පඨමසික්ඛාපදං
4. 7. 1.
4. 7. 1.
පඨමසික්ඛාපදං
පළමු සිකපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙන්ති. සා පිණ්ඩාය චරති. මනුස්සා එවමාහංසු: දෙථ අය්යාය භික්ඛං ගරුභාරා අය්යාති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො ගබ්භිනිං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එ සමයෙහි වනාහි මෙහෙණෝ ගැබිනිය උපසපන් කරවත්. ඕතොමෝ පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු මෙසේ කීහු: ආර්‍ය්‍යාවට පිඬු දෙවු, ආර්ය්යා තොමෝ ගැබ්බර ඇත්තී යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු දැ”යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවත් දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ ගැබිනියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී ගබ්භිනිං වුට්ඨාපෙය්ය, පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් ගැබිනියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම්, යම් බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
ගබ්භිනී නාම: ආපන්නසත්තා වුච්චති.
ගබ්භිනී නම්: පිළිසිඳගත් දරු ඇත්තී කියනු ලැබේ.
වුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවන්නේ යැ.
වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි දුක්කටා, කම්මවාචා පරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරියක හෝ පාත්‍රය හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියෙතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
ගබ්භිනියා ගබ්භිනිසඤ්ඤා වුට්ඨාපෙති, ආපත්ති පාචිත්තියස්ස. ගබ්භිනියා වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති දුක්කටස්ස. ගබ්භිනියා අගබ්භිනිසඤ්ඤා වුට්ඨාපෙති අනාපත්ති.
ගැබිනිය කෙරෙහි ගැබිනිසන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ගැබිනිය කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. ගැබිනිය කෙරෙහි නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
අගබ්භිනියා ගබ්භිනිසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අගබ්භිනියා වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අගබ්භිනියා අගබ්භිනි සඤ්ඤා අනාපත්ති:.
නො ගැබිනිය කෙරෙහි ගැබිනිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ගැබිනිය කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ගැබිනිය කෙරෙහි නො ගැබිනිසන් ඇතියා නම් ඇවැත් නැති.
6. අනාපත්ති: ගබ්භිනිං අගබ්භිනිසඤ්ඤා වුට්ඨාපෙති අගබ්භිනිං අගබ්භිනිසඤ්ඤා වුට්ඨාපෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
6. ගැබිනිය නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම්, නො ගැබිනිය නො ගැබිනි සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පඨමසික්ඛාපදං.
පළමු සිකපද යි.