හි පචිති ඇවැත් වෙයි. ‘ආලේපනය කරව’යි. අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ආලේපනය කළ කල්හි පචිති ඇවැත් වෙයි. ‘බඳුව’ යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බැඳි කල්හි පචිති ඇවැත් වෙයි. ‘මුදව’ යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මිදුණු කල්හි පචිති ඇවැත් වේ.
අනාපත‍්ති: අපලොකෙත්‍වා භෙදාපෙති වා ඵාලාපෙති වා ධොවාපෙති වා ආලිම‍්පාපෙති වා බන්‍ධාපෙති වා මොචාපෙති වා, යා කාචි විඤ‍්ඤූ දුතියිකා හොති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
පිළිවිසැ බිඳුවා නම්, හෝ පළවා නම් හෝ දොවවා නම් හෝ ආලේප කරවා නම් හෝ බඳවා නම් හෝ මුදවා නම් හෝ යම්කිසි නුවණැති දෙවැන්නක් වේ නම් ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසමසික‍්ඛාපදං.
දසවන සිකපද යි.
ආරාමවග‍්ගො ඡට‍්ඨො.
ෂෂ්ඨ ආරාම වර්‍ග යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
ආරාමක‍්කොස චණ‍්ඩී ච - භුඤ‍්ජෙය්‍ය කුලමච‍්ඡරී, වස‍්සපවාරණොවාදා - ද‍්වෙ ධම‍්මා පසාඛෙන චාති.
ආරාම යැ අක්කෝස යැ චණ්ඩිකත යැ භුඤ්ජන යැ කුලමච්ඡරී යැ වස්ස යැ පවාරණ යැ ඕවාද යැ ද්වෙ ධම්ම යැ පාසාඛයෙන් දැ යි වර්‍ගය වේ.