යෙදුමෙන් කියවන්න

පඤ‍්චමසික‍්ඛාපදං

4. 7. 5.

4. 7. 5.

පඤ‍්චමසික‍්ඛාපදං

පස්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො ඌනද‍්වාදසවස‍්සං ගිහීගතං වුට‍්ඨාපෙන‍්ති. තා අක‍්ඛමා හොන‍්ති සීතස‍්ස උණ‍්හස‍්ස ජිඝච‍්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සානං දුරුත‍්තානං දුරාගතානං වචනපථානං උප‍්පන‍්නානං සාරීරිකානං වෙදනානං දුක‍්ඛානං තිප‍්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකා හොන‍්ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ උනු දොළොස්වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවති. ඔහු සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියෝ වෙති. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑපහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුල්ලෝ වෙත්.

යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම: භික‍්ඛුනියො ඌනද‍්වාදසවස‍්සං ගිහීගතං වුට‍්ඨාපෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඌනද‍්වාදසවස‍්සං ගිහීගතං වුට‍්ඨාපෙස‍්සන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඌනද‍්වාදසවස‍්සං ගිහීගතං වුට‍්ඨාපෙස‍්සන‍්ති. ඌනද‍්වාදසවස‍්සා හි භික‍්ඛවෙ, ගිහීගතා අක‍්ඛමා හොති සීතස‍්ස උණ‍්හස‍්ස ජිඝච‍්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සානං දුරුත‍්තානං දුරාගතානං වචනපථානං. උප‍්පන‍්නානං සාරීරිකානං වෙදනානං දුක‍්ඛානං තිබ‍්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසිකජාතිකා හොති. ද‍්වාදසවස‍්සා ච ඛො භික‍්ඛවෙ ගිහීගතා ඛමා හොති සීතස‍්ස උණ‍්හස‍්ස ජිඝච‍්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සානං දුරුත‍්තානං දුරාගතානං වචනපථානං. උප‍්පන‍්නානං සාරීරිකානං වෙදනානං දුක‍්ඛානං තිබ‍්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසිකජාතිකා හොති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උනු දොළොස්වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, උනුදොළොස් වස් ඇති, පිරිම්නියක්හු අතරට ගියා සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියා මැ වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුලුවූවා වෙයි. මහණෙනි, දොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියා සිහිලස උණුසුම සාගිනි පවස සිහිය හැකියා ද වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු ඉවසන සුලු වූවා ද වෙයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී ඌනද‍්වාදසවස‍්සං ගිහීගතං වුට‍්ඨාපෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් උනුදොළොස්වස් ඇති පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

ඌනද‍්වාදසවස‍්සා නාම: අප‍්පත‍්තද‍්වාදසවස‍්සා.

ඌනද්වාදසවස්සා නම්: නො පත් දොළොස්වස් ඇතියා.

ගිහීගතා නාම: පුරිසන‍්තරගතා වුච‍්චති.

ගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.

වුට‍්ඨාපෙය්‍යාති: උපසම‍්පාදෙය්‍ය.

වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.

වුට‍්ඨාපෙස‍්සාමීති ගණං වා ආචරිනිං වා පත‍්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම‍්මන‍්නති ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤත‍්තියා දුක‍්කටං. ද‍්වීහි කම‍්මවාචාහි දුක‍්කටා. කම‍්මවාචාපරියොසානෙ උපජ‍්ඣායාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ගණස‍්ස ච ආචරිනියා ච ආපත‍්ති දුක‍්කටස‍්ස.

උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.

ඌනද‍්වාදසවස‍්සාය ඌනද‍්වාදසවස‍්ස සඤ‍්ඤා වුට‍්ඨාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ඌනද‍්වාදසවස‍්සාය වෙමතිකා වුට‍්ඨාපෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනද‍්වාදසවස‍්සාය පරිපුණ‍්ණසඤ‍්ඤා වුට‍්ඨාපෙති අනාපත‍්ති:.

උනුදොළොස්වස් ඇතියා කෙරෙහි උනුදොළොස්වස් සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනුදොළොස් වස් ඇතියා කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනුදොළොස්වස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.

පරිපුණ‍්ණද‍්වාදසවස‍්සාය ඌනද‍්වාදසවස‍්සසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. පරිපුණ‍්ණද‍්වාදසවස‍්සාය වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. පරිපුණ‍්ණද‍්වාදසවස‍්සාය පරිපුණ‍්ණසඤ‍්ඤා අනාපත‍්ති.

පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි උනුදොළොස්වස් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් දොළොස්වස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ඌනද‍්වාදසවස‍්සං පරිපුණ‍්ණසඤ‍්ඤා වුට‍්ඨාපෙති පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං පරිපුණ‍්ණසඤ‍්ඤා වුට‍්ඨාපෙති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

උනුදොළොස්වස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, පිරිපුන් දොළොස්වස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

පඤ‍්චමසික‍්ඛාපදං.

පස්වන සිකපද යි.