යෙදුමෙන් කියවන්න

දසමසික‍්ඛාපදං

4. 7. 10.

4. 7. 10.

දසමසික‍්ඛාපදං

දසවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සහජීවිනිං වුට‍්ඨාපෙත්‍වා නෙව වූපකාසෙසි. න වූපකාසාපෙති. සාමිකො අග‍්ගහෙසි. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා සහජීවිනිං වුට‍්ඨාපෙත්‍වා නෙව වූපකාසෙස‍්සති න වූපකාසාපෙස‍්සති, සාමිකො අග‍්ගහෙසි, සචායං භික‍්ඛුනී පක‍්කන‍්තා අස‍්ස න ච සාමිකො ගණ‍්හෙය්‍යා”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සහජීවිනිං වුට‍්ඨාපෙත්‍වා නෙව වූපකාසෙසි, න වූපකාසාපෙසි, සාමිකො අග‍්ගහෙසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සහජීවිනිං වුට‍්ඨාපෙත්‍වා නෙව වූපකාසෙස‍්සති, න වූපකාසාපෙස‍්සති, සාමිකො අග‍්ගහෙසි. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා යැ. (ගෙනැ යන්නට) මෙරමාහට නො ඇණවූ යැ. සැමියා අල්වා ගත්තේ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද, සැමියා අල්වා ගත්තේ ද. ඉදින් මේ මෙහෙණ තොමෝ බැහැරට ගියා නම් සැමියා නො අල්වා ගන්නේ යැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා නො මැ ගෙනැ ගියා ද, මෙරමාහට නො ඇණවූ ද. සැමියා අල්වා ගත්තේ ද. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී සහජීවිනිං වුට‍්ඨාපෙත්‍වා නෙව වූපකාසෙය්‍ය න වූපකාසාපෙය්‍ය අන‍්තමසො ඡප‍්පඤ‍්චයොජනානිපි පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් සහජීවිනියක උපසපන් කරවා යටත් පිරිසෙයින් සපස් යොත්නකුදු නො මැ ගෙනැ යා නම් මෙරමාහට නො අණවා නම් පචිති වේ”ය යි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

සහජීවිනිං නාම: සද‍්ධිවිහාරිනී වුච‍්චති.

සහජීවිනී නම්; සද්ධිවිහාරිනී කියනු ලැබෙයි.

වුට‍්ඨාපෙත්‍වාති: උපසම‍්පාදෙත්‍වා.

වුට්ඨාපෙත්‍වා: උපසපන් කරවා,

නෙව වූපකාසෙය්‍යාති: න සයං වූපකාසෙය්‍ය.

නේව වූපකාසෙය්‍ය: තොමෝ නො මැ ගෙනැ යයි.

න වූපකාසාපෙය්‍යාති: න අඤ‍්ඤං ආණාපෙය්‍ය.

න වූපකාසාපෙය්‍ය: මෙරමාහට නො අණවයි.

නෙව වූපකාසෙස‍්සාමි න වූපකාසාපෙස‍්සාමි අන‍්තමසො ඡප‍්පඤ‍්චයොජනානිපීති ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

යටත්පිරිසෙයින් සපස් යොත්නකුදු නො මැ ගෙනැ යන්නෙමි, මෙරමාහට නො අණවන්නෙමි යි ධුර නික්‍ෂෙපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: සති අන‍්තරායෙ, පරියෙසිත්‍වා දුතියිකං භික‍්ඛුනිං න ලභති, ගිලානාය ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනතුරක් ඇති කල්හි සොයා දෙවන මෙහෙණක නො ලබා නම් ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දසවන සිකපද යි.

ගබ‍්භිනිවග‍්ගො සත‍්තමො.

සත්වැනි ගබ්භිනී වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ගබ‍්භිං පායන‍්තිං ඡ ධම‍්මෙ අසම‍්මතූනද‍්වාදස පරිපුණ‍්ණඤ‍්ච සංඝෙන සහ වුට‍්ඨා ඡපඤ‍්ච ච

ගබ්භිනී යැ, පායන්තී යැ ඡධම්ම යැ අසම්මත යැ ඌනද්වාදස යැ පරිපුණ්ණ (ද්වාදස) යැ සඞ්ඝ යැ සහජීවිනී යැ වුට්ඨාපිත යැ ඡපඤ්ච යෝජන යැ යි.