යෙදුමෙන් කියවන්න

සත‍්තමසික‍්ඛාපදං

4. 7. 7.

4. 7. 7.

සත‍්තමසික‍්ඛාපදං

සත්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං ගිහීගතං ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛං සඞ‍්ඝෙන අසම‍්මතං වුට‍්ඨාපෙන‍්ති. භික‍්ඛුනියො එවමාහංසු: “එථ සික‍්ඛමානා, ඉමං ජානාථ, ඉමං දෙථ, ඉමං ආහරථ, ඉමිනා අත්‍ථො, ඉමං කප‍්පියං කරොථා”ති. තා එවමාහංසු: “න මයං අය්‍යෙ සික‍්ඛමානා. භික‍්ඛුනියො මයන‍්ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත්. භික්‍ෂුණීහු මෙසේ කීහු: “එවු හික්මනුවෙනි, මෙය දනිවු. මෙය දෙවු. මෙය ගෙන එවු. මෙයින් ප්‍රයෝජන යැ. මෙය කැපකරවු” යි. ඔහු මෙසේ කීහු: ආර්‍ය්‍යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ යි.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම: භික‍්ඛුනියො පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං ගිහීගතං ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛං සඞ‍්ඝෙන අසම‍්මතං වුට‍්ඨාපෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං ගිහීගතං ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛං සඞ‍්ඝෙන අසම‍්මත‍්තං වුට‍්ඨාපෙස‍්සන‍්තීති. -පෙ- සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං ගිහීගතං ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛං සඞ‍්ඝෙන අසම‍්මතං වුට‍්ඨාපෙන‍්තීති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- විගරහිත්‍වා -පෙ- ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “අනුජානාමි භික‍්ඛවෙ, පරිපුණ‍්ණද‍්වාදසවස‍්සාය ගිහීගතාය ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛාය වුට‍්ඨානසම‍්මුතිං දාතුං”. එවඤ‍්ච පන භික‍්ඛවෙ, දාතබ‍්බා: තාය පරිපුණ‍්ණද‍්වාදසවස‍්සාය ගිහීගතාය ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛාය සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා භික‍්ඛුනීනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: අහං අය්‍යෙ ඉත්‍ථන‍්නාමා ඉත්‍ථන‍්නාමාය අය්‍යාය පරිපුණ‍්ණද‍්වාදසවස‍්සා ගිහීගතා ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛා සඞ‍්ඝං වුට‍්ඨානසම‍්මුතිං යාචාමීති. දුතියම‍්පි යාචිතබ‍්බා - තතියම‍්පි යාචිතබ‍්බා - බ්‍යත‍්තාය භික‍්ඛුනියා පටිබලාය සඞ‍්ඝො ඤාපෙතබ‍්බො.

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් දොළොස්වස් ඇති, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. ‘මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියකට වුට්ඨාන සම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද මහණෙනි, දිය යුතු යැ. පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ ඇය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.

3. සුණාතු මෙ අය්‍යෙ සඞ‍්ඝො අයං ඉත්‍ථන‍්නාමා ඉත්‍ථන‍්නාමාය අය්‍යාය පරිපුණ‍්ණ ද‍්වාදසවස‍්සා ගිහීගතා ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛා සඞ‍්ඝං වුට‍්ඨානසම‍්මුතිං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමාය පරිපුණ‍්ණ ද‍්වාදසවස‍්සාය ගිහීගතාය ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛාය වුට‍්ඨානසම‍්මුතිං දදෙය්‍ය එසා ඤත‍්ති.

3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා: මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දෙන්නේය. මේ ඥප්ති යැ.

සුණාතු මෙ අය්‍යෙ සඞ‍්ඝො අයං ඉත්‍ථන‍්නාමා ඉත්‍ථන‍්නාමාය අය්‍යාය පරිපුණ‍්ණද‍්වාදසවස‍්සා ගිහීගතා ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛා සඞ‍්ඝං වුට‍්ඨානසම‍්මුතිං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමාය පරිපුණ‍්ණද‍්වාදසවස‍්සාය ගිහීගතාය ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛාය වුට‍්ඨානසම‍්මුතිං දෙති, යස‍්සා අය්‍යාය ඛමති ඉත්‍ථන‍්නාමාය පරිපුණ‍්ණද‍්වාදසවස‍්සාය ගිහීගතාය ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛාය වුට‍්ඨානසම‍්මුතියා දානං, සා තුණ‍්හස‍්ස, යස‍්සා නක‍්ඛමති සා භාසෙය්‍ය. දින‍්නා සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමාය පරිපුණ‍්ණද‍්වාදසවස‍්සාය ගිහීගතාය ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛාය වුට‍්ඨානසම‍්මුති. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමීති.

ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියාවූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස් වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති පිරිම්නියක්හු අතරට ගියා වූ මෙනම් ඇත්තියට වුට්ඨාන සම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේය. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.

අථ ඛො භගවා තා භික‍්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්‍වා දුභරතාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙභික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං ගිහීගතං ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛං සඞ‍්ඝෙන අසම‍්මතං වුට‍්ඨාපෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරනලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවානම් පචිතිවේ” යයි.

4. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

4. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස්කරන ලද භික්‍ෂුණි යි.

පරිපුණ‍්ණද‍්වාදසවස‍්සා නාම: පත‍්තද‍්වාදසවස‍්සා.

පරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.

ගිහීගතා නාම: පුරිසන‍්තරගතා වුච‍්චති.

ගිහීගතා නම්: පිරිම්නියක්හු අතරට ගියා කියනු ලැබෙයි.

ද‍්වෙ වස‍්සානීති: ද‍්වෙ සංවච‍්ඡරානි.

ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.

සික‍්ඛිතසික‍්ඛා නාම: ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛා.

සික්ඛිතසික්ඛා නම්: සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.

අසම‍්මතා නාම: ඤත‍්තිදුතියෙන කම‍්මෙන වුට‍්ඨානසම‍්මුති න දින‍්නා හොති.

අසම්මතා නම්: ඤත්තිදුතියකර්‍මයෙන් වුට්ඨානසම්මුතිය නො දෙන ලදුවා වෙයි.

වුට‍්ඨාපෙය්‍යාති: උපසම‍්පාදෙය්‍ය.

වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.

වුට‍්ඨාපෙස‍්සාමීති ගණං වා ආචරිනිං වා පත‍්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම‍්මන‍්නති ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤත‍්තියා දුක‍්කටං. ද‍්වීහි කම‍්මවාචාහි දුක‍්කටා. කම‍්මවාචාපරියොසානෙ උපජ‍්ඣායාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ගණස‍්ස ච ආචරිනියා ච ආපත‍්ති දුක‍්කටස‍්ස.

උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කරවා නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා දෙකක් වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.

ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤා වුට‍්ඨාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකා වුට‍්ඨාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤා වුට‍්ඨාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.

අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස.

අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: පරිපුණ‍්ණද‍්වාදසවස‍්සං ගිහීගතං ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛං සඞ‍්ඝෙන සම‍්මතං වුට‍්ඨාපෙති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

පිරිපුන් දොළොස්වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත කරන ලද පිරිම්නියක්හු අතරට ගියක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන සිකපද යි.