යෙදුමෙන් කියවන්න

ගබ‍්භිනිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

7. ගබ්භිනීවර්‍ගය

පඨමසික‍්ඛාපදවණ‍්ණනා

පළමු සිකපද වර්ණනාව

ගබ‍්භිනිවග‍්ගස‍්ස පඨමසික‍්ඛාපදෙ – ආපන‍්නසත‍්තාති කුච‍්ඡිපවිට‍්ඨසත‍්තා.

ගර්භිණි වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “ආපන්නසත්තා” කුසට පිවිස සත්ත්‍වයන් ඇත්තී.

පඨමසික‍්ඛාපදං.

පළමුවන ශික්‍ෂාපදයයි.

දුතියසික‍්ඛාපදවණ‍්ණනා

දෙවන සිකපද වර්ණනාව

දුතියෙ – පායන‍්තින‍්ති ථඤ‍්ඤං පායමානං. මාතා වා හොතීති යං දාරකං පායෙති, තස‍්ස මාතා වා හොති ධාති වා. සෙසං උත‍්තානමෙව. උභයම‍්පි තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ද්විතීය ශික්‍ෂාපදයෙහි - “පායන්තිං” කිරි පොවන්නිය. “මාතා වා හොති” දරුහට යමක් පොවාද, ඒ දරුගේ මවු හෝ වේද, “ධාතී වා” කිරිමවු හෝ වේද, සෙස්ස ප්‍රකටමය. ප්‍රථම ද්විතීය ශික්‍ෂාපද දෙකම ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

දුතියසික‍්ඛාපදං.

දෙවන ශික්‍ෂාපදයයි

තතියසික‍්ඛාපදවණ‍්ණනා

තෙවන සිකපද වර්ණනාව

තතියෙ – සික‍්ඛාසම‍්මුතිං දාතුන‍්ති කස‍්මා දාපෙසි? “මාතුගාමො නාම ලොලො හොති ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු අසික‍්ඛිත්‍වා සීලානි පූරයමානො කිලමති, සික‍්ඛිත්‍වා පන පච‍්ඡා න කිලමිස‍්සති, නිත්‍ථරිස‍්සතී”ති දාපෙසි.

තෘතීය ශික්‍ෂාපදයෙහි - “සික්‍ඛාසම්මුතිං දාතුං” කුමක්හෙයින් ශික්‍ෂා සම්මුතිය දෙවූයේද, මාගම නම් ලොල් වේ. අවුරුදු දෙකක් ප්‍රාණඝාතාදියෙන් වැළකීමැයි කියූ සවැදෑරුම් ධර්‍මයන්හි නොහික්මී සිල් පුරණුයේ ක්ලාන්ත වේ. හික්මීමෙන් පසුව සිල් පුරණුයේ ක්ලාන්ත නොවන්නේය. ස්ථිර වන්නේයයි දෙවීය.

පාණාතිපාතා වෙරමණිං ද‍්වෙ වස‍්සානි අවීතික‍්කම‍්ම සමාදානං සමාදියාමීති යං තං පාණාතිපාතා වෙරමණීති පඤ‍්ඤත‍්තං සික‍්ඛාපදං, තං පාණාතිපාතා වෙරමණිසික‍්ඛාපදං ද‍්වෙ වස‍්සානි අවීතික‍්කමිතබ‍්බසමාදානං කත්‍වා සමාදියාමීති අත්‍ථො. එස නයො සබ‍්බත්‍ථ. ඉමා ඡ සික‍්ඛායො සට‍්ඨිවස‍්සායපි පබ‍්බජිතාය දාතබ‍්බායෙව, න එතාසු අසික‍්ඛිතා උපසම‍්පාදෙතබ‍්බා.

“පාණාතිපාතා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කමසමාදානං සමාදියාමි” යම් ඒ ශික්‍ෂාපදයක් ‘පාණාතිපාතා වෙරමණී’යි පණවන ලද්දේ ද ඒ ප්‍රාණඝාතයෙන් විරමණසඞ්ඛ්‍යාත ශික්‍ෂාපදය දෙවසක් නොඉක්මවිය යුතු සමාදානය කොට සමාදන්වෙමි’ යන අර්‍ත්‍ථයි. සියලු තන්හි මේ නයවේ. මේ ෂට් ශික්‍ෂාවෝ පැවිදි වූ සැට වයස් ඇත්තියටද දියයුත්තාහුමය. මේ ශික්‍ෂාවන්හි නොහික්මුනාහු උපසපන් නොකටයුත්තාහ.

තතියසික‍්ඛාපදං.

තෙවන ශික්‍ෂාපදයයි.

චතුත්‍ථසික‍්ඛාපදවණ‍්ණනා

සතරවන සිකපද වර්ණනාව

චතුත්‍ථෙ – සබ‍්බං උත‍්තානමෙව. සචෙ පන පඨමං වුට‍්ඨානසම‍්මුති න දින‍්නා හොති, උපසම‍්පදමාළකෙපි දාතබ‍්බායෙව. ඉමා ද‍්වෙපි මහාසික‍්ඛමානා නාම.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. ඉදින් පළමුකොට ශික්‍ෂාසම්මුති තොමෝ නොදෙන ලද්දීවේද, උපසම්පදා මාලකයෙහිදී හෝ දියයුත්තීමය. මේ දෙදෙනම මහාසික්‍ඛමානා නම්හ.

චතුත්‍ථසික‍්ඛාපදං.

සිවුවන ශික්‍ෂාපදයයි

පඤ‍්චමසික‍්ඛාපදවණ‍්ණනා

පස්වන සිකපද වර්ණනාව

පඤ‍්චමෙ – කිඤ‍්චාපි ඌනද‍්වාදසවස‍්සං පරිපුණ‍්ණසඤ‍්ඤාය වුට‍්ඨාපෙන‍්තියා අනාපත‍්ති, සා පන අනුපසම‍්පන‍්නාව හොති. සෙසං උත‍්තානමෙව.

පඤ්චම ශික්‍ෂාපදයෙහි - කිසිසේත් “ඌනද්වාදසවස්සං” උනු දොළොස්වස් ඇත්තියක, පරිපූර්‍ණ සංඥාවෙන් උපසපන් කරන්නියට ඇවැත් නොවේ. ඕ තොමෝ වනාහි අනුපසම්පන්නම වේ. සෙස්ස ප්‍රකටමය.

පඤ‍්චමසික‍්ඛාපදං.

පස්වන ශික්‍ෂාපදයයි

ඡට‍්ඨසික‍්ඛාපදවණ‍්ණනා

සවන සිකපද වර්ණනාව

ඡට‍්ඨෙ – දසවස‍්සාය ගිහිගතාය සික‍්ඛාසම‍්මුතිං දත්‍වා පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං උපසම‍්පාදෙතුං වට‍්ටති.

ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - පුරුෂ සමාගමයට පැමිණි දසවස් ඇත්තියකට ශික්‍ෂාසම්මුතියදී පිරිපුන් දොළොස්වස් ඇත්තියක උපසපන් කිරීම දොෂයෙක් නොවේ.

ඡට‍්ඨසික‍්ඛාපදං.

සවන ශික්‍ෂාපදයයි

සත‍්තමසික‍්ඛාපදවණ‍්ණනා

සත්වන සිකපද වර්ණනාව

සත‍්තමෙ – සබ‍්බං උත‍්තානමෙව. සමුට‍්ඨානාදීනිපි සබ‍්බෙසු දුතියෙ වුත‍්තසදිසානෙව. අයං පන විසෙසො – යත්‍ථ සම‍්මුති අත්‍ථි, තත්‍ථ කිරියාකිරියං හොතීති.

සප්තම ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. සියලු ශික්‍ෂාපදයන්හි සමුත්‍ථානාදීහුද, දෙවන ශික්‍ෂාපදයෙහි කියන ලද්දවුන් හා සමානමවෙත්. මේ වනාහි විශේෂය වේ. යම් තැනෙක සම්මුතිය ඇත්තීද එහි ක්‍රියාක්‍රියය වේ.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන ශික්‍ෂාපදයයි

අට‍්ඨමසික‍්ඛාපදවණ‍්ණනා

අටවන සිකපද වර්ණනාව

අට‍්ඨමෙ – න අනුග‍්ගණ‍්හාපෙය්‍යාති “ඉමිස‍්සා අය්‍යෙ උද‍්දෙසාදීනි දෙහී”ති එවං උද‍්දෙසාදීහි න අනුග‍්ගණ‍්හාපෙය්‍ය.

අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “න අනුග්ගණ්හාපෙය්‍ය” ‘ආර්‍ය්‍යාව, මැයට උද්දේස ආදිය දෙව’යි මෙසේ උද්දේස ආදියෙන් අනුග්‍රහ නොකරවානම්,

පරියෙසිත්‍වාති අඤ‍්ඤං පරියෙසිත්‍වා න ලභති, සයං ගිලානා හොති, න සක‍්කොති උද‍්දෙසාදීනි දාතුං, තස‍්සා අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව. ධුරනික‍්ඛෙපසමුට‍්ඨානං – අකිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

“පරියෙසිත්‍වා” අන් මෙහෙණක සොයා නොලබයි. තොමෝ ගිලන්වූවා වේද, උද්දේස ආදිය දීමට නොහැක්කීවේද, ඒ මෙහෙණට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. දුඃඛවෙදනයි.

අට‍්ඨමසික‍්ඛාපදං.

අටවන ශික්‍ෂාපදයයි

නවමසික‍්ඛාපදවණ‍්ණනා

නවවන සිකපද වර්ණනාව

නවමෙ – න උපට‍්ඨහෙය්‍යාති චුණ‍්ණෙන මත‍්තිකාය දන‍්තකට‍්ඨෙන මුඛොදකෙනාති එවං තෙන තෙන කරණීයෙන න උපට‍්ඨහෙය්‍ය. සෙසං උත‍්තානමෙව. පඨමපාරාජිකසමුට‍්ඨානං – අකිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

නවම ශික්‍ෂාපදයෙහි - “න උපට්ඨහෙය්‍ය” සුණෙන් මැටියෙන් දැහැටියෙන් මුවදෝනා පැනින්’යි මෙසේ ඒ ඒ කටයුත්තෙන් උවැටැන් නොකරන්නේ නම්, සෙස්ස ප්‍රකටමය. ප්‍රථමපාරාජිකසමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මය. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.

නවමසික‍්ඛාපදං.

නවවන ශික්‍ෂාපදයයි

දසමසික‍්ඛාපදවණ‍්ණනා

දසවන සිකපද වර්ණනාව

දසමෙ – නෙව වූපකාසෙය්‍යාති න ගහෙත්‍වා ගච‍්ඡෙය්‍ය. න වූපකාසාපෙය්‍යාති “ඉමං අය්‍යෙ ගහෙත්‍වා ගච‍්ඡා”ති අඤ‍්ඤං න ආණාපෙය්‍ය. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. ධුරනික‍්ඛෙපසමුට‍්ඨානං – අකිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං , සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

දශම ශික්‍ෂාපදයෙහි - “නෙව වූපකාසෙය්‍ය” ගෙණ නොයන්නේනම්, “න වූපකාසාපෙය්‍ය” ආර්‍ය්‍යාව, මෙය ගෙණ යව’යි අන් මෙහෙණකට නො අණවන්නේ නම්, මෙහි සෙස්ස ප්‍රකටමය. ධුරනික්‍ෂෙපසමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.

දසමසික‍්ඛාපදං.

දසවන ශික්‍ෂාපදයයි

ගබ‍්භිනිවග‍්ගො සත‍්තමො.

සප්තම වූ ගර්භිණි වර්‍ගයයි