නවමසික්ඛාපදං
4. 8. 9.
4. 8. 9.
නවමසික්ඛාපදං
නවවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකවස්සං සික්ඛමානං වුට්ඨාපෙති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකාවස්සං සික්ඛමානං වුට්ඨාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකාවස්සං සික්ඛමානං වුට්ඨාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකවස්සං සික්ඛමානං වුට්ඨාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය ථුල්ලනන්දා තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූ දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනී ගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකවස්සං සික්ඛමානං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක්, පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬවූ සෝ දනවන හික්මනුවක උපසපන්කරවා නම් පචිති වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
පුරිසො නාම: පත්තවීසතිවස්සො.
පුරිස නම්: පැමිණි විසිවස් ඇතියේ යැ.
කුමාරකො නාම: අප්පත්තවීසතිවස්සො.
කුමාරක නම්: නො පැමිණි විසිවස් ඇතියේ යැ.
සංසට්ඨා නාම: අනනුලොමිකෙන කායිකවාචසිකෙන සංසට්ඨා.
සංසට්ඨා නම්: අනුලොම් නො වූ කායික වාචසිකයෙන් මුසුවූවා යැ.
චණ්ඩී නාම: කොධනා වුච්චති.
චණ්ඩී නම්: කිපෙනසුලු වූවා කියන ලැබෙයි.
සොකවස්සා නාම: පරෙසං දුක්ඛං උප්පාදෙති සොකං ආවිසති.
සෝකවස්සා නම්: මෙරමාහට දුක් උපදවයි, සෝ පිවිස්වයි.
සික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචා පරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අජානන්තී වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
නො දන්නී උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවමසික්ඛාපදං.
නවවන සිකපද යි.