යෙදුමෙන් කියවන්න

6. සෙඛියා

6. සෙඛියා

6. සේඛියකාණ්ඩය

ඉමෙ ඛො පනාය්‍යායො සෙඛියාධම‍්මා උද‍්දෙසං ආගච‍්ඡන‍්ති.

ආර්‍ය්‍යාවෙනි මේ සේඛියධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්ති නිවාසෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: – “කථං හි නාම භික‍්ඛුනියො පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තී නිවාසෙස‍්සන‍්ති, සෙය්‍යථාපි ගිහිනියො කාමභොගිනියො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛිය්‍යන‍්තානං විපාචෙන‍්තානං.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්. මිනිස්සු ලමුකොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්. කෙසේ නම් මෙහෙණෝ කාමභෝගී ගිහියන් මෙන් ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හැන්දාහුදැයි.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්ති නිවාසෙස‍්සන‍්තීති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තී නිවාසෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්ති නිවාසෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණපවසන දොස්පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හැන්දාහුදැයි ... සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ ඉදිරිපසුනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හැන්දාහුද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මහණෙනි මෙසේ මේ සිකපදය ද මෙහෙණෝ උදෙසත්වා.

පරිමණ‍්ඩලං නිවාසෙස‍්සාමීති සික‍්ඛා කරණීයාති.

පිරිමඬුලු කොට හඳින්නෙමියි හික්මිය යුතු යි.

3. පරිමණ‍්ඩලං නිවාසෙතබ‍්බං නාභිමණ‍්ඩලං ජාණුමණ‍්ඩලං පටිච‍්ඡාදෙන‍්තියා. යා අනාදරියං පටිච‍්ච පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙන‍්තී නිවාසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

3. නැබමඬල දණමඬල වසන්නිය විසින් පිරිමඬුලු කොට හැන්ද යුතුයි. යම් මෙහෙණක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳී නම් දුකුළා ඇවැත් වෙයි.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තියා, ගිලානාය ආපදාසු -පෙ- උම‍්මත‍්තිකාය ආදිකම‍්මිකායාති.

අනාපත්ති: නො සිතා කරන්නියට, නො සිහියෙන් කරන්නියට, නො දන්නියට, ගිලනහට, ආපදායෙහි ... උමතුඇතියාහට, ආදිකම්මිකාවට ඇවැත් නැති.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරොන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම භික‍්ඛුනියො උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරිස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහීකාමභොගිනියො”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ කාමභෝගී ගිහියන් මෙන් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කෙරෙත්. මිනිස්සු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කොළෝදැ”යි.

අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං.

භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරිස‍්සන‍්තී”ති. අථ ඛො භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං. භික‍්ඛු භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කොළෝ දැයි. එකල්හි මෙහෙණෝ මහණුන්හට තෙල කරුණ ඇරොජූහු. මහණහු තෙල කරුණ භාග්‍යවතුන්හට සැලකළහ.

3. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛුසංඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛු පටිපුච‍්ඡි, සච‍්චං කිර භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරොන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිලා මේ අවසරයෙහිලා බික්සඟන රැස්කරවා දැහැමි කථා කොට මහණුන් පුළුවුත් සේක. සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කෙරෙත්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කොළෝ දැයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. … මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

න උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරිස‍්සාමීති සික‍්ඛා කරණීයාති.

දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකරන්නෙමි යි හික්මිය යුතු යි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් වනාහි භාග්‍යවතුන් විසින් මේ සිකපදය මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.

4. තෙන ඛො පන සමයෙන ගිලානා භික‍්ඛුනියො උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කාතුං කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ ගිලානාය භික‍්ඛුනියා උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කාතුං”. එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

4. එසමයෙහි ගිලන් වූ මෙහෙණෝ දියෙහි මහදියටනුද සුළුදියටනුද කෙළගැසීම ද කරන්නට කුකුසත්. තෙල කරුණ භාග්‍යවතුන්හට සැලකළහ ... මහණෙනි ගිලන් මෙහෙණහට දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කරන්නට අනුදනිමි. මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

න උදකෙ අගිලානා උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරිස‍්සාමීති සික‍්ඛා කරණීයාති.

නො ගිලන්වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකරන්නෙමි යි හික්මිය යුතු යි.

5. න උදකෙ අගිලානාය උච‍්චාරො වා පස‍්සාවො වා ඛෙළො වා කාතබ‍්බො. යා අනාදරියං පටිච‍්ච උදකෙ අගිලානා උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොති ආපත‍්ති දුක‍්කටස‍්ස.

5. නො ගිලන විසින් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකළ යුතු යි. යම් මෙහෙණක් අනාදරිය පිණිස නොගිලන්වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ කරා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තියා ගිලානාය ථලෙකතො උදකං ඔත්‍ථරති, ආපදාසු උම‍්මත‍්තිකාය ඛිත‍්තචිත‍්තාය වෙදනට‍්ටාය ආදිකම‍්මිකායාති.

අනාපත්ති: නොසිතා කරන්නියට, නො සිහියෙන් කරන්නියට, නො දන්නියට, ගිලනහට, ගොඩබිම කරන ලද්ද දියටබැසයේ නම්, ආපදායෙහි, උමතුඇතියාට, විසුරුණු සිත් ඇතියාට, වේදනායෙන් පෙළුණියට, ආදිකම්මිකාවට ඇවැත් නැති.

පණ‍්ණරසමසික‍්ඛාපදං.

පසළොස්වනු සිකපද යි.

උද‍්දිට‍්ඨා ඛො අය්‍යායො සෙඛියා ධම‍්මා. තත්‍ථාය්‍යායො පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. දුතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. තතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. පරිසුද‍්ධෙත්‍ථය්‍යායො තස‍්මාතුණ‍්හී. එවමෙතං ධාරයාමීති.

ආර්‍ය්‍යාවෙනි සේඛියධර්‍මයෝ උදෙසන ලදහ. එහිලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? තෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදුවවු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූතයහ. තෙල කරුණ මෙසේ දරමි යි.

සෙඛියා නිට‍්ඨිතා.

සේඛිය ශික්‍ෂා නිමි.