අට්ඨමසික්ඛාපදං
4. 7. 8.
4. 7. 8.
අට්ඨමසික්ඛාපදං
අටවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හාති න අනුග්ගණ්හාපෙති. තා බාලා හොන්ති අබ්යත්තා. න ජානන්ති කප්පියං වා අකප්පියං වා. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හිස්සති, න අනුග්ගණ්හාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හාති, න අනුග්ගණ්හාපෙතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හිස්සති, න අනුග්ගණ්හාපෙස්සති. නෙතං, භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කෙරෙයි. නො මැ අනුග්‍රහ කරවයි. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කළා ද, නො මැ අනුග්‍රහ කරවූ දැ”යි. ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කෙරේ ද, නො මැ අනුග්‍රහ කරවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කළා ද, නො මැ අනුග්‍රහ කරවූ ද, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හෙය්ය න අනුග්ගණ්හාපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්‍රහ කෙරේ නම් නො මැ අනුග්‍රහ කරවා නම් පචිති වේ”යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
සහජීවිනී නාම: සද්ධිවිහාරිනී වුච්චති.
සහජීවිනී නම්: සද්ධිවිහාරිනිය කියනු ලැබෙයි.
වුට්ඨාපෙත්වාති උපසම්පාදෙත්වා.
වුට්ඨාපෙත්වා: උපසපන් කරවා.
ද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
නෙව අනුග්ගණ්හෙය්යාති: න සයං අනුග්ගණ්හෙය්ය උද්දෙසෙන පරිපුච්ඡාය ඔවාදෙන අනුසාසනියා.
නේව අනුග්ගණෙහය්ය: තොමෝ උද්දේශයෙන් පරිපුච්ඡායෙන්, අවවාදයෙන් අනුසාසනයෙන් නො මැ අනුග්‍රහ කරයි.
අනුග්ගණ්හාපෙය්යාති: න අඤ්ඤං ආණාපෙය්ය ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හිස්සාමි න අනුග්ගණ්හාපෙස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
න අනුග්ගණහාපෙය්ය: මෙරමාහට නො අණවයි. දෙවසක් නො මැ අනුග්‍රහ කරන්නෙමි, අනුග්‍රහ නො කරවන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනාපත්ති: සති අන්තරායෙ, පරියෙසිත්වා න ලභති, ගිලානාය ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අට්ඨමසික්ඛාපදං.
අටවන සිකපද යි.