ඡට්ඨසික්ඛාපදං
4. 7. 6.
4. 7. 6.
ඡට්ඨසික්ඛාපදං
සවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්ති. තා බාලා හොන්ති අබ්යත්තා. න ජානන්ති කප්පියං වා අකප්පියං වා. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ-
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ...
තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ, පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දාතුං” එවඤ්ච පන භික්ඛවෙ, දාතබ්බා: තාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං අය්යෙ ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛා සම්මුතිං යාචාමීති. දුතියම්පි යාචිතබ්බා - තතියම්පි යාචිතබ්බා - බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. ‘මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියකට දෙවසක් සැවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ඒ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියක විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මම සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදිමි යි. දෙවන වටදු යැදිය යුතුයැ. තෙවනවට දු යැදිය යුතුයැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. සුණාතු මෙ අය්යෙ, සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දදෙය්ය. එසා ඤත්ති.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂා සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂා සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යැ.
සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා ඉත්ථන්නාමාය අය්යාය පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා සඞ්ඝං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුතියා දානං සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය ගිහීගතාය ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛාසම්මුති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇති මෝතොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂා සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂා සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕතොමෝ නිහඬවන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙ නම් ඇත්තියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමියි.
සා පරිපුණ්ණද්වාදසවස්සා ගිහීගතා එවං වදෙහීති වත්තබ්බා: “පාණාතිපාතා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමි -පෙ- විකාලභොජනා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කම්මසමාදානං සමාදියාමීති. අථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
පිරිපුන් දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ ඕ තොමෝ මෙසේ කියව යි කිය යුත්තී යැ. දෙවසක් පණිවායෙන් වැළකීම නො ඉක්ම වියයුතු සමාදානයක් කොට සමාදන් වෙමි ... දෙවසක් විකල් බොජුනෙන් වැළකීම නො ඉක්මවිය යුතු සමාදානයක් කොට සමාදන් වෙමියි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පනාති යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
පරිපුණ්ණද්වාදසවස්සා නාම: පත්තද්වාදසවස්සා.
පරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.
ගිහීගතා නාම: පුරිසන්තරගතා වුච්චති.
ගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.
ද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
අසික්ඛිතසික්ඛා නාම: සික්ඛා වා න දින්නා හොති, දින්නා වා සික්ඛා කුපිතා.
අසික්ඛිතසික්ඛා නම්: ශික්ෂාව නො දෙන ලද්දී හෝ වෙයි; දෙන ලද ශික්ෂාව කෝප්‍ය වූවා හෝ වේ.
වුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති. සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දෙ දුකුළා වෙයි. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරමෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං වුට්ඨාපෙති උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
ඡට්ඨසික්ඛාපදං.
සවන සිකපද යි.