චතුත්ථසික්ඛාපදං
4. 7. 4.
4. 7. 4.
චතුත්ථසික්ඛාපදං
සතරවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්ති. භික්ඛුනියො එවමාහංසු: “එථ සික්ඛමානා ඉමං ජානාථ, ඉමං දෙථ, ඉමං ආහරථ, ඉමිනා අත්ථො, ඉමං කප්පියං කරොථා”ති. තා එවමාහංසු: “න මයං අය්යෙ සික්ඛමානා භික්ඛුනියො මය”න්ති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙස්සන්තීති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ, ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුතිං දාතුං” එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බා. තාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං අය්යෙ ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා, සික්ඛමානා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා. බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවත්. මෙහෙණෝ මෙසේ කීහු: “එවු හික්මනුවෙනි, මෙය දනිවු, මෙය දෙවු, මෙය ගෙන එවු, මෙයින් ප්‍රයෝජන යැ, මෙය කැප කරවු” යයි. ඔහු මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ”යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක. මහණෙනි, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙන්නට අනුදනිමි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති ඒ හික්මනුව විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරු සඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හික්මනු වූ මෙ නම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතුයැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සික්ඛමානා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුතිං දදෙය්ය, එසා ඤත්ති.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති මේ හික්මනු තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙන්නේ යැ. මේ ඤත්තී යැ.
සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා සික්ඛමානා සඞ්ඝං වුට්ඨානසම්මුතිං යාචති, සඞ්ඝො ඉත්ථන්නාමාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුතියා දානං. සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය වුට්ඨානසම්මුති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති මේ හික්මනු තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙයි. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හික්මනුවට සඞ්ඝයා විසින් වුට්ඨානසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමියි.
අථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
ද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
සික්ඛිතසික්ඛා නාම: ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
සික්ඛිතසික්ඛා නම්: සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇත්තී යැ.
අසම්මතා නාම: ඤත්ති දුතියෙන කම්මෙන වුට්ඨානසම්මුති න දින්නාහොති.
අසම්මතා නම්: ඥප්ති ද්විතීය කර්මයෙන් වුට්ඨානසම්මුතිය නො දෙන ලදුවා වෙයි.
වුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචා පරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන සම්මතං වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත කරන ලද හික්මනුවක උපසපන් කරවා නම් ඇවැත් නැති. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
චතුත්ථසික්ඛාපදං.
සතරවන සිකපද යි.