කුමාරිභූතවග්ගො අට්ඨකථා
8. කුමාරිභූතවර්ගය
පඨමදුතියතතියසික්ඛාපදවණ්ණනා
පළමු-දෙවන-තෙවන සිකපද වර්ණනා
කුමාරිභූතවග්ගස්ස පඨමදුතියතතියසික්ඛාපදානි තීණි තීහි ගිහිගතසික්ඛාපදෙහි සදිසානි. යා පන තා සබ්බපඨමා ද්වෙ මහාසික්ඛමානා, තා අතික්කන්තවීසතිවස්සාති වෙදිතබ්බා. තා ගිහිගතා වා හොන්තු අගිහිගතා වා, සික්ඛමානා ඉච්චෙව වත්තබ්බා, ගිහිගතාති වා කුමාරිභූතාති වා න වත්තබ්බා. ගිහිගතාය දසවස්සකාලෙ සික්ඛාසම්මුතිං දත්වා ද්වාදසවස්සකාලෙ උපසම්පදා කාතබ්බා. එකාදසවස්සකාලෙ දත්වා තෙරසවස්සකාලෙ කාතබ්බා, ද්වාදසතෙරසචුද්දසපන්නරසසොළසසත්තරසඅට්ඨාරසවස්සකාලෙ සම්මුතිං දත්වා වීසතිවස්සකාලෙ උපසම්පදා කාතබ්බා. අට්ඨාරසවස්සකාලතො පට්ඨාය ච පනායං ගිහිගතාතිපි කුමාරිභූතාතිපි වත්තුං වට්ටති, කුමාරිභූතා පන ගිහිගතාති න වත්තබ්බා, කුමාරිභූතා ඉච්චෙව වත්තබ්බා. මහාසික්ඛමානා පන ගිහිගතාතිපි වත්තුං න වට්ටති, කුමාරිභූතාතිපි වත්තුං න වට්ටති, සික්ඛාසම්මුතිදානවසෙන පන තිස්සොපි සික්ඛමානාති වත්තුං වට්ටති.
කුමාරීභූත වර්ගය පිළිබඳ ප්‍රථම - ද්විතීය - තෘතීය ශික්ෂාපද තුන ගිහීගත පදයුත් පඤ්චම - ෂෂ්ඨ - සප්තම ශික්ෂාපද හා සමානයහ. යම් ගර්භිණී වර්ගයෙහි සියල්ලම ප්රථමවූ මහාශික්ෂාමාණාවෝ දෙදෙනෙක් වෙත්ද, ඒ දෙදෙන ඉකුත් විසිවයස් ඇත්තාහයි දතයුත්තාහ. ඔවුහු පුරුෂාන්තරයට පැමිණියාහු හෝ වෙත්වා. පුරුෂාන්තරයට නොපැමිණියාහු හෝ වෙත්වා, ශික්ෂාමාණාහයිම කියයුත්තාහ. ගිහීගතායි හෝ කුමාරීභූතායි හෝ නොකිය යුත්තාහ. පුරුෂාන්තරයට ගිය තැනැත්තියට දසවස් කාලයෙහි ශික්‍ෂාසම්මුතිය දී දොළොස් හැවිරිදි කල්හි උපසම්පදාව කටයුත්තීය. එකොළොස් හැවිරිදි කල්හි ශික්ෂාසම්මුතියදී තෙළෙස් හැවිරිදි කාලයෙහි උපසම්පදා කටයුතුය. දොළොස් තෙළෙස්, තුදුස් පසළොස් සොළොස්, සතළොස්, අටළොස් හැවිරිදි කල්හි ශික්ෂා සම්මුතියදී විසිහැවිරිදි කල්හි උපසම්පදාව කටයුත්තීය. අටළොස් හැවිරිදිකල පටන් මෝතොමෝ ගිහීගතායිද, කුමාරීභූතායිද කීම වටියි. කුමාරීභූතා තොමෝ ගිහීගතායි නොකියයුත්තීය. මහාශික්ෂමාණ තොමෝ වනාහි ගිහීගතායි කීම නොසුදුසුය. කුමාරීභූතායිද කීම නොවටියි. ශික්ෂාසම්මුතිදාන වශයෙන් වනාහි තිදෙනම ශික්ෂමාණාහයි කීම සුදුසු වේ.
පඨමදුතියතතියානි.
පළමුවන - දෙවන තෙවන ශික්‍ෂාපදයෝය.
චතුත්ථපඤ්චමඡට්ඨසික්ඛාපදවණ්ණනා
සතර-පස්-සවන සිකපද වර්ණනා
චතුත්ථපඤ්චමඡට්ඨෙසු සබ්බං උත්තානමෙව. සබ්බානි තිසමුට්ඨානානි චතුත්ථං කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති. පඤ්චමං කිරියාකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, පණ්ණත්තිවජ්ජං , කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති. යඤ්චෙත්ථ සඞ්ඝෙන පරිච්ඡින්දිතබ්බාති වුත්තං, තස්ස උපපරික්ඛිතබ්බාති අත්ථො. ඡට්ඨං කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං දුක්ඛවෙදනන්ති. යං පනෙත්ථ “පරිච්ඡින්දිත්වා”ති වුත්තං, තස්ස උපපරික්ඛිත්වාති අත්ථො.
චතුර්ත්ථ - පඤ්චම - ෂෂ්ඨ ශික්ෂාපදයන්හි - සියල්ල ප්‍රකටමය. සියලු ශික්ෂාපදයෝ ත්රිසමුත්ථානිකහය. සිවුවන ශික්ෂාපදය ක්රියසමුත්ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි. පස්වන ශික්ෂාපදය ක්‍රියාක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි. මෙහි වනාහි යමක් සඞ්ඝයා විසින් පිරිසිඳිය යුතුයයි කියන ලද්දේද, එය පරීක්ෂා කටයුතුය යන අර්‍ත්‍ථයි. සවන ශික්ෂාපදය ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි. මෙහි යමක් පිරිසිඳැයි කියන ලද්දේද, එය පරීක්ෂාකොටය යන අර්‍ත්‍ථයි.
චතුත්ථපඤ්චමඡට්ඨසික්ඛාපදානි
සිවුවන පස්වන සවන ශික්‍ෂාපදයෝය.
සත්තමසික්ඛාපදවණ්ණනා
සත්වන සිකපද වර්ණනාව
සත්තමෙ – සබ්බං උත්තානමෙව. ධුරනික්ඛෙපසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
සප්තම ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. ධුරනික්‍ෂෙපසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවමොක්ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සත්තමසික්ඛාපදං.
සත්වන ශික්‍ෂාපදයයි
අට්ඨමසික්ඛාපදවණ්ණනා
අටවන සිකපද වර්ණනාව
අට්ඨමෙපි – සබ්බං උත්තානමෙව. සමුට්ඨානාදීනිපි අනන්තරසදිසානෙවාති.
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. සමුත්‍ථානාදීහු අනතුරු ශික්ෂාපදය හා සමානම වෙත්.
අට්ඨමසික්ඛාපදං.
අටවන ශික්‍ෂාපදයයි
නවමසික්ඛාපදවණ්ණනා
නවවන සිකපද වර්ණනාව
නවමෙ – සොකාවාසන්ති සඞ්කෙතං කත්වා අගච්ඡමානා පුරිසානං අන්තො සොකං පවෙසෙතීති සොකාවාසා, තං සොකාවාසං. තෙනෙවාහ – “සොකාවාසා නාම පරෙසං දුක්ඛං උප්පාදෙතී”ති. අථ වා ඝරං විය ඝරසාමිකා, අයම්පි පුරිසසමාගමං අලභමානා සොකං ආවිසති. ඉති යං ආවිසති, ස්වාස්සා ආවාසො හොතීති සොකාවාසා. තෙනාහ – “සොකං ආවිසතී”ති. අජානන්තීති එදිසා අයන්ති අජානමානා. සෙසං උත්තානමෙව. තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
නවම ශික්‍ෂාපදයෙහි - “සොකවස්සං” සලකුණු කොට එන්නාවූ පුරුෂයන්ගේ ඇතුළත ශොකය ප්‍රවෙශ කරන්නීයයි ‘සොකවස්සා’ නමු. ඒ පරහට දුක් උපදවන්නීය. එහෙයින්ම “සොකවස්සා නාම පරෙසං දුක්ඛං උප්පාදෙති”යි කීහ. නොහොත් ගෙට ගෙයි සැඵයක් මෙන්. මෝ තොමෝද, පුරුෂ සමාගමය නොලබන්නී ශෝකයට පැමිණෙන්නීය. මෙසේ යමකට ප්‍රවෙශ වන්නීද, එය මැයට ආවාසයක් වේයයි සොකවාසා නමු. එහෙයින් “සොකං ආවිසති”යි කීහ. “අජානත්ති” මෝතොමෝ මෙබඳු අයැකැයි නොදන්නීයය. සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
නවමසික්ඛාපදං.
නවවන ශික්‍ෂාපදයයි
දසමසික්ඛාපදවණ්ණනා
දසවන සිකපද වර්ණනාව
දසමෙ – අනාපුච්ඡාති අනාපුච්ඡිත්වා. භික්ඛුනීහි ද්වික්ඛත්තුං ආපුච්ඡිතබ්බං – පබ්බජ්ජාකාලෙ ච උපසම්පදාකාලෙ ච, භික්ඛූනං පන සකිං ආපුච්ඡිතෙපි වට්ටති.
දශම ශික්‍ෂාපදයෙහි - “අනාපුච්ඡා” නොවිචාරා. මෙහෙණන් විසින් පැවිදි කරණ කල්හිද, උපසපන් කරණ කල්හිද, දෙවරක් විචාළ යුතුය. මහණුන්ට වනාහි එක්වරක් විචාළ කල්හිද වටියි.
අජානන්තීති මාතාදීනං අත්ථිභාවං අජානන්තී. සෙසං උත්තානමෙව. ඉදං අපුබ්බසමුට්ඨානසීසං. චතුසමුට්ඨානං – වාචතො කායවාචතො වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති. කථං? අබ්භානකම්මාදීසු කෙනචිදෙව කරණීයෙන ඛණ්ඩසීමායං නිසින්නා “පක්කොසථ සික්ඛමානං, ඉධෙව නං උපසම්පාදෙස්සාමා”ති උපසම්පාදෙති; එවං වාචතො සමුට්ඨාති. උපස්සයතො පට්ඨාය උපසම්පාදෙස්සාමීති වත්වා ඛණ්ඩසීමං ගච්ඡන්තියා කායවාචතො සමුට්ඨාති. ද්වීසුපි ඨානෙසු පණ්ණත්තිභාවං ජානිත්වාව වීතික්කමං කරොන්තියා වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති. අනනුජානාපෙත්වා උපසම්පාදනතො කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“අජානන්ති” මාතෘ ආදීන් ඇතිබව නොදන්නී. සෙස්ස ප්‍රකටමය. මෙය පෙර නොවූ සමුත්‍ථාන ශීර්ෂය වේ. චතුස්සමුත්‍ථානිකය. වාචායෙන්ද කායවාචායෙන්ද වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගනියි. කිසේය, යත්: අබ්හානකර්මාදීන් අතුරෙහි කිසියම් කටයුත්තකින් ඛණ්ඩ සීමාවෙක්හි හුන්නී ‘ශික්ෂමාණව මෙහිදීම ඇය උපසපන් කරන්නෙමු’යි උපසපන් කෙරේද, මෙසේ වචනයෙන් හටගණියි. අසපුවෙහි පටන් උපසපන් කරන්නෙමියි කියකියා ඛණ්ඩ සීමාවට යන්නියට කායවාචායෙන් හටගනියි. දෙතැන්හිම ප්‍රඥප්තිභාවය දැනම ව්යතික්රම කරන්නියට වාචාචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. නොඅනුදන්වා උපසපන් කරණ බැවින් ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දසමසික්ඛාපදං.
දසවන ශික්‍ෂාපදයයි
එකාදසමසික්ඛාපදවණ්ණනා
එකොළොස්වන සිකපද වර්ණනාව
එකාදසමෙ – පාරිවාසිකඡන්දදානෙනාති පාරිවාසියෙන ඡන්දදානෙන. තත්ථ චතුබ්බිධං පාරිවාසියං – පරිසපාරිවාසියං , රත්තිපාරිවාසියං, ඡන්දපාරිවාසියං, අජ්ඣාසයපාරිවාසියන්ති. තත්ථ පරිසපාරිවාසියං නාම භික්ඛූ කෙනචිදෙව කරණීයෙන සන්නිපතිතා හොන්ති, අථ මෙඝො වා උට්ඨාති, උස්සාරණා වා කරියති, මනුස්සා වා අජ්ඣොත්ථරන්තා ආගච්ඡන්ති, භික්ඛූ “අනොකාසා මයං අඤ්ඤත්ර ගච්ඡාමා”ති ඡන්දං අවිස්සජ්ජෙත්වාව උට්ඨහන්ති. ඉදං පරිසපාරිවාසියං. කිඤ්චාපි පරිසපාරිවාසියං, ඡන්දස්ස පන අවිස්සට්ඨත්තා කම්මං කාතුං වට්ටති.
එකාදශ ශික්‍ෂාපදයෙහි - “පාරිවාසියඡන්දදානෙන” විගතඡන්දදානයෙන්. එහි පාරිවාසිය, පරිසපාරිවාසිය - රත්තිපාරිවාසිය - ඡන්දපාරිවාසිය - අජ්ඣාසයපාරිවාසියයි සිවුවැදෑරුම් වේ. එහි පරිසපාරිවාසිය නම් භික්ෂූහු කිසි කටයුත්තක් නිසා රැස්වූවාහු වෙත්ද එකල්හි මේඝයක් හෝ නගීද බැහැර කිරීමක් හෝ කරණු ලැබේද, මනුෂ්‍යයෝ හෝ යටපත් කරමින් එත්ද, එකල්හි භික්ෂූහු ‘අවකාශයක් නැත්තේය, අපි අන් තැනක යමු’යි ඡන්දය නොහැරම නැගීසිටිත්ද, මෙය පරිසපාරිවාසිය නම්වේ. පරිසපාරිවාසියෙහි ඡන්දය නොහළ බැවින් කර්මකිරීමෙහි දොෂයක් නැත්තේය.
පුන භික්ඛූ “උපොසථාදීනි කරිස්සාමා”ති රත්තිං සන්නිපතිත්වා “යාව සබ්බෙ සන්නිපතන්ති, තාව ධම්මං සුණිස්සාමා”ති එකං අජ්ඣෙසන්ති, තස්මිං ධම්මකථං කථෙන්තෙයෙව අරුණො උග්ගච්ඡති. සචෙ “චාතුද්දසිකං උපොසථං කරිස්සාමා”ති නිසින්නා “පන්නරසො”ති කාතුං වට්ටති. සචෙ පන්නරසිකං කාතුං නිසින්නා පාටිපදෙ අනුපොසථෙ උපොසථං කාතුං න වට්ටති, අඤ්ඤං පන සඞ්ඝකිච්චං කාතුං වට්ටති. ඉදං රත්තිපාරිවාසියං නාම.
නැවැත භික්ෂූහු ‘උපොසථාදිය කරන්නෙමු’යි රාත්‍රියෙහි රැස්ව යම්තාක් සියල්ලෝ රැස්වෙත්ද, ඒතාක් ධර්මය අසන්නෙමු’යි එකක්හට ආරාධනා කෙරෙත්ද, ඔහු ධර්මකථාව කියත්දීම අරුණ නගීද, ඉදින් චාතුද්දසී පොහොය කරන්නෙමු’යි හුන්නාහු පණ්ණරසියයි කිරීම වටියි. ඉදින් පණ්ණරසී පොහොය කරන්නට පෑළවියලත් අනුපොසථ දිනයෙහි පොහොය කිරීම සුදුසු නොවේ. අන්‍යවූ සඞ්ඝකෘත්යය කිරීම වරද නොවේ. මෙය රත්තිපාරිවාසිය නම්වේ.
පුන භික්ඛූ “කිඤ්චිදෙව අබ්භානාදිසඞ්ඝකම්මං කරිස්සාමා”ති නිසින්නා හොන්ති, තත්රෙකො නක්ඛත්තපාඨකො භික්ඛු එවං වදති – “අජ්ජ නක්ඛත්තං දාරුණං, මා ඉමං කම්මං කරොථා”ති. තෙ තස්ස වචනෙන ඡන්දං විස්සජ්ජෙත්වා තත්ථෙව නිසින්නා හොන්ති. අථඤ්ඤො ආගන්ත්වා “නක්ඛත්තං පටිමානෙන්තං අත්ථො බාලං උපච්චගා”ති (ජා· 1.1.49) වත්වා “කිං නක්ඛත්තෙන කරොථා”ති වදති. ඉදං ඡන්දපාරිවාසියඤ්චෙව අජ්ඣාසයපාරිවාසියඤ්ච. එතස්මිං පාරිවාසියෙ පුන ඡන්දපාරිසුද්ධිං අනානෙත්වා කම්මං කාතුං න වට්ටති.
නැවැත භික්ෂූහු ‘අබ්හානාදීවූ කිසි සඞ්ඝකර්මයක් කරන්නෙමු’යි හුන්නාහු වෙත්ද, එහි එක්නැකත් කියන මහණෙක් ‘අද නැකත දරුණුය, මේ කර්මය නොකරවු’ය මෙසේ කියයි. ඒ භික්ෂූන් ඔහුගේ වචනයෙන් ඡන්දය හැර එහිම හුන්නාහු වෙත්. එකල්හි අනිකෙක් අවුත් ‘අර්ත්ථය තෙමේ නැකත් පුදන කියන බාලයා ඉක්ම යන්නේය’යි කියා ‘නැකතින් කිම, කරවු’යි කියයි. මේ ඡන්දපාරිවාසිය නම්වේ. අජ්ඣාසය පාරිවාසිය නම්දවේ. මේ පාරිවාසියයෙහි නැවැත ඡන්දපාරිශුද්ධිය නොගෙණ කර්ම කිරීම සුදුසු නොවේ.
වුට්ඨිතාය පරිසායාති ඡන්දං විස්සජ්ජෙත්වා කායෙන වා වාචාය වා ඡන්දවිස්සජ්ජනමත්තෙනෙව වා උට්ඨිතාය පරිසාය.
“වුට්ඨිතාය පරිසාය” ඡන්දය හැර කයින් හෝ වචනයෙන් ඡන්දය හැරීම් පමණකින් හෝ පිරිස නැගී සිටිකල්හි
අනාපත්ති අවුට්ඨිතාය පරිසායාති ඡන්දං අවිස්සජ්ජෙත්වා අවුට්ඨිතාය අනාපත්ති. සෙසං උත්තානමෙව. තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, පණ්ණත්තිවජ්ජං , කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“අනාපත්ති අවුට්ඨිතාය පරිසාය” ඡන්දය නොහැර නොනැගිටි කල්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
එකාදසමසික්ඛාපදං.
එකොළොස්වන ශික්‍ෂාපදයයි
ද්වාදසමසික්ඛාපදවණ්ණනා
දොළොස්වන සිකපද වර්ණනාව
ද්වාදසමෙ – උපස්සයො න සම්මතීති වසනොකාසො නප්පහොති. සෙසං උත්තානමෙව. සමුට්ඨානාදීනි අනන්තරසදිසානෙවාති.
ද්වාදශ ශික්‍ෂාපදයෙහි - “උපස්සයො න සම්මති” වසන අවකාශය නොපොහොනේය. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු අනතුරු ශික්ෂාපදය හා සමානම වෙත්.
ද්වාදසමසික්ඛාපදං.
දොළොස්වන ශික්‍ෂාපදයයි
තෙරසමසික්ඛාපදවණ්ණනා
තෙළෙස්වන සිකපද වර්ණනාව
තෙරසමෙ – එකං වස්සං ද්වෙති එකන්තරිකෙ එකස්මිං සංවච්ඡරෙ ද්වෙ වුට්ඨාපෙති. සෙසං උත්තානමෙව. සමුට්ඨානාදීනිපි වුත්තසදිසානෙවාති.
ත්‍රයොදශ ශික්‍ෂාපදයෙහි - “එක වස්සං ද්වෙ” එක් අතරක පැවැති එක් අවුරුද්දෙක්හි දෙදෙනක උපසපන් කෙරේද, සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු කියන ලද්දහු හා සමානම වෙති.
තෙරසමසික්ඛාපදං.
තෙළෙස්වන ශික්‍ෂාපදයයි
කුමාරිභූතවග්ගො අට්ඨමො.
අෂ්ටමවූ කුමාරීභූත වර්ගයයි