යෙදුමෙන් කියවන්න

තෙරසමසික‍්ඛාපදං

4. 8. 13.

4. 8. 13.

තෙරසමසික‍්ඛාපදං

තෙළෙස්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො එකං වස‍්සං ද‍්වෙ වුට‍්ඨාපෙන‍්ති. උපස‍්සයො තථෙව න සම‍්මති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා තථෙව උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම භික‍්ඛුනියො එකං වස‍්සං ද‍්වෙ වුට‍්ඨාපෙස‍්සන‍්ති. උපස‍්සයො තථෙව න සම‍්මතී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම භික‍්ඛුනියො එකං වස‍්සං ද‍්වෙ වුට‍්ඨාපෙන‍්තීති සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො එකං වස‍්සං ද‍්වෙ වුට‍්ඨාපෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො එකං වස‍්සං ද‍්වෙ වුට‍්ඨාපෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවත්. මෙහෙණවර එසේම නො පොහෝනේ වෙයි. විහාරචාරිකායෙහි හැසිරෙන මිනිස්සු දැක එසේ මැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවූහු ද? මෙහෙණවර එසේ මැ නො පොහෝනේ යැ යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවූහුදැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ එක්වසැ දෙදෙනෙකුන් උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී එකං වස‍්සං ද‍්වෙ වුට‍්ඨාපෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවා නම් පචිති වේ” යයි.

යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

එකං වස‍්සන‍්ති: එකං සංවච‍්ඡරං.

ඒකං වස්සං: එක්වසැ.

ද‍්වෙ වුට‍්ඨාපෙය්‍යාති: ද‍්වෙ උපසම‍්පාදෙය්‍ය.

ද්වෙ වුට්ඨාපෙය්‍ය: දෙදෙනකුන් උපසපන් කරවයි.

ද‍්වෙ වුට‍්ඨාපෙස‍්සාමීති ගණං වා ආචරිනිං වා පත‍්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම‍්මන‍්නති, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤත‍්තියා දුක‍්කටං. ද‍්වීහි කම‍්මවාචාහි දුක‍්කටා. කම‍්මවාචාපරියොසානෙ උපජ‍්ඣායාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ගණස‍්ස ච ආචරිනියා ච ආපත‍්ති දුක‍්කටස‍්ස.

දෙදෙනකුන් උපසපන් කරවන්නෙමැ යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: එකං වුට‍්ඨාපෙති, උම‍්මත‍්තිකාය එකං වස‍්සං -පෙ- ආදිකම‍්මිකායාති.

එක්වසැ එකක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

තෙරසමසික‍්ඛාපදං.

තෙළෙස්වන සිකපද යි.

කුමාරීභූතවග‍්ගො අට‍්ඨමො.

අට වැනි කුමාරීභූතවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

කුමාරි ද‍්වෙ ච සඞ‍්ඝෙන ද‍්වාදසා සම‍්මතෙන ච අලං චීවර ද‍්වෙ වස‍්සං සංසට‍්ඨා සාමිකෙන ච පරිවාසිකානුවස‍්සං දුවෙ වුට‍්ඨාපනෙන චා’ති.

කුමාරීභූත දෙසිඛ යැ සඞ්ඝසම්මත යැ ඌනද්වාදසවස්ස යැ අසම්මත යැ අලංතාව යැ චීවර යැ ද්වේවස්ස යැ සංසට්ඨ යැ (වර්‍ගය වේ.) සාමිකය සමග පාරිවාසික යැ අනුවස්ස යැ ද්වේවුට්ඨාපනසිඛයෙන් දැ යි.