ඡට‍්ඨසික‍්ඛාපදං
4. 9. 6.
4. 9. 6.
ඡට‍්ඨසික‍්ඛාපදං
සවන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො වාසිතකෙන පිඤ‍්ඤාකෙන නහායන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො වාසිතකෙන පිඤ‍්ඤාකෙන නහායිස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනියො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො වාසිතකෙන පිඤ‍්ඤාකෙන නහායිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො වාසිතකෙන පිඤ‍්ඤාකෙන නහායන‍්තීති.
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු සුවඳ කැවූ තල මුරුවටයෙන් ස්නාන කෙරෙති. මිනිස්සු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කෙරෙත් ලැයි.
සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො වාසිතකෙන පිඤ‍්ඤාකෙන නහායිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි මෙහෙණහු, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී වාසිතකෙන පිඤ‍්ඤාකෙන නහායෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කෙරේ නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
වාසිතකං නාම: යං කිංචි ගන්‍ධවාසිතකං.
වාසිතක නම්: යම් කිසි සුවඳකවන ලද්දකි.
පිඤ‍්ඤාකං නාම: තිලපිට‍්ඨං වුච‍්චති.
පිඤ්ඤාක නම්: තලපිටි යයි කියනු ලැබේ.
නහායෙය්‍යාති නහායති. පයොගෙ දුක‍්කටං, නහානපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
නහායෙය්‍ය යනු: ස්නාන කෙරෙයි. ප්‍රයෝගයෙහි දුකුළා ඇවැත් වෙයි. ස්නාන කෙළවර පචිති ඇවැත් වේ.
අනාපත‍්ති: ආබාධප‍්පච‍්චයා පකතිපිඤ‍්ඤාකෙන නහායති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැත. පියවි මුරුවටයෙන් ස්නාන කෙරේ ද, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
ඡට‍්ඨසික‍්ඛාපදං.
සවැනි ශික්‍ෂාපද යි.