නවමසික්ඛාපදං
4. 7. 9.
4. 7. 9.
නවමසික්ඛාපදං
නවවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධන්ති. තා බාලා හොන්ති අබ්යත්තා න ජානන්ති කප්පියං වා අකප්පියං වා, යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධිස්සන්තී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධිස්සන්ති. නෙතං, භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරෙති. ඔහු නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කෙරෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කළහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරේ නම් පචිති වේ”යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
3. වුට්ඨාපිතන්ති: උපසම්පාදිතං.
3. වුට්ඨාපිතං: උපසපන් කරවන ලද.
පවත්තිනී නාම: උපජ්ඣායා වුච්චති.
පවත්තිනී නම්: උවදෑ මෙහෙණ කියනු ලැබෙයි.
ද්වෙ වස්සානීති: ද්වෙ සංවච්ඡරානි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
නානුබන්ධෙය්යාති: න උපට්ඨහෙය්‍ය. ද්වෙ වස්සානි නානුබන්ධිස්සාමීති ධුරං නික්ඛිත්තමත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
නානුඛන්ධෙය්ය: උවටැන් නො කරයි. දෙවසක් උවටැන් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනාපත්ති: උපජ්ඣායා බාලා වා හොති අලජ්ජිනී වා, ගිලානාය, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
උවැදෑ මෙහෙණ නො දැනුමැතියක හෝ ලජ්ජා නැතියක හෝ වේ නම්, ගිලන්වූවාට, ආපදායෙහි ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවමසික්ඛාපදං.
නවවන සිකපද යි.