යෙදුමෙන් කියවන්න

දුතියසික‍්ඛාපදං

4. 9. 2.

4. 9. 2.

දුතියසික‍්ඛාපදං

දෙවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො යානෙන යායන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො යානෙන යායිස‍්සන‍්ති, සෙය්‍යථාපි ගිහී කාමභොගිනියො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො යානෙන යායිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො යානෙන යායිස‍්සන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො යානෙන යායිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු යානයෙන් යෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් යානයෙන් ගියාහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු යානයෙන් යෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී යානෙන යායෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ”යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

භාග්‍යවතුන් විසින් මෙසේත් මේ ශික්‍ෂාපදය මෙහෙණන්ට පනවන ලද වෙයි.

2. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා භික‍්ඛුනී ගිලානා හොති න සක‍්කොති පදසා ගන‍්තුං -පෙ- භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ ගිලානාය භික‍්ඛුනියා යානං” එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා වෙයි. පයින් යන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන්ට මෙකරුණ දැන්වූහ ... මහණෙනි, ගිලන් මෙහෙණට යානය අනුදනිමි. මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී අගිලානා යානෙන යායෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් නො ගිලන් වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු: ... මෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අභිප්‍රේත භික්‍ෂුණි යි.

අගිලානා නාම: සක‍්කොති පදසා ගන‍්තුං.

අගිලාන නම්: පයින් යන්නට හැකි වෙයි.

ගිලානා නාම: න සක‍්කොති පදසා ගන‍්තුං.

ගිලාන නම්: පයින් යන්නට නොහැකි වෙයි.

යානං නාම: වය‍්හං රථො සකටං සන්‍දමානිකා සිවිකා පාටඞ‍්කී.

යාන නම්: වය්හ යැ රථ යැ ශකට යැ ස්‍යන්‍දමානිකා යැ සිවිකා යැ පාටඞ්ක යි.

යායෙය්‍යාති: සකිම‍්පි යානෙන යායති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

යායෙය්‍ය යනු: වරකුදු යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ.

අගිලානා අගිලානසඤ‍්ඤා යානෙන යායති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගිලානා වෙමතිකා යානෙන යායති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගිලානා ගිලානසඤ‍්ඤා යානෙන යායති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ගිලානා අගිලානසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. ගිලානා වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. ගිලානා ගිලානසඤ‍්ඤා අනාපත‍්ති:.

නො ගිලන් වූවා නොගිලන් සන් ඇති වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා විමති ඇති වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූවා ගිලන්සන් ඇති වැ යේ නම් පචිති ඇවැත් වෙයි. ගිලන් වූවා නොගිලන් සන් ඇති වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා විමති ඇති වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා ගිලන් සන් ඇති වැ යේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ගිලානාය ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.

දුතියසික‍්ඛාපදං.

දෙවැනි ශික්‍ෂාපද යි.