යෙදුමෙන් කියවන්න

ද‍්වාදසමසික‍්ඛාපදං

4. 8. 12.

4. 8. 12.

ද‍්වාදසමසික‍්ඛාපදං

දොළොස්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො අනුවස‍්සං වුට‍්ඨාපෙන‍්ති, උපස‍්සයො න සම‍්මති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො අනුවස‍්සං වුට‍්ඨාපෙස‍්සන‍්ති, උපස‍්සයො න සම‍්මතී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවත්. මෙහෙණවර නො පොහෝනේ වෙයි. විහාරචාරිකායෙහි හැසිරෙන මිනිස්සු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහු ද, මෙහෙණවර නො පොහෝනේ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො අනුවස‍්සං වුට‍්ඨාපෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො අනුවස‍්සං වුට‍්ඨාපෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො අනුවස‍්සං වුට‍්ඨාපෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහුදැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහු ද. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී අනුවස‍්සං වුට‍්ඨාපෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් වසක් පාසා උපසපන් කරවා නම් පචිති වේ” යයි.

3. යා පනාති: යා, යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

අනුවස‍්සන‍්ති: අනුසංවච‍්ඡරං.

අනුවස්සං: වසක් පාසා.

වුට‍්ඨාපෙය්‍යාති: උපසම‍්පාදෙය්‍ය.

වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.

වුට‍්ඨාපෙස‍්සාමීති ගණං වා ආචරිනිං වා පත‍්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම‍්මන‍්නති ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤත‍්තියා දුක‍්කටං. ද‍්වීහි කම‍්මවාචාහි දුක‍්කටා. කම‍්මවාචාපරියොසානෙ උපජ‍්ඣායාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ගණස‍්ස ච ආචරිනියා ච ආපත‍්ති දුක‍්කටස‍්ස.

උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: එකන‍්තරිකං වුට‍්ඨාපෙති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

එක්වසක් අතරැ තබා උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

ද‍්වාදසමසික‍්ඛාපදං.

දොළොස්වන සිකපද යි.