දුතියසික‍්ඛාපදං
4. 7. 2.
4. 7. 2.
දුතියසික‍්ඛාපදං
දෙවන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො පායන‍්තිං වුට‍්ඨාපෙන‍්ති. සා පිණ‍්ඩාය චරති. මනුස‍්සා එවමාහංසු දෙථ අය්‍යාය භික‍්ඛං සදුතියිකා අය්‍යාති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො පායන‍්තිං වුට‍්ඨාපෙස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම භික‍්ඛුනියො පායන‍්තිං වුට‍්ඨාපෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො පායන‍්තිං වුට‍්ඨාපෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො පායන‍්තිං වුට‍්ඨාපෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවති. ඕතොමෝ පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු මෙසේ කීහු: ‘ආර්‍ය්‍යාවට පිඬු දෙවු, ආර්‍ය්‍යා තොමෝ දෙවැන්නකු ඇත්තී’යැ යි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නියක උපසපන් කරවූහු දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවත් දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී පායන‍්තිං වුට‍්ඨාපෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් කිරි පොවන්නිය උපසපන් කරවා නම් පචිති වේ”යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පායන‍්තී නාම: මාතා වා හොති ධාති වා.
පායන්තී නම්: මව හෝ වෙයි, කිරිමව හෝ වෙයි.
වුට‍්ඨාපෙය්‍යාති: උපසම‍්පාදෙය්‍ය.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
වුට‍්ඨාපෙස‍්සාමීති ගණං වා ආචරිනිං වා පත‍්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම‍්මන‍්නති ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤත‍්තියා දුක‍්කටං ද‍්වීහි කම‍්මවාචාහි දුක‍්කටා, කම‍්මවාචා පරියොසානෙ උපජ‍්ඣායාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස, ගණස‍්ස ච ආචරිනියා ච ආපත‍්ති දුක‍්කටස‍්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
පායන‍්තියා පායන‍්තිසඤ‍්ඤා වුට‍්ඨාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පායන‍්තියා වෙමතිකා වුට‍්ඨාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. පායන‍්තියා අපායන‍්තිසඤ‍්ඤා වුට‍්ඨාපෙති අනාපත‍්ති:.
කිරිපොවන්නිය කෙරෙහි කිරිපොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි කිරිනොපොවන්නීසන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
අපායන‍්තියා පායන‍්තිසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අපායන‍්තියා වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අපායන‍්තියා අපායන‍්තිසඤ‍්ඤා අනාපත‍්ති:.
කිරිපොවන්නිය කෙරෙහි කිරිපොවන්නී සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කිරි නො පොවන්නිය කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කිරි නො පොවන්නිය කෙරෙහි කිරි නො පොවන්නී සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත‍්ති: පායන‍්තිං අපායන‍්තිසඤ‍්ඤා වුට‍්ඨාපෙති, අපායන‍්තිං අපායන‍්තිසඤ‍්ඤා වුට‍්ඨාපෙති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
කිරිපොවන්නිය කිරි නො පොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම්, කිරි නො පොවන්නිය කිරි නො පොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දුතියසික‍්ඛාපදං.
දෙවන සිකපද යි.