යෙදුමෙන් කියවන්න

පඤ‍්චම සික‍්ඛාපදං

4. 9. 5.

4. 9. 5.

පඤ‍්චම සික‍්ඛාපදං

පස්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ගන්‍ධවණ‍්ණකෙන නහායන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ගන්‍ධවණ‍්ණකෙන නහායිස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනියො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ගන්‍ධවණ‍්ණකෙන නහායිස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ගන්‍ධවණ‍්ණකෙන නහායන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ගන්‍ධවණ‍්ණකෙන නහායිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු සුවඳින් හා පැහැගන්වන දැයින් යුතු වැ ස්නාන කෙරෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කෙරෙත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... “කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී ගන්‍ධවණ‍්ණකෙන නහායෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කෙරේ නම් පචිති ඇවැත් වේ” යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.

ගන්‍ධො නාම: යො කොචි ගන්‍ධො.

ගන්‍ධ නම්: යම් කිසි ගඳෙකි.

වණ‍්ණකං නාම: යං කිඤ‍්චි වණ‍්ණකං.

වණ්ණක නම්: යම් කිසි වර්‍ණයෙකි.

නහායෙය්‍යාති: නහායති. පයොගෙ දුක‍්කටං, නහානපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නහායෙය්‍ය යනු: ස්නාන කෙරෙයි. ප්‍රයෝගයෙහි දුකුළා ඇවැත් වෙයි. ස්නාන කෙළවර පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: ආබාධප‍්පච‍්චයා උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැත. උමතු වූවාට ... ආදිකම්මික වූවාට ඇවැත් නැති.

පඤ‍්චමසික‍්ඛාපදං.

පස්වැනි ශික්‍ෂාපද යි.