ඡත්තුපාහනවග්ගො අට්ඨකථා
9. ඡත්තුපාහනවර්ගය
පඨමසික්ඛාපදවණ්ණනා
පළමු සිකපද වර්ණනාව
ඡත්තවග්ගස්ස පඨමසික්ඛාපදෙ – සකිම්පි ධාරෙති ආපත්ති පාචිත්තියස්සාති මග්ගගමනෙ එකපයොගෙනෙව දිවසම්පි ධාරෙති, එකාව ආපත්ති. සචෙ කද්දමාදීනි පත්වා උපාහනා ඔමුඤ්චිත්වා ඡත්තමෙව ධාරෙන්තී ගච්ඡති, දුක්කටං. අථාපි ගච්ඡාදීනි දිස්වා ඡත්තං අපනාමෙත්වා උපාහනාරුළ්හාව ගච්ඡති, දුක්කටමෙව. සචෙ ඡත්තම්පි අපනාමෙත්වා උපාහනාපි ඔමුඤ්චිත්වා පුන ධාරෙති, පුන පාචිත්තියං. එවං පයොගගණනාය ආපත්තියො වෙදිතබ්බා. සෙසං උත්තානමෙව. එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ඡත්‍ර වර්ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “සකිම්පි ධාරෙති ආපත්ති පාචිත්තියස්සා” මග යෑමෙහි එක් ප්රයොගයෙන්ම සත් හා පාවහන් දවසක් නමුදු දරානම් එක්ම ඇවැතක් වේ. ඉදින් මඩ ඇති තැනට පැමිණ වහන් මුදා ඡත්රයම දරමින් යේද දුක්කටය වේ. නැවතද ගස්වැල් ආදිය දැක ජත්‍රය බැහැරකොට වහන් නැගමයේද, දුක්කටයම වේ. ඉදින් ඡත්‍රයද බැහැර කොට, වහන්ද මුදා, නැවැත දරානම් නැවැත පාචිත්තිය වේ. මෙසේ ප්‍රයොග ගණනින් ආපත්තීහු දතයුත්තාහ. සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පඨමසික්ඛාපදං.
පළමුවන ශික්‍ෂාපදයයි.
දුතියසික්ඛාපදවණ්ණනා
දෙවන සිකපද වර්ණනාව
දුතියෙ – යානෙන යායන්තීති එත්ථාපි ඔරොහිත්වා පුනප්පුනං අභිරුහන්තියා පයොගගණනාය ආපත්තියො වෙදිතබ්බා. සෙසං පඨමෙ වුත්තනයමෙවාති.
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “යානෙන යායන්තී” මෙහිද යානයෙන් බැස නැවැත නැවැත නගින්නියට ප්‍රයොග ගණනින් ආපත්තීහු දතයුත්තාහුය. සෙස්ස ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූනයමය.
දුතියසික්ඛාපදං.
දෙවන ශික්‍ෂාපදයයි
තතියසික්ඛාපදවණ්ණනා
තුන්වන සිකපද වර්ණනාව
තතියෙ – විප්පකිරියිංසූති මණයො විප්පකිණ්ණා. ඉධාපි ඔමුඤ්චිත්වා ධාරෙන්තියා පයොගගණනාය ආපත්තියො. සමුට්ඨානාදීනි වුත්තනයානෙව. කෙවලං ඉධ අකුසලචිත්තං හොතීති.
තෘතීය ශික්‍ෂාපදයෙහි - “විප්පකිරීයිංසු” මාණික්‍යයෝ විසුරුණහුය. මෙහිද මෙවුල් ආදී යම්කිසි හුයක්ලා දරන්නියට ප්‍රයොග ගණනින් ආපත්තීහු වෙත්. සමුත්‍ථානාදීහු කියූනයම ඇත්තාහුය. හුදෙක් මෙය අකුශල චිත්ත වේ.
තතියසික්ඛාපදං.
තෙවන ශික්‍ෂාපදයයි
චතුත්ථසික්ඛාපදවණ්ණනා
සතරවන සිකපද වර්ණනාව
චතුත්ථෙ – සීසූපගාදීසු යං යං ධාරෙති, තස්ස තස්ස වසෙන වත්ථුගණනාය ආපත්තියො වෙදිතබ්බා. සෙසං තතියෙ වුත්තනයමෙවාති.
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි - හිසෙහි පැළඳිය යුතු ආහරණාදීන් අතුරෙහි යමක් යමක් දරාද, ඒ ඒ ආභරණයාගේ වසයෙන් වස්තු ගණනින් ආපත්තීහු දතයුත්තාහ. සෙස්ස තෘතීය ශික්‍ෂාපදයෙහි කියූනයමය.
චතුත්ථසික්ඛාපදං.
සිවුවන ශික්‍ෂාපදයයි
පඤ්චමසික්ඛාපදවණ්ණනා
පස්වන සිකපද වර්ණනාව
පඤ්චමෙ – ගන්ධවණ්ණකෙනාති ගන්ධෙන ච වණ්ණකෙන ච. සෙසං උත්තානමෙව. සමුට්ඨානාදීනි තතියසදිසානෙවාති.
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “ගන්ධවණ්ණකෙන” සඳුන් තුවරලා ඈ සුවඳකින්ද, කසාකල්කාදියකින්ද, (ඇඟ උලා නාන මෙහෙණට ඇවැත්ය) සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු තෘතීය ශික්ෂාපදය හා සමානමවෙත්.
පඤ්චමසික්ඛාපදං.
පස්වන ශික්‍ෂාපදයයි.
ඡට්ඨසික්ඛාපදවණ්ණනා
සවන සිකපද වර්ණනාව
ඡට්ඨෙ – සබ්බං පඤ්චමෙ වුත්තසදිසමෙවාති.
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - සියල්ල පඤ්චම ශික්‍ෂාපදයෙහි කියන ලද්දාහු සමානම වේ.
ඡට්ඨසික්ඛාපදං.
සවන ශික්‍ෂාපදයයි
සත්තමසික්ඛාපදවණ්ණනා
සත්වන සිකපද වර්ණනාව
සත්තමෙ – උම්මද්දාපෙති ආපත්ති පාචිත්තියස්සාති එත්ථ හත්ථං අමොචෙත්වා උම්මද්දනෙ එකාව ආපත්ති, මොචෙත්වා මොචෙත්වා උම්මද්දනෙ පයොගගණනාය ආපත්තියො. සම්බාහනෙපි එසෙව නයො. ගිලානායාති අන්තමසො මග්ගගමනපරිස්සමෙනාපි සාබාධාය. ආපදාසූති චොරභයාදීහි සරීරකම්පනාදීසු. සෙසං උත්තානමෙව. සමුට්ඨානාදීනි තතියසදිසානෙවාති.
සප්තම ශික්‍ෂාපදයෙහි - “උබ්බට්ටාපෙති ආපත්ති පාචිත්තියස්ස” මෙහි අත නොමුදා ඇඟ ඉලීම නිමිතිකර එක්ම ඇවැතක් වේ. අත මුද මුදා ඇඟ ඉලීම නිමිතිකර ඇවැත්හු ප්‍රයොග ගණනින් වෙත්. සම්බාහනය නිමිතිකොටද මෙම නයවේ. “ගිලානාය” යටත් පිරිසෙයින් මගයෑමෙන් වූ පරිශ්රමයෙන්ද ආබාධ සහිත තැනැත්තියට. “ආපදාසු” සොරබිය ආදියෙන් වූ ශරීරකම්පනාදීන් අතුරෙහිය. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු තෘතීය ශික්ෂාපදය හා සමානම වෙත්.
සත්තමසික්ඛාපදං.
සත්වන ශික්‍ෂාපදයයි
අට්ඨමනවමදසමසික්ඛාපදවණ්ණනා
අට–නව–දසවන සිකපද වර්ණනාව
අට්ඨමාදීසු තීසු සික්ඛමානාය සාමණෙරියා, ගිහිනියාති ඉදමෙව නානාකරණං, සෙසං සත්තමෙ වුත්තසදිසමෙවාති.
අෂ්ටමාදීවූ ත්‍රිවිධ ශික්ෂාපදයන්හි ශික්ෂමාණවලවා සාමණෙරියලවා ගිහිනියලවා යන මෙම වෙනස්බවය. සෙස්ස සප්තම ශික්‍ෂාපදයෙහි කියන ලද්දාහු සමාන වේ.
අට්ඨමනවමදසමසික්ඛාපදානි.
අටවන නවවන දසවන ශික්‍ෂාපදයෝය.
එකාදසමසික්ඛාපදවණ්ණනා
එකොළොස්වන සිකපද වර්ණනාව
එකාදසමෙ – භික්ඛුස්ස පුරතොති අභිමුඛමෙවාති අත්ථො. ඉදං පන උපචාරං සන්ධාය කථිතන්ති වෙදිතබ්බං. සෙසං උත්තානමෙව. කථිනසමුට්ඨානං – කායවාචතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
එකාදශ ශික්‍ෂාපදයෙහි - “භික්ඛුස්ස පුරතො” අභිමුඛයෙහිම යන අර්‍ත්‍ථයි. මේ වනාහි හාත්පස්හි දොළොස් රියන් උපචාරය සඳහා කියන ලද්දේයයි දතයුතුය. සෙස්ස ප්‍රකටමය. කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
එකාදසමසික්ඛාපදං.
එකොළොස්වන ශික්‍ෂාපදයයි
ද්වාදසමසික්ඛාපදවණ්ණනා
දොළොස්වන සිකපද වර්ණනාව
ද්වාදසමෙ – අනොකාසකතන්ති අසුකස්මිං නාම ඨානෙ පුච්ඡාමීති එවං අකතඔකාසං. තෙනෙවාහ – “අනොකාසකතන්ති අනාපුච්ඡා”ති . අනොදිස්සාති අසුකස්මිං නාම ඨානෙ පුච්ඡාමීති එවං අනියමෙත්වා කෙවලං “පුච්ඡිතබ්බං අත්ථි, පුච්ඡාමි අය්යා”ති එවං වත්වා. සෙසං උත්තානමෙව. පදසොධම්මසමුට්ඨානං – වාචතො වාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ද්වාදශ ශික්‍ෂාපදයෙහි - “අනොකාසකතං” අසුවල් නම් තැන්හි විචාරමියි මෙසේ නොකළ අවකාශ ඇති එහෙයින්ම අනොකාසකතං, යනු කීහ. “අනාපුච්ඡා” යනුද “අනොදිස්ස” යනුද අසුවල් නම් තන්හි විචාරමි’යි මෙසේ නියම නොකොට හුදෙක් ‘ආර්‍ය්‍යය’ විචාරිය යුත්තෙක් ඇත්තේය, විචාරමි’යි මෙසේ කියා. සෙස්ස ප්‍රකටමය. පදසොධම්මසමුත්ථානිකය. වාචායෙන්ද, වාචාචිත්තයෙන්ද හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
ද්වාදසමසික්ඛාපදං.
දොළොස්වන ශික්‍ෂාපදයයි
තෙරසමසික්ඛාපදවණ්ණනා
තෙළෙස්වන සිකපද වර්ණනාව
තෙරසමෙ – පරික්ඛෙපං අතික්කාමෙන්තියාති එකෙන පාදෙන අතික්කන්තෙ දුක්කටං, දුතියෙන පාචිත්තියං. උපචාරෙපි එසෙව නයො.
ත්‍රයොදශ ශික්‍ෂාපදයෙහි - “පරික්ඛෙපං අතික්කාමෙන්තියා” එක් පයකින් ඉක්මුනු කල්හි දුක්කටය වේ. දෙවන පයින් ඉක්මුන කල්හි පාචිත්තිය වේ. උපචාරයෙහිද මේනයම වේ.
අච්ඡින්නචීවරිකායාතිආදීසු සඞ්කච්චිකචීවරමෙව චීවරන්ති වෙදිතබ්බං. ආපදාසූති මහග්ඝං හොති සඞ්කච්චිකං, පාරුපිත්වා ගච්ඡන්තියාව උපද්දවො උප්පජ්ජති, එවරූපාසු ආපදාසු අනාපත්ති. සෙසං උත්තානමෙව. එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“අච්ඡින්න චීවරිකාය” යනාදි තන්හි තනවෙළුම් සිවුරම සිවුරැයි දතයුතුය. “ආපදාසු” මහගි තනවෙළුමක්වේද, එය පොරොවා යන්නියටම උපද්‍රවයක් උපදීද, මෙබඳු විපත්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
තෙරසමසික්ඛාපදං.
තෙළෙස්වන ශික්‍ෂාපදයයි
ඡත්තුපාහනවග්ගො නවමො.
නවමඡත්ර වර්ගයයි
උද්දිට්ඨා ඛො අය්යායො ඡසට්ඨිසතං පාචිත්තියා ධම්මාති එත්ථ සබ්බානෙව භික්ඛුනීනං ඛුද්දකෙසු ඡන්නවුති, භික්ඛූනං ද්වෙනවුතීති අට්ඨාසීතිසතං සික්ඛාපදානි, තතො සකලං භික්ඛුනීවග්ගං, පරම්පරභොජනං, අනතිරිත්තභොජනං, අනතිරිත්තෙන අභිහට්ඨුං පවාරණං, පණීතභොජනවිඤ්ඤත්ති, අචෙලකසික්ඛාපදං, දුට්ඨුල්ලපටිච්ඡාදනං, ඌනවීසතිවස්සුපසම්පාදනං, මාතුගාමෙන සද්ධිං සංවිධාය අද්ධානගමනං, රාජන්තෙපුරප්පවෙසනං, සන්තං භික්ඛුං අනාපුච්ඡා විකාලෙ ගාමප්පවෙසනං, නිසීදනං වස්සිකසාටිකන්ති ඉමානි ද්වාවීසති සික්ඛාපදානි අපනෙත්වා සෙසානි සතඤ්ච ඡසට්ඨි ච සික්ඛාපදානි පාතිමොක්ඛුද්දෙසමග්ගෙන උද්දිට්ඨානි හොන්තීති වෙදිතබ්බානි. තෙනාහ – “උද්දිට්ඨා ඛො අය්යායො ඡසට්ඨිසතං පාචිත්තියා ධම්මා…පෙ… එවමෙතං ධාරයාමී”ති.
“උද්දිට්ඨා ඛො අය්යායො ඡසට්ඨිසතපාචිත්තියාධම්මා” යන මෙහි භික්ෂූන්ට ඛුද්දකයෙහි සයානූවෙක. භික්ෂුණීන්ට දෙයානූවෙකැයි සියල්ලෝම එක්සිය අටාසූවක් ශික්ෂාපදයෝ වෙත්. එයින් සියලු භික්ෂුණී වර්ගය පරම්පරභොජන ශික්ෂාපදය - අනතිරිත්ත භොජන ශික්ෂාපදය - ඉතිරි නොකළ දෙයින් එළවා පැවැරීම දක්වන ශික්ෂාපදය - ප්‍රණීත භොජන විඤ්ඤත්ති ශික්ෂාපදය - අචෙලක ශික්ෂාපදය - දුට්ඨුල්ල පටිච්ඡාදන ශික්ෂාපදය - ඌනවීසතිවස්සූපසම්පාදන ශික්ෂාපදය, මාගමක හා විධානකොට අද්ධාන ගමන ශික්ෂාපදය - රාජෙන්තෙපුරප්පවෙසන ශික්ෂාපදය - විද්‍යමාන මහණහු නොවිචාරා, නොකල්හි ගාමප්පවෙසන ශික්ෂාපදය - නිසීදන ශික්ෂාපදය - වස්සිකසාටික ශික්ෂාපදය යන මේ දෙවිසි ශික්ෂාපදයන් බැහැරකොට සෙසු එක්සිය සසැටක් ශික්ෂාපදද ප්රාතිමොක්ෂාද්දෙශ මාර්ගයෙන් උදෙසන ලද්දාහු වෙත්යි දතයුතුය. එහෙයින් “උද්දිට්ඨා ඛො අය්යායො ඡසට්ඨිසතපාචිත්තියා ධම්මා - පෙ- එවමෙතං ධාරයාමි’යි කීහ.
තත්රායං සඞ්ඛෙපතො සමුට්ඨානවිනිච්ඡයො – ගිරග්ගසමජ්ජං, චිත්තාගාරසික්ඛාපදං, සඞ්ඝාණි, ඉත්ථාලඞ්කාරො, ගන්ධවණ්ණකො, වාසිතකපිඤ්ඤාකො, භික්ඛුනීආදීහි උම්මද්දනපරිමද්දනානීති ඉමානි දස සික්ඛාපදානි අචිත්තකානි ලොකවජ්ජානි. අයං පනෙත්ථ අධිප්පායො – විනාපි චිත්තෙන ආපජ්ජිතබ්බත්තා අචිත්තකානි, චිත්තෙ පන සති අකුසලෙනෙව ආපජ්ජිතබ්බත්තා ලොකවජ්ජානි. අවසෙසානි අචිත්තකානි, පණ්ණත්තිවජ්ජානෙව. චොරීවුට්ඨාපනං, ගාමන්තරං, ආරාමසික්ඛාපදං ගබ්භිනිවග්ගෙ ආදිතො පට්ඨාය සත්ත, කුමාරිභූතවග්ගෙ ආදිතො පට්ඨාය පඤ්ච, පුරිසසංසට්ඨං පාරිවාසියඡන්දදානං, අනුවස්සවුට්ඨාපනං, එකන්තරිකවුට්ඨාපනන්ති ඉමානි එකූනවීසති සික්ඛාපදානි සචිත්තකානි පණ්ණත්තිවජ්ජානි, අවසෙසානි සචිත්තකානි ලොකවජ්ජානෙවාති.
එහි මේ සැකෙවින් සමුත්‍ථාන විනිශ්චයයි. ගිරග්ගසමජ්ජ ශික්ෂාපදය, චිත්තාගාර ශික්ෂාපදය - සඞ්ඝාණී ශික්ෂාපදය - ඉත්‍ථාලඞ්කාර ශික්ෂාපදය - ගන්ධවණ්ණක ශික්ෂාපදය - වාසිතක ශික්ෂාපදය - විඤ්ඤාතක ශික්ෂාපදය - මෙහෙණන් ආදීන් ලවා උබ්බට්ටන පරිමද්දන ශික්‍ෂාපදයෝය යන මේ දශ ශික්ෂාපදයෝ අචිත්තක වෙත්. ලොකවද්‍ය වෙත්. මේ මෙහි අධිප්‍රායය. සිතින් වෙන්වද පැමිණිය යුතු බැවින් අචිත්තක වෙත්. සිත ඇති කල්හි අකුශලයෙන්ම පැමිණිය යුතු බැවින් අචිත්තක වෙත්. සිත ඇති කල්හි අකුශලයෙන්ම පැමිණිය යුතු බැවින් ලොකවද්‍ය වෙත්. සෙස්සෝ අචිත්තක වෙත්. ප්රඥප්තිවද්යයෝම වෙත්. චොරිදට්ඨාපන ශික්ෂාපදය - ගාමන්තර ශික්ෂාපදය - ආරාම ශික්ෂාපදය - ගර්භිණීවර්ගයෙහි මුලපටන් ශික්ෂාපද සතද කුමාරීභූතවර්ගයෙහි මුලපටන් ශික්ෂාපද පසද, පුරිසසංසට්ඨ ශික්ෂාපදය - පාරිවාසිය ඡන්දදාන ශික්ෂාපදය - අනුවස්ස වුට්ඨාපන ශික්ෂාපදය - එකන්තරිකවුට්ඨාපන ශික්ෂාපදය යන මේ එකුන්විසි ශික්ෂාපදයෝ සචිත්තක වෙත්. ප්‍රඥප්තිවද්‍ය වෙත්. සෙසු ශික්ෂාපදයෝ සචිත්තක වෙත්. ලොකවද්‍ය වෙත්.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය භික්ඛුනීවිභඞ්ගෙ ඛුද්දකවණ්ණනා නිට්ඨිතා.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි භික්ෂුණී විභඞ්ගයෙහි බුද්දක වර්ණනාව නිමි
පාචිත්තියකණ්ඩං නිට්ඨිතං.