එකාදසමසික්ඛාපදං
4. 8. 11.
4. 8. 11.
එකාදසමසික්ඛාපදං
එකොළොස්වන සිකපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී “සික්ඛමානං වුට්ඨාපෙස්සාමී”ති ථෙරෙ භික්ඛූ සන්නිපාතෙත්වා පහූතං ඛාදනීයං භොජනීයං පස්සිත්වා “න තාවාහං අය්යා සික්ඛමානං වුට්ඨාපෙස්සාමී”ති ථෙරෙ භික්ඛූ උය්යොජෙත්වා දෙවදත්තං කොකාලිකං කටමොරකතිස්සකං ඛණ්ඩදෙවියා පුත්තං සමුද්දදත්තං සන්නිපාතෙත්වා සික්ඛමානං වුට්ඨාපෙසි. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:–
1. එසමයෙහි වනාහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්දකනිවාප නම් වේළුවන වෙහෙරෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ හික්මනුවක උපසපන් කරවන්නෙමි යි ස්ථවිර භික්ෂූන් රැස් කරවා බොහෝ කෑ යුතු බිදිය යුතු දෑ බලා “ආර්‍ය්‍යාවෙනි, එතෙක් මම හික්මනුව උපසපන් නො කරවන්නෙමි”යි ස්ථවිර භික්ෂූන් නඟා යවා දේවදත්ත යැ කෝකාලිකයැ කටමොරකතිස්ස යැ ඛණ්ඩදෙවි පුත්‍ර යැ සමුද්දදත්ත යැ (යන මොවුන්) රැස් කරවා හික්මනුව උපසපන් කරවූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් පිරිවෙස් සැඳ දීමෙන් සික්මනුවක උපසපන් කරවා නම් පචිති වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
3. පාරිවාසිකඡන්දදානෙනාති: වුට්ඨිතාය පරිසාය.
3. පාරිවාසිකඡන්දදානෙන: පිරිස නැගිටි කල්හි.
සික්ඛමානා නාම: ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛා.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහටද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අවුට්ඨිතාය පරිසාය වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
පිරිස නො නැගිටි කල්හි උපසපන් කරවා නම් ඇවැත් නැත, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
එකාදසමසික්ඛාපදං.
එකොළොස්වන සිකපද යි.