තතියසික්ඛාපදං
4. 7. 3.
4. 7. 3.
තතියසික්ඛාපදං
තෙවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙන්ති. තා බාලා හොන්ති අබ්යත්තා. න ජානන්ති කප්පියං වා අකප්පියං වා. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා -පෙ- ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “අනුජානාමි භික්ඛවෙ සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දාතුං”. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා. තාය සික්ඛමානාය සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො, අහං අය්යෙ ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය සික්ඛමානා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා. බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට භික්ෂූන් ඇමැතූ සේක. ‘මහණෙනි, හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ඒ හික්මනුව විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරු සඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්ය්යාවගේ හික්මනු වූ මෙනම් ඇති මම දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය සඞ්ඝයාගෙන් යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවන වට දු යැදිය යුතු යි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය සික්ඛමානා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දදෙය්ය, එසා ඤත්ති.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්ය්යාවගේ හික්මනු වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නේ යැ. මේ ඤත්ති යි.
“සුණාතු මෙ අය්යෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමාය අය්යාය සික්ඛමානා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති, සඞ්ඝො ඉත්ථන්නාමාය සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතියා දානං, සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය සික්ඛමානාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුති, ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්ය්යාවගේ හික්මනු වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමි”යි.
සා සික්ඛමානා එවං වදෙහීති වත්තබ්බා: පාණාතිපාතා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි. අදින්නාදානා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි. අබ්‍රහ්මචරියා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි. මුසාවාදා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි. සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි. විකාලභොජනා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමීති. අථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්චපන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
ඒ හික්මනු තොමෝ මෙසේ කියව යි කිය යුත්තී යැ. පණිවායෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. අයිනාදනින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. අබ්රම්සරින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. මුසවායෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. විකල් බොජුනෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
ද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්;
අසික්ඛිතසික්ඛා නාම: සික්ඛා වා න දින්නා හොති, දින්නා වා සික්ඛා කුපිතා.
අසික්ඛිතසික්ඛා නම්: සික හෝ නො දෙන ලද්දී වෙයි. දෙන ලද සික කිපියා හෝ වෙයි.
වුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා, කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
ධර්‍මකර්‍මයෙහි ධර්මකර්ම සංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සික්මනුවක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තතියසික්ඛාපදං.
තෙවන සිකපද යි.