යෙදුමෙන් කියවන්න

චතුත්‍ථසික‍්ඛාපදං

4. 9. 4.

4. 9. 4.

චතුත්‍ථසික‍්ඛාපදං

සතරවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඉත්‍ථාලඞ‍්කාරං ධාරෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ඉත්‍ථාලඞ‍්කාරං ධාරෙස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනියො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඉත්‍ථාලඞ‍්කාරං ධාරෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඉත්‍ථාලඞ‍්කාරං ධාරෙස‍්සන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඉත්‍ථාලඞ‍්කාරංධාරෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු ස්ත්‍රී අලඞ්කාර ධරති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දරත්ලැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී ඉත්‍ථාලඞ‍්කාරං ධාරෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් ස්ත්‍රී අලංකාර දරා නම් පචිති ඇවැත් වේ” යි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.

ඉත්‍ථාලංකාරො නාම: සීසූපගො ගීවූපගො හත්‍ථූපගො පාදූපගො කටූපගො.

ඉත්‍ථාලඞ්කාර නම්: හිසැ පළඳනා යැ, ගෙල පළඳනා යැ, අත්පළඳනා යැ, පා පළඳනා යැ, කටී පළඳනා යි.

ධාරෙය්‍යාති: සකිම‍්පි ධාරෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ධාරෙය්‍ය යනු: වරකුදු දරා නම් පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: ආබාධපච‍්චයා උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැති. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

චතුත්‍ථසික‍්ඛාපදං.

සතර වැනි ශික්‍ෂාපද යි.