තතියසික‍්ඛාපදං
4. 9. 3.
4. 9. 3.
තතියසික‍්ඛාපදං
තුන්වන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා භික‍්ඛුනී අඤ‍්ඤතරිස‍්සා ඉත්‍ථියා කුලූපිකා හොති. අථ ඛො සා ඉත්‍ථි තං භික‍්ඛුනිං එතදවොච. “හන්‍දය්‍යෙ ඉමං සඞ‍්ඝාණිං අමුකාය නාම ඉත්‍ථියා දෙහී”ති. අථ ඛො සා භික‍්ඛුනී “සචාහං පත‍්තෙන ආදාය ගමිස‍්සාමි විස‍්සරො මෙ භවිස‍්සතීති පටිමුඤ‍්චිත්‍වා අගමාසි. තස‍්සා රථියාය සුත‍්තකෙ ඡින‍්නෙ විප‍්පකිරියිංසු. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො සඞ‍්ඝාණිං ධාරෙස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනියො”ති. සා භික‍්ඛුනී තෙහි මනුස‍්සෙහි උප‍්පණ‍්ඩියමානා මඞ‍්කු අහොසි. අථ ඛො සා භික‍්ඛුනී උපස‍්සයං ගන‍්ත්‍වා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම: භික‍්ඛුනී සඞ‍්ඝාණිං ධාරෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී සඞ‍්ඝාණිං ධාරෙස‍්සති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී සඞ‍්ඝාණිං ධාරෙස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
1. සැවැත්නිදාන යි – එසමයෙහි එක්තරා මෙහෙණක් එක්තරා ස්ත්‍රියකට කුලුපග වෙයි. එසද ඒ ස්ත්‍රී ඒ මෙහෙණට තෙල කරුණ කිව: “ඉඳ ආර්‍ය්‍යාවෙනි, මේ සඞ්ඝාණිය (කටී පලඳනාව) අසුවල් ස්ත්‍රියට දෙව”යි එසඳ ඒ මෙහෙණ ඉදින් මම පාත්‍රයෙන් ගෙන යන්නෙම් නම් මට නො සිහි වන්නේ යයි පැළඳගෙන ගියා යැ. වීථියෙහි දී එහි හුය සිඳුණු කල්හි මිණි විසිරිණ. මිනිස්සු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් සඞ්ඝාණිය ධැරූහු දැ”යි. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූයැ. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ලැ’යි. සැබෑ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ ... මහණෙනි, කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ... මහණෙනි මෙහෙණහු, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී සඞ‍්ඝාණිං ධාරෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් සඞ්ඝාණිය ධරා නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
සඞ‍්ඝාණි නාම: යා කාචි කටූපිකා.
සඞ්ඝාණි නම්: යම් කිසි කටී පලඳනාවකි.
ධාරෙය්‍යාති: සකිම‍්පි ධාරෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
ධාරෙති යනු: වරකුදු ධරා නම් පචිති ඇවැත් වේ.
අනාපත‍්ති: ආබාධප‍්පච‍්චයා, කටිසුත‍්තකං ධාරෙති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
අනාපත්ති: ආබාධ හේතුයෙන් කටීසූත්‍ර ධරා නම් ඇවැත් නැත. උමතුවූවාට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තතියසික‍්ඛාපදං.
තුන්වැනි ශික්‍ෂාපද යි.