යෙදුමෙන් කියවන්න

අට‍්ඨම-නවම-දසමසික‍්ඛාපදං

4. 9. 8-10.

4. 9. 8-10.

අට‍්ඨම-නවම-දසමසික‍්ඛාපදං

අට–නව–දසවන සිකපද

1. සාවත්‍ථිනිදානං - තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො සික‍්ඛමානාය උම‍්මද‍්දාපෙන‍්තිපි පරිමද‍්දාපෙන‍්තිපි -පෙ- සාමණෙරාය උම‍්මද‍්දාපෙන‍්තිපි පරිමද‍්දාපෙන‍්තිපි. -පෙ- ගිහීනියා උම‍්මද‍්දාපෙන‍්තිපි පරිමද‍්දාපෙන‍්තිපි. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ගිහීනියා උම‍්මද‍්දාපෙස‍්සන‍්තිපි පරිමද‍්දාපෙස‍්සන‍්තිපි සෙය්‍යථාපි ගිහී කාමභොගිනියො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම භික‍්ඛුනියො ගිහීනියා උම‍්මද‍්දාපෙස‍්සන‍්තිපි, පරිමද‍්දාපෙස‍්සන‍්තිපී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනියො ගිහීනියා උම‍්මද‍්දාපෙන‍්තිපි පරිමද‍්දාපෙන‍්තිපීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනියො ගිහීනියා උම‍්මද‍්දාපෙන‍්තිපි පරිමද‍්දාපෙන‍්තිපි. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු ශික්‍ෂමාණාවක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... හෙරැණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පෙච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි ... “සැබෑ ද මහණෙනි, මෙහෙණහු ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු ගෘහිණිය ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී සික‍්ඛමානාය -පෙ- සාමණෙරාය -පෙ- ගිහීනියා උම‍්මද‍්දාපෙය්‍ය වා පරිමද‍්දාපෙය්‍ය වා, පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් ශික්‍ෂමානාවක ... හෙරණියක ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.

සික‍්ඛමානා නාම: ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛා.

සික්ඛමානා නම්: දෑවුරුද්දක් සවැදෑරුම් ධර්‍මයෙහි හික්මුණු ශික්‍ෂා ඇත්තී.

සාමණෙරා නාම: දසසික‍්ඛාපදිකා.

සාමණේරා නම්: දශ ශික්‍ෂාපද ඇත්තී.

ගිහිනී නාම: අගාරිනී වුච‍්චති.

ගිහීනි නම්: ගෘහිණී කියනු ලැබේ.

උම‍්මද‍්දාපෙය්‍ය වාති: උබ‍්බට‍්ටාපෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උම්මද්දාපෙය්‍ය වා යනු: ඇඟ ඉළීම කරවානම් පචිති ඇවැත් වෙයි.

පරිමද‍්දාපෙය්‍ය වාති: සම‍්බාහාපෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පරිමද්දාපෙය්‍ය වා යනු: සම්බාහන කරවා නම් පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: ගිලානාය ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.

අට‍්ඨම නවම දසම සික‍්ඛාපදානි.

අට–නව–දසවැනි ශික්‍ෂාපද යි.