යෙදුමෙන් කියවන්න

පඨමපාටිදෙසනීයසික‍්ඛාපදං

පඨමපාටිදෙසනීයසික‍්ඛාපදං

පළමු පිළිදෙස්නී සිකපදය

ඉමෙ ඛො පනාය්‍යායො අට‍්ඨ පාටිදෙසනීයා ධම‍්මා උද‍්දෙසං ආගච‍්ඡන‍්ති:

ආර්‍ය්‍යාවෙනි, මේ අෂ්ටපාටිදේසනීය ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්ති. කස‍්ස සම‍්පන‍්නං න මනාපං, කස‍්ස සාදුං න රුච‍්චතී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛිය්‍යන‍්තානං විපාචෙන‍්තානං.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වළඳත්. මිනිස්සු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහු දැ”යි. කවරකුහට මිහිරිදැය නො මැනැවි ද, කවරකුහට රසවත්දැය නො රුස්නේ දැ යි. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්‍තති ශබ්දය) ඇසූහු.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: – “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර, භික‍්ඛවෙ, ඡබ‍්බග‍්ගියා, භික‍්ඛුනියො සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහුදැ” යි ... සැබෑද මහණෙනි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වළඳත්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහුද. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

“යා පන භික‍්ඛුනී සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජෙය්‍ය, පටිදෙසෙතබ‍්බං තාය භික‍්ඛුනියා – ගාරය‍්හං අය්‍යෙ ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමීති.

යම් මෙහෙණක් ගිතෙල් විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්‍ය්‍යාවෙනි ගැරහිය යුතුවූ නුසුදුසුවූ පිළිදෙස්නට නිසි ඇවතකට පැමිණියෙමි. එය පිළිදෙසමි යි පටිදේසනා කළයුතුයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො ගිලානා හොන‍්ති. ගිලානපුච‍්ඡිකා භික‍්ඛුනියො ගිලානා භික‍්ඛුනියො එතදවොචුං: “කච‍්චි අය්‍යෙ ඛමනීයං කච‍්චි යාපනීය”න‍්ති. “පුබ‍්බෙ මයං, අය්‍යෙ සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජාම. තෙන නො ඵාසු හොති. ඉදානි පන භගවතා පටික‍්ඛිත‍්තන‍්ති කුක‍්කුච‍්චායන‍්තා න විඤ‍්ඤාපෙම. තෙන නො න ඵාසු හොතී”ති. -පෙ- භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ ගිලානාය භික‍්ඛුනියා සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිතුං”. එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

3. එසමයෙහි මෙහෙණෝ ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මෙහෙණෝ ගිලන් මෙහෙණන්හට තෙල කරුණ කීහු. “කිමෙක්ද ආර්‍ය්‍යාවෙනි ඉවසියහැකිද යැපිය හැකිදැ” යි. “ආර්‍ය්‍යාවෙනි ඇපි පෙරැ ගිතෙල් විනවා වළඳමු. එයින් අපට පහසු වෙයි. දැන් වනාහි භාග්‍යවතුන් විසින් පිළිකෙව් කරන ලදැයි කුකුස්කරන්නමෝ නො විනවමු. එයින් අපට පහසු නො වේයැ” යි. තෙල කරුණ භාග්‍යවතුන්හට ඇරොජූහ ... මහණෙනි ගිලන් මෙහෙණහට ගිතෙල් විනවා බුදින්නට අනුදනිමි. මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී අගිලානා සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජෙය්‍ය පටිදෙසෙතබ‍්බං තාය භික‍්ඛුනියා ගාරය‍්හං අය්‍යෙ ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමීති.

යම් මෙහෙණක් නොගිලන්වූවා ගිතෙල් විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්‍ය්‍යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි, එය පිළිදෙසමියි.

4. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

4. යා පන යනු: යම් යම්බඳු ... භික්ඛුනී යනු ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද මෙහෙණ යි.

අගිලානා නාම: යස‍්සා විනා සප‍්පිනා ඵාසු හොති. ගිලානා නාම: යස‍්සා විනා සප‍්පිනා න ඵාසු හොති. සප‍්පි නාම: ගොසප‍්පි වා අජිකා සප‍්පි වා මාහිසං වා සප‍්පි. යෙසං මංසං කප‍්පති තෙසං සප‍්පි.

අගිලානා නම්: යමකට ගිතෙලින් වෙන්වැ පහසු වේ නම් හෝ යැ. ගිලානා නම්: යමකට ගිතෙලින් වෙන්වැ පහසු නො වේ නම් හෝ යැ. සප්පි නම්: ගව ගිතෙල් හෝ එළු ගිතෙල් හෝ මිහි ගිතෙල් හෝ යි. යම් කෙනෙකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ ගිතෙල් යැ.

අගිලානා අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙති පයොගෙ දුක‍්කටං. පටිලාභෙන භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

නොගිලන්වූවා තමා උදෙසා විනවා නම් පියෝහි දුකුළා යැ. පිළිලැබීමෙන් වළඳන්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.

අගිලානා අගිලානසඤ‍්ඤා සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අගිලානා වෙමතිකා සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අගිලානා ගිලානසඤ‍්ඤා සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

නොගිලන්වූවා නොගිලන්සන් ඇතිවැ ගිතෙල් විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා විමති ඇතිවැ ගිතෙල් විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා ගිලන්සන් ඇතිවැ ගිතෙල් විනවා නම් පිළිදෙස්නී ඇවැත් වේ.

ගිලානා අගිලානසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. ගිලානා වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. ගිලානා ගිලානසඤ‍්ඤා අනාපත‍්ති.

ගිලන්වූවා නොගිලන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා විමතිඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා ගිලන්සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ගිලානාය ගිලානා හුත්‍වා විඤ‍්ඤාපෙත්‍වා අගිලානා භුඤ‍්ජති, ගිලානාය සෙසකං භුඤ‍්ජති, ඤාතකානං පවාරිතානං, අඤ‍්ඤස‍්සත්‍ථාය, අත‍්තනො ධනෙන, උම‍්මත‍්තිකාය, ආදිකම‍්මිකායාති.

අනාපත්ති: ගිලනහට ගිලනක්වැ විනවා නොගිලනක්වැ වළඳා නම්, ගිලනගේ ශේෂය වළඳා නම්, නෑයන්ගේ, පෑවරියන්ගේ, අනෙකක්හු උදෙසා නම්, තමාගේ ධනයෙන්, උන්මත්තිකාවට, ආදිකම්මිකාවට ඇවැත් නැති.

පඨමපාටිදෙසනීයසික‍්ඛාපදං.

පළමු පිළිදෙස්නී සිකපදය නිමි.