පඨමසික්ඛාපදං
4. 9. 1.
4. 9. 1.
පඨමසික්ඛාපදං
පළමු සිකපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙස්සන්ති සෙය්යථාපි ගිහී කාමභොගිනියො”ති! අස්සොසුං ඛො භික්ඛුනියො තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, ඡබ්බග්ගියා භික්ඛුනියො ඡත්තූපාහනං ධාරෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් ධරති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ඡත්‍ර හා වහන් ධැරූහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පෙච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ඡත්‍ර හා වහන් ධැරූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් ධරත් ලැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්හා කළහ ... මහණෙනි, “කෙසේ නම් සවග මෙහෙණහු ඡත්‍ර හා වහන් ධැරූහු දැ”යි. මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී ඡත්තූපාහනං ධාරෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක ඡත්‍ර හා වහන් ධරා නම් පචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛුනීනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
භාග්‍යවතුන් විසින් මෙසේත් මේ සිකපදය මෙහෙණන්ට පනවන ලද්දේ වෙයි.
2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී ගිලානා හොති. තස්සා විනා ඡත්තූපාහනා න ඵාසු හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ ගිලානාය භික්ඛුනියා ඡත්තූපාහනං.” එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
2. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා වෙයි. ඇයට ඡත්‍ර හා වහන් නැති වැ පහසු නො වෙයි. භාග්‍යවතුන්ට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, ගිලන් මෙහෙණට ඡත්‍ර හා වහන් අනුදනිමි”. මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී අගිලානා ඡත්තූපාහනං ධාරෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් නො ගිලන්වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති වේ” යයි.
3. යා පනාති: යා, යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති:
3. යාපන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අගිලානා නාම: යස්සා විනා ඡත්තූපාහනං ඵාසු හොති.
අගිලානා නම්: යමකට ඡත්‍ර හා වහන් නැති වැ පහසු වේ ද ඕ තොමෝ ය.
ගිලානා නාම: යස්සා විනා ඡත්තූපාහනං න ඵාසු හොති.
ගිලානා නම්: යමකට ඡත්‍ර හා වහන් නැති වැ පහසු නො වේ ද ඕ තොමෝ ය.
ඡත්තං නාම: තීණි ඡත්තානි සෙතච්ඡත්තං කිලඤ්ජච්ඡත්තං පණ්ණච්ඡත්තං මණ්ඩලබද්ධං සලාකබද්ධං.
ඡත්ත නම්: මඩු බැඳි ලහබැඳි සේසත යැ, කළාල්සත යැ, පත්සතැ යි ඡත්‍ර තුනෙකි.
ධාරෙය්යාති: සකිම්පි ධාරෙති ආපත්ති පාචිත්තියස්ස.
ධාරෙය්ය යනු : වරකුදු ධරා නම් පචිති ඇවැත් වේ.
අගිලානා අගිලානසඤ්ඤා ඡත්තූපාහනං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස. අගිලානා වෙමතිකා ඡත්තූපාහනං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස. අගිලානා ගිලානසඤ්ඤා ඡත්තූපාහනං ධාරෙති ආපත්ති පාචිත්තියස්ස.
නො ගිලන් වූවා නො ගිලන් සන් ඇති වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා විමති ඇති වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා ගිලන් සන් ඇති වැ ඡත්‍ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි.
ඡත්තං ධාරෙති න උපාහනං ආපත්ති දුක්කටස්ස. උපාහනං ධාරෙති න ඡත්තං ආපත්ති දුක්කටස්ස. ගිලානා අගිලානසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ගිලානා වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ගිලානා ගිලානසඤ්ඤා අනාපත්ති:.
ඡත්‍ර ධරා නම් වහන් නො ධරා නම් දුකුළා ඇවැත් වෙයි. වහන් ධරා නම් ඡත්‍ර නො ධරා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා නො ගිලන් සන් ඇත්තී දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා විමති ඇත්තී දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා ගිලන් සන් ඇත්තී ඇවැත් නැති.
අනාපත්ති: ගිලානාය ආරාමෙ ආරාමූපචාරෙ ධාරෙති ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
අනාපත්ති: ගිලන් වූවාට ද ආරාමයෙහි ආරාමූපචාරයෙහි ධරා නම් ඇයට ද ආපදායෙහි ද උම්මත්තිකාවට ද. ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පඨමසික්ඛාපදං.
පළමු වැනි ශික්ෂාපද යි.