යෙදුමෙන් කියවන්න

දුතියා-අට‍්ඨම පාටිදෙසනීයසික‍්ඛාපදං

දුතියා-අට‍්ඨම පාටිදෙසනීයසික‍්ඛාපදං

දෙවන – අටවන පිළිදෙස්නී සිකපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො තෙලං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති. -පෙ- මධුං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති -පෙ- ඵාණිතං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති -පෙ- මච‍්ඡං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති -පෙ- මංසං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති -පෙ- ඛීරං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති -පෙ- දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම භික‍්ඛුනියො දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්ති. කස‍්ස සම‍්පන‍්නං න මනාපං, කස‍්ස සාදුං න රුච‍්චතීති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛිය්‍යන‍්තානං විපාචෙන‍්තානං.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තලතෙල් විනවා වළඳත්. ... මී විනවා වළඳත්. ... උක්පැණි විනවා වළඳත්. ... දියමස් විනවා වළඳත්. ... ගොඩමස් විනවා වළඳත්. ... කිරි විනවා වළඳත්. ... දිහි විනවා වළඳත්. මිනිස්සු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස්පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දිහි විනවා ගෙන වැළඳූහුදැ” යි. කවරකුහට මිහිරිදැය නොමැනැවිද, කවරකුහට රසවත්දැය නොරුස්නේ දැ යි. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති,– “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. කෙසේ නම් සවග මෙහෙණෝ දිහි විනවා වැළඳූහුදැ යි ... සැබෑද මහණෙනි සවග මෙහෙණෝ දිහි විනවා වළඳත්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ දිහි විනවා වැළඳූහුද. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජෙය්‍ය පටිදෙසෙතබ‍්බං තාය භික‍්ඛුනියා – ‘ගාරය‍්හං අය්‍යෙ ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමීති.

යම් මෙහෙණක් දිහි විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්‍ය්‍යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි. එය පිළිදෙසමියි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො ගිලානා හොන‍්ති. ගිලානපුච‍්ඡිකා භික‍්ඛුනියො ගිලානා භික‍්ඛුනියො එතදවොචුං: “කච‍්චි අය්‍යෙ ඛමනීයං කච‍්චි යාපනීය”න‍්ති. “පුබ‍්බෙ මයං, අය්‍යෙ දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජාම. තෙන නො ඵාසු හොති. ඉදානි පන භගවතා පටික‍්ඛිත‍්තන‍්ති කුක‍්කුච‍්චායන‍්තා න විඤ‍්ඤාපෙම. තෙන නො න ඵාසු හොතී”ති -පෙ- භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ ගිලානාය භික‍්ඛුනියා දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිතුං”. එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

3. එසමයෙහි මෙහෙණෝ ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මෙහෙණෝ ගිලන් මෙහෙණන්හට තෙල කරුණ කීහු. “කිමෙක්ද ආර්‍ය්‍යාවෙනි ඉවසිය හැකිද කිම යැපියහැකිදැ”යි. “ආර්‍ය්‍යාවෙනි, ඇපි පෙරැ දිහි විනවා වළඳමු. එයින් අපට පහසුවෙයි. දැන් වනාහි භාග්‍යවතුන් විසින් පිළිකෙව් කරනලදැයි කුකුස්කරන්නමෝ නො විනවමු. එයින් අපට පහසු නො වේයැ” යි. තෙල කරුණ භාග්‍යවතුන් හට ඇරොජූහු. ... මහණෙනි, ගිලන් මෙහෙණහට දිහි විනවා බුදින්නට අනුදනිමි. මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

“යා පන භික‍්ඛුනී අගිලානා දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජෙය්‍ය පටිදෙසෙතබ‍්බං තාය භික‍්ඛුනියා ගාරය‍්හං අය්‍යෙ ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමීති.

යම් මෙහෙණක් නොගිලන්වූවා දිහි විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ‘ආර්‍ය්‍යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි, එය පිළිදෙසමියි පටිදේසනා කළයුතු යි.

4. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

4. යා පන යනු: යම් යම්බඳු ... භික්ඛුනී යනු ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද මෙහෙණයි.

අගිලානා නාම: යස‍්සා විනා දධිනා ඵාසු හොති. ගිලානා නාම: යස‍්සා විනා දධිනා න ඵාසු හොති. තෙලං නාම: තිලතෙලං සාසපතෙලං මධුකතෙලං එරණ‍්ඩතෙලං වසාතෙලං. මධු නාම: මක‍්ඛිකාමධු. ඵාණිතං නාම: උච‍්ඡුම‍්හා නිබ‍්බත‍්තං. මච‍්ඡො නාම: ඔදකො වුච‍්චති. මංසං නාම: යෙසං මංසං කප‍්පති තෙසං මංසං. ඛීරං නාම: ගොඛීරං වා අජිකාඛීරං වා මහිංසඛීරං වා යෙසං මංසං කප‍්පති තෙසං ඛීරං. දධි නාම: තෙසඤ‍්ඤෙව දධිං.

අගිලානා නම්: යමකට දිහියෙන් වෙන්වැ පහසු වේ නම් හෝ යැ. ගිලානා නම් යමකට දිහියෙන් වෙන්වැ පහසු නො වේ නම් හෝ යැ. තෙල නම් තලතෙල්, අබතෙල්, මීතෙල්, එරඬුතෙල්, වුරුණුතෙල් යැ. මධු නම් මැසිමීයැ, ඵාණිත නම් උක්පැණි යැ. මච්ඡ නම් දියමසයැයි කියනු ලැබේ. මංස නම් යම්කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ මස්යැ. ඛීර නම් ගවකිරි හෝ එළුකිරි හෝ මිහිකිරි හෝ යම්කෙනකුන්ගේ මස් කැපනම් ඔවුන්ගේ කිරි යැ. දධි නම් ඔවුන්ගේමැ දිහියැ.

අගිලානා අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙති පයොගෙ දුක‍්කටං. පටිලාභෙන භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අගිලානා අගිලානසඤ‍්ඤා දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

නොගිලන්වූවා තමා උදෙසා විනවා නම් පියෝහි දුකුළා යැ. පිළිලැබීමෙන් වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.

අගිලානා අගිලානසඤ‍්ඤා දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අගිලානා වෙමතිකා දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අගිලානා ගිලානසඤ‍්ඤා දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

නොගිලන්වූවා නොගිලන්සන් ඇතිවැ දිහි විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා විමති ඇතිවැ දිහි විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා ගිලන්සන් ඇතිවැ දිහි විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ.

ගිලානා අගිලානසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. ගිලානා වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. ගිලානා ගිලානසඤ‍්ඤා අනාපත‍්ති.

ගිලන්වූවා නොගිලන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා ගිලන්සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ගිලානාය ගිලානා හුත්‍වා විඤ‍්ඤාපෙත්‍වා අගිලානා භුඤ‍්ජති, ගිලානාය සෙසකං භුඤ‍්ජති, ඤාතකානං පවාරිතානං, අඤ‍්ඤස‍්සත්‍ථාය අත‍්තනො ධනෙන උම‍්මත‍්තිකාය ආදිකම‍්මිකායාති.

අනාපත්ති: ගිලනහට, ගිලනක් වැ විනවා නොගිලනක් වැ වළඳා නම්, ගිලනකගේ ශේෂය වළඳා නම්, නෑයන්ගේ නම්, පැවරියන්ගේ නම්, අනෙකක්හු උදෙසා නම්, තමාගේ ධනයෙන් නම්, උමතුවූවකට, ආදිකම්මිකාවට ඇවැත් නැති.

අට‍්ඨමපාටිදෙසනීයසික‍්ඛාපදං.

අටවැනි පිළිදෙස්නී සිකපදයි.

7. උද‍්දිට‍්ඨා ඛො අය්‍යායො අට‍්ඨපාටිදෙසනීයා ධම‍්මා. තත්‍ථාය්‍යායො පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. දුතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. තතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. පරිසුද‍්ධෙත්‍ථය්‍යායො, තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමීති.

7. ආර්‍ය්‍යාවෙනි අෂ්ට පාටිදේසනීය ධර්‍මයෝ උදෙසන ලදහ. එහිලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? තෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදුවවු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූතයහ. තෙල කරුණ මෙසේ දරමියි.

පාටිදෙසනීයානිට‍්ඨිතා.

පාටිදේසනීය ශික්‍ෂා නිමි.