යෙදුමෙන් කියවන්න

ද‍්වාදසමසික‍්ඛාපදං

4. 9. 12.

4. 9. 12.

ද‍්වාදසමසික‍්ඛාපදං

දොළොස්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො අනොකාසකතං භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡන‍්ති. භික‍්ඛූ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො අනොකාසකතං භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡිස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො අනොකාසකතං භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡන‍්තී”ති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම, භික‍්ඛවෙ භික‍්ඛුනියො අනොකාසකතං භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු අවකාශ නො කළ මහණහු අතින් පැන පුළුවුස්ති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු දැ”යි ... ‘සැබෑ ද මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පුළුවුසිත් ලැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී අනොකාසකතං භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් නො කළ අවකාශ ඇති මහණක්හු අතින් පැන පුළුවුස්නී නම් පචිති ඇවැත් වේ” යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.

අනොකාසකතන‍්ති: අනාපුච‍්ඡා.

අනෝකාසකතං යනු: නො විචාරා.

භික‍්ඛුන‍්ති: උපසම‍්පන‍්නං.

භික්ඛුං යනු: උපසපනක්හු.

පඤ‍්හං පුච‍්ඡෙය්‍යාති: සුත‍්තන‍්තෙ ඔකාසං කාරාපෙත්‍වා විනයං වා අභිධම‍්මං වා පුච‍්ඡති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. විනයෙ ඔකාසං කාරාපෙත්‍වා සුත‍්තන‍්තං වා අභිධම‍්මං වා පුච‍්ඡති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අභිධම‍්මෙ ඔකාසං කාරාපෙත්‍වා සුත‍්තන‍්තං වා විනයං වා පුච‍්ඡති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පඤ්හං පුච්ඡෙය්‍ය යනු: සූත්‍රාන්තයෙහි අවකාශ කරවා විනය හෝ අභිධර්‍මය හෝ පුළුවුසි නම් පචිති ඇවැත් වෙයි. විනයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ අභිධර්‍මය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අභිධර්‍මයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ විනය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වේ.

අනාපුච‍්ඡිතෙ අනාපුච‍්ඡිතසඤ‍්ඤා පඤ‍්හං පුච‍්ඡති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනාපුච‍්ඡිතෙ වෙමතිකා පඤ‍්හං පුච‍්ඡති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනාපුච‍්ඡිතෙ ආපුච‍්ඡිතසඤ‍්ඤා පඤ‍්හං පුච‍්ඡති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අවකාශ නො කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි විමති ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි අවකාශ කළ සංඥා ඇතිවැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි.

ආපුච‍්ඡිතෙ අනාපුච‍්ඡිතසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. ආපුච‍්ඡිතෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. ආපුච‍්ඡිතෙ ආපුච‍්ඡිතසඤ‍්ඤා අනාපත‍්ති.

අවකාශ කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි අවකාශ කළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ඔකාසං කාරාපෙත්‍වා පුච‍්ඡති, අනොදිස‍්ස ඔකාසං කාරාපෙත්‍වා යත්‍ථ කත්‍ථචි පුච‍්ඡති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනාපත්ති: අවකාශ කරවා පුළුවුසී ද, අවධි නො කොට, අවකාශ කරවා යම් කිසි තැනෙක පුළුවුසී ද, උමතු වූවාට ද ... ආදි කම්මික වූවාට ද ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දොළොස්වැනි ශික්‍ෂාපද යි.