එකාදසමසික්ඛාපදං
4. 9. 11.
4. 9. 11.
එකාදසමසික්ඛාපදං
එකොළොස්වන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදන්ති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනියො භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ, භික්ඛුනියො භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ, භික්ඛුනියො භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදිස්සන්ති. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හිඳගනිති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හුන්හු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හිඳිත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හුන්හු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්ෂාපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් මහණක්හු පෙරට වැ නො විචාරා අස්නෙකැ හිඳගන්නී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන යනු : යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
භික්ඛුස්ස පුරතොති: උපසම්පන්නස්ස පුරතො.
භික්ඛුස්ස පුරතො යනු: උපසපනක්හු පෙරට වැ.
අනාපුච්ඡාති: අනපලොකෙත්වා.
අනුපුච්ඡා යනු: අපලෝකන නො කොට.
ආසනෙ නිසීදෙය්යාති: අන්තමසො ඡමායපි නිසීදති, ආපත්ති පාචිත්තියස්ස.
ආසනෙ නිසීදෙය්ය යනු: යටත් පිරිසෙයින් බිම ද හිඳී නම් පචිති ඇවැත් වේ.
අනාපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආසනෙ නිසීදති, ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ වෙමතිකා ආසනෙ නිසීදති, ආපත්ති පාචිත්තියස්ස. අනාපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා ආසනෙ නිසීදති, ආපත්ති පාචිත්තියස්ස.
නො විචාළ කල්හි නො විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විමති ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
ආපුච්ඡිතෙ අනාපුච්ඡිතසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. ආපුච්ඡිතෙ ආපුච්ඡිතසඤ්ඤා අනාපත්ති:.
විචාළ කල්හි නො විචාළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විචාළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.
අනාපත්ති: ආපුච්ඡා ආසනෙ නිසීදති, ගිලානාය, ආපදාසු උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
අනාපත්ති: විචාරා අස්නෙහි හිඳී ද ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට දඇවැත් නැති.
එකාදසමසික්ඛාපදං.
එකොළොස්වැනි ශික්ෂාපද යි.