සත‍්තමසික‍්ඛාපදං
4. 9. 7.
4. 9. 7.
සත‍්තමසික‍්ඛාපදං
සත්වන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො භික‍්ඛුනියා උම‍්මද‍්දාපෙන‍්තිපි පරිමද‍්දාපෙන‍්තිපි. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො භික‍්ඛුනියා උම‍්මද‍්දාපෙස‍්සන‍්තිපි පරිමද‍්දාපෙස‍්සන‍්තිපි සෙය්‍යථාපි ගිහීකාමභොගිනියො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො භික‍්ඛුනියා උම‍්මද‍්දාපෙස‍්සන‍්තිපි පරිමද‍්දාපෙස‍්සන‍්ති පී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො භික‍්ඛුනියා උම‍්මද‍්දාපෙන‍්ති පි පරිමද‍්දාපෙන‍්ති පීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො භික‍්ඛුනියා උම‍්මද‍්දාපෙස‍්සන‍්ති පි පරිමද‍්දාපෙස‍්සන‍්ති පි. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද කරවති, සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් මෙහෙණක ලවා ඇඟ ඉලීම ද, සම්බාහන ද කරවූහු දැ යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහුද ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ යි. මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී භික‍්ඛුනියා උම‍්මද‍්දාපෙය්‍ය වා පරිමද‍්දාපෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් මෙහෙණක ලවා ඇඟ ඉලීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්‍ෂුණී යි.
භික‍්ඛුනියාති: අඤ‍්ඤාය භික‍්ඛුනියා.
භික්ඛුනියා යනු: අන් මෙහෙණක ලවා.
උම‍්මද‍්දාපෙය්‍ය වා ති: උබ‍්බට‍්ටාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
උම්මද්දාපෙය්‍ය වා යනු: ඇඟ උළවා නම් පචිති ඇවැත් වෙයි.
පරිමද‍්දාපෙය්‍ය වා ති: සම‍්බාහාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
පරිමද්දාපෙය්‍ය වා යනු: සම්බාහන කරවා නම් පචිති ඇවැත් වේ.
අනාපත‍්ති: ගිලානාය, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
අනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
සත‍්තමසික‍්ඛාපදං.
සත්වැනි ශික්‍ෂාපද යි.