දසමසික්ඛාපදං
4. 8. 10.
4. 8. 10.
දසමසික්ඛාපදං
දසවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී මාතාපිතූහිපි සාමිකෙනපි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙති. මාතාපිතරොපි සාමිකොපි උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා අම්හෙහි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙස්සතී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො මාතාපිතූනම්පි සාමිකස්සපි උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම අය්යා ථුල්ලනන්දා මාතාපිතූහිපි සාමිකෙනපි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී මාතාපිතූහිපි සාමිකෙනපි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ථුල්ලනන්දා භික්ඛුනී මාතාපිතූහිපි සාමිකෙනපි අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුවක උපසපන් කරවයි. දෙමාපියෝ ද හිමියා ද ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ අප විසින් නො අනුදත් සික්මනුව උපසපන් කරවූ දැ”යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන දෙමාපියන්ගේ ද හිමියාගේ ද (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ” දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී මාතාපිතූහි වා සාමිකෙන වා අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් දෙමාපියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් හික්මනුව උපසපන් කරවා නම් පචිති වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
මාතාපිතරො නාම: ජනකා වුච්චන්ති.
මාතාපිතරො නම්: ජනකයෝ කියනු ලැබෙත්.
සාමිකො නාම: යෙන පරිග්ගහිතා හොති.
සාමික නම්: යමක්හු විසින් පරිගෘහිත වෙයි.
අනනුඤ්ඤාතාති: අනාපුච්ඡා.
අනනුඤ්ඤාතා: නො පිළිවිසැ.
සික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අජානන්තී වුට්ඨාපෙති, අපලොකෙත්වා වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
නො දන්නී උපසපන් කරවා නම්, පිළිවිසැ උපසපන් කරවා නම් ඇවැත් නැත, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසමසික්ඛාපදං.
දසවන සිකපද යි.