පඨමසික්ඛාපදං
4. 8. 1.
4. 8. 1.
පඨමසික්ඛාපදං
පළමු සිකපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛුනියො ඌනවීසතිවස්සං කුමාරීභුතං වුට්ඨාපෙන්ති. තා අක්ඛමා හොන්ති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකා හොන්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ උනුවිසිවස් ඇති හෙරැණිය උපසපන් කරවති. ඔහු සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියෝ වෙති. ඩැහැමැසි මදුරු වා හිරු රැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි වැ උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුල්ලෝ වෙත්.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ඌනවීසතිවස්සං කුමාරීභූතං වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො ඌනවීසතිවස්සං කුමාරීභුතං වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො ඌනවීසතිවස්සං කුමාරීභූතං වුට්ඨාපෙස්සන්ති. ඌනවීසතිවස්සා භික්ඛවෙ, කුමාරීභූතා අක්ඛමා හොති සීතස්ස උණ්හස්ස -පෙ- පාණහරානං අනධිවාසකජාතිකා හොති. වීසතිවස්සා ච ඛො භික්ඛවෙ කුමාරීභූතා ඛමා හොති සීතස්ස උණ්හස්ස -පෙ- පාණහරානං අධිවාසිකජාතිකා හොති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උනුවිසිවස් ඇති හෙරැණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උනුවිසිවස් ඇති, හෙරැණියක උපසපන් කරවත් දැ යි ... සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උනුවිසිවස් ඇති, හෙරැණියක උපසපන් කරවූහු ද? මහණෙනි, උනුවිසිවස් ඇති හෙරැණිය සිහිලස උණුසුම ... දිවිහරන (වෙයිනුදු) නො ඉවසනසුලු වූවා වෙයි. මහණෙනි, විසිවස් ඇති හෙරැණිය සිහිලස උණුසුම ... දිවිහරන (වෙයිනුදු) ඉවසන සුලු වූවා ද වෙයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී ඌනවීසතිවස්සං කුමාරීභුතං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් උනුවිසිවස් ඇති හෙරැණියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම් බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
ඌනවීසතිවස්සා නාම: අප්පත්තවීසතිවස්සා.
ඌනවීසතිවස්සා නම්: නො පත් විසිවස් ඇතියා යැ.
කුමාරීභූතා නාම: සාමණෙරී වුච්චති.
කුමාරිභූතා නම්: හෙරැණිය කියනු ලැබේ.
වුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණහට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහටද දුකුළා ඇවැත් වේ.
ඌනවීසතිවස්සාය ඌනවීසතිවස්සසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ඌනවීසතිවස්සාය වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති දුක්කටස්ස. ඌනවීසතිවස්සාය පරිපුණ්ණසඤ්ඤා වුට්ඨාපෙති අනාපත්ති.
උනු විසිවස් ඇතියා කෙරෙහි උනු විසිවස් සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියා කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියා කෙරෙහි පිරිපුන් සන්ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
පරිපුණ්ණවීසතිවස්සාය ඌනවීසතිවස්සාති සඤ්ඤා ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණවීසතිවස්සාය වෙමතිකා ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණවීසතිවස්සාය පරිපුණ්ණසඤ්ඤා අනාපත්ති.
පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි උනු විසිවස් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: ඌනවීසතිවස්සං පරිපුණ්ණසඤ්ඤා වුට්ඨාපෙති, පරිපුණ්ණවීසතිවස්සං පරිපුණ්ණසඤ්ඤා වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
උනු විසිවස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, පිරිපුන් විසිවස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පඨමසික්ඛාපදං.
පළමු සිකපද යි.