7. අධිකරණසමථා
7. අධිකරණසමථා
7. අධිකරණසමථ
ඉමෙ ඛො පනය්යායො සත්ත අධිකරණසමථා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
ආර්‍ය්‍යාවෙනි මේ සප්ත අධිකරණසමථධර්මයෝ උදෙසීමට පැමිණෙත්.
1. උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය සම්මුඛාවිනයො දාතබ්බො, සතිවිනයො දාතබ්බො, අමූළ්හවිනයො දාතබ්බො, පටිඤ්ඤාය කාරෙතබ්බං, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකොති.
1. උපනුපන් (විවාදාදී) අධිකරණයන්ගේ ශමනය පිණිස ව්‍යුපශමය පිණිස සම්මුඛාවිනය දියයුත්තේ යැ. සතිවිනය දියයුත්තේ යැ, අමූළ්හවිනය දියයුත්තේ යැ. ප්‍රතිඥායෙන් කරවිය යුතුයැ, යේභුය්‍යසිකායැ, තස්සපාපිය්යසිකා යැ, තිණවත්ථාරක යි.
2. උද්දිට්ඨා ඛො අය්යායො සත්ත අධිකරණසමථා ධම්මා. තත්ථ අය්යායො පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථය්යායො තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
2. ආර්‍ය්‍යාවරුනි සප්ත අධිකරණසමථ ධර්මයෝ උදෙසන ලදහ. එහිලා ආර්ය්යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? තෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදුවවු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූතයහ. තෙල කරුණ මෙසේ දරමි යි.
අධිකරණසමථා නිට්ඨිතා.
අධිකරණසමථයෝ නිමියාහුයි.
3. උද්දිට්ඨං ඛො අය්යායො නිදානං. උද්දිට්ඨා අට්ඨපාරාජිකා ධම්මා, උද්දිට්ඨා සත්තරස සඞ්ඝාදිසෙසා ධම්මා, උද්දිට්ඨා තිංසනිස්සග්ගියා පාචිත්තියා ධම්මා, උද්දිට්ඨා ඡසට්ඨිසතා පාචිත්තියා ධම්මා, උද්දිට්ඨා අට්ඨපාටිදෙසනීයා ධම්මා, උද්දිට්ඨා සෙඛියා ධම්මා, උද්දිට්ඨා සත්ත අධිකරණසමථා ධම්මා, එත්තකං තස්ස භගවතො සුත්තාගතං සුත්තපරියාපන්නං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති. තත්ථ සබ්බාහෙව සමග්ගාහි සම්මොදමානාහි අවිවදමානාහි සික්ඛිතබ්බන්ති.
3. ආර්‍ය්‍යාවෙනි නිදානය උදෙසන ලදී. අෂ්ට පාරාජික ධර්මයෝ උදෙසන ලදහ, සතළොස් සඟවෙසෙස් දහම්හු උදෙසන ලදහ. තිස් නිසැඟි පචිති දහම්හු උදෙසන ලදහ. එකසියසසැටක් පචිති දහම්හු උදෙසන ලදහ. අට පිළිදෙස්නී දහම්හු උදෙසන ලදහ. සේඛිය දහම්හු උදෙසන ලදහ. සත් අධිකරණ සමථ දහම්හු උදෙසන ලදහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර සංඛ්‍යාත භික්ෂුණී විභඞ්ගයෙහි ආවාවූ භික්ෂුණීවිභඞ්ගට ඇතුළත් වූ මෙතෙක් ශික්ෂාවෝ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙත්. සමඟ වූ සතුටුවන විවාද නො කරන හැමදෙනා විසින් මැ මෙහිලා හික්මිය යුතු යි.
භික්ඛුනීවිභඞ්ගො නිට්ඨිතො.
භික්ෂුණී විභඞ්ගය නිමි.
පාචිත්තියපාළි නිට්ඨිතා.
පාචිත්තියපාළි නිමියා යැ.