යෙදුමෙන් කියවන්න

තෙරසමසික‍්ඛාපදං

4. 9. 13.

4. 9. 13.

තෙරසමසික‍්ඛාපදං

තෙළෙස්වන සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා භික‍්ඛුනී අසඞ‍්කච‍්චිකා ගාමං පිණ‍්ඩාය පාවිසි. තස‍්සා රථිකාය වාතමණ‍්ඩලිකා සඞ‍්ඝාටියො උක‍්ඛිපිංසු. මනුස‍්සා උක‍්කුට‍්ඨිං අකංසු සුන්‍දරා අය්‍යාය ථනූදරාති. සා භික‍්ඛුනී තෙහි මනුස‍්සෙහි උප‍්පණ‍්ඩියමානා මඞ‍්කු අහොසි. අථ ඛො සා භික‍්ඛුනී උපස‍්සයං ගන‍්ත්‍වා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම භික‍්ඛුනී අසඞ‍්කච‍්චිකා ගාමං පවිසිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ, භික‍්ඛුනී අසඞ‍්කච‍්චිකා ගාමං පාවිසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ, භික‍්ඛුනී අසඞ‍්කච‍්චිකා ගාමං පවිසිස‍්සති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි එක්තරා මෙහෙණක් සඞ්කච්චිකා (සැට්ටය) රහිත වැ පිඬු පිණිස ගමට වන. වීථියෙහි වාසුළි ඇගේ සඟළ සිවුරු නඟාලී යැ. මිනිස්සු ආර්‍ය්‍යාවගේ පයෝධර හා උදරය සුන්‍දර යැ යි ඔල්වරසන් නැඟූහ. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූ ය. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ”යි. –පෙ– සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූව ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී අසඞ‍්කච‍්චිකා ගාමං පවිසෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගම් වදී නම් පචිති ඇවැත් වේ” යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.

අසඞ‍්කච‍්චිකාති: විනා සංකච‍්චිකං.

අසඞ්කච්චිකා යනු: සඞ්කච්චිකාව නැති වැ.

සඞ‍්කච‍්චිකා නාම: අධක‍්ඛකං උබ‍්භනාභි තස‍්ස පටිච‍්ඡාදනත්‍ථාය.

සඞ්කච්චිකා නම්: අකු ඇටින් යට, නාභියෙන් උඩ. එය වසනු සඳහා.

ගාමං පවිසෙය්‍යාති: පරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස පරික‍්ඛෙපං අතික‍්කාමෙන‍්තියා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අපරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස උපචාරං ඔක‍්කමන‍්තියා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ගාමං පවිසෙය්‍ය යනු: පිරිකෙව් කරන ලද ගම්හි පිරිකෙව් ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. පිරිකෙව් නොකළ ගම්හි උපචාරයට බැසගන්නියට පචිති ඇවැත්වෙ යි.

අනාපත‍්ති: අච‍්ඡින‍්නචීවරිකාය, නට‍්ඨචීවරිකාය, ගිලානාය, අසතියා, අජානන‍්තියා, ආපදාසු, උම‍්මත‍්තිකාය ආදිකම‍්මිකායාති.

අනාපත්ති: අසිඳැගත් සිවුරු ඇතියාට, නට සිවුරු ඇතියාට, ගිලන් වූවාට, නොසිහියෙන් ගියාට, නොදන්නියට, ආපදායෙහි, උමතු වූවාට, ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.

තෙරසමසික‍්ඛාපදං.

තෙළෙස් වැනි ශික්‍ෂාපද යි.

ඡත‍්තූපාහනවග‍්ගො නවමො.

නවවැනි ඡත්තුපාහන වර්‍ග යි.

උද‍්දිට‍්ඨා ඛො අය්‍යායො ඡසට‍්ඨිසතා පාචිත‍්තියා ධම‍්මා. තත්‍ථාය්‍යායො පුච‍්ඡාමි –කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. දුතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. තතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. පරිසුද‍්ධෙත්‍ථාය්‍යායො. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමීති.

ආර්‍ය්‍යාවෙනි, එක්සිය සසැටක් පාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? දෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? තෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පිරිසුදු වෙති. එහෙයින් තූෂ්ණිම්භූතයහ. තෙල මෙසේ ධරමි’යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ඡත‍්තං යානඤ‍්ච සඞ‍්ඝාණි ලඞ‍්කාරා ගන්‍ධ පිඤ‍්ඤකා භික‍්ඛුනී සික‍්ඛමානා ච සාමණෙරා ගිහීනියා අනාපුච‍්ඡා අනොකාසා අසඞ‍්කච‍්චිකාය තෙරසා’ති.

ඡත්‍ර යැ යාන යැ සඞ්ඝාණි යැ අලඞ්කාර යැ ගන්‍ධපිඤ්ඤාක යැ භික්ඛුනී සික්ඛමානා සාමණේරා ගිගීනී සම්බන්‍ධ උම්මද්දන පරිමද්දන ශික්‍ෂා යැ අනාපුච්ඡා යැ අනෝකාස යැ අසඞ්කච්චිකා යි ශික්‍ෂා තෙළෙසකි.

වග‍්ගුද‍්දානං:

වර්‍ග උද්දානය:

ලසුනං අන්‍ධකාරඤ‍්ච නග‍්ගා තුවට‍්ඨිකෙන ච චින‍්තාරාම ගබ‍්භිනී ච කුමාරි ඡත‍්තුපාහනාති.

ලසුන යැ අන්‍ධකාර ය: නග්න යැ තුවට්ටක යැ චිත්තාරාම යැ ගබ්භිනී යැ කුමාරී යැ ඡත්තූපාහන යි.

ඛුද‍්දකං නිට‍්ඨිතං.

ඛුද්දකය නිමි.