යෙදුමෙන් කියවන්න

සත‍්තමසික‍්ඛාපදං

4. 8. 7.

4. 8. 7.

සත‍්තමසික‍්ඛාපදං

සත්වන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා සික‍්ඛමානා ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං උපසඞ‍්කමිත්‍වා උපසම‍්පදං යාචි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තං සික‍්ඛමානං “සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස‍්සසි, එවාහන‍්තං වුට‍්ඨාපෙස‍්සාමී”ති වත්‍වා නෙව වුට‍්ඨාපෙති, න වුට‍්ඨාපනාය උස‍්සුක‍්කං කරොති. අථ ඛො සා සික‍්ඛමානා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා සික්මනුවක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙතැ එළැඹැ උපසපුව යැදූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ සික්මනුවට “ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මා හට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ”යි මෙසේ කියා නොමැ උපසපන් කරවයි. උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ සික්මනු තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා සික‍්ඛමානං සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස‍්සසි එවාහන‍්තං වුට‍්ඨාපෙස‍්සාමීති වත්‍වා නෙව වුට‍්ඨාපෙස‍්සති, න වුට‍්ඨාපනාය උස‍්සුක‍්කං කරිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සික‍්ඛමානං “සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස‍්සසි එවාහන‍්තං වුට‍්ඨාපෙස‍්සාමීති වත්‍වා නෙව වුට‍්ඨාපෙති, න වුට‍්ඨාපනාය උස‍්සුක‍්කං කරොතී”ති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සික‍්ඛමානං “සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස‍්සසි එවාහන‍්තං වුට‍්ඨාපෙස‍්සාමී”ති වත්‍වා නෙව වුට‍්ඨාපෙස‍්සති න වුට‍්ඨාපනාය උස‍්සුක‍්කං කරිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සික්මනුවට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොමැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවා ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා ද, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී සික‍්ඛමානං සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස‍්සසි එවාහන‍්තං වුට‍්ඨාපෙස‍්සාමීති වත්‍වා පච‍්ඡා සා අනන‍්තරායිකිනී නෙව වුට‍්ඨාපෙය්‍ය න වුට‍්ඨාපනාය උස‍්සුක‍්කං කරෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් සික්මනුවකට ‘ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මා හට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා පසුවැ ඕතොමෝ අනතුරක් නැත්තී නොමැ උපසපන් කරවා නම් උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ” ය යි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

සික‍්ඛමානා නාම: ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිතසික‍්ඛා.

සික්ඛමානා නම්, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.

සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස‍්සසි එවාහන‍්තං වුට‍්ඨාපෙස‍්සාමීති: එවාහන‍්තං උපසම‍්පාදෙස‍්සාමි.

සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමි: මෙසේ මම තා උපසපන් කරවන්නෙමි.

සා පච‍්ඡා අනන‍්තරායිකිනීති: අසති අන‍්තරායෙ.

සා පච්ඡා අනත්තරායිකීනි: අනතුරක් නැති කල්හි,

නෙව වුට‍්ඨාපෙය්‍යාති: න සයං වුට‍්ඨාපෙය්‍ය.

නේව වුට්ඨාපෙය්‍ය: නොමැ උපසපන් කරවයි.

න වුට‍්ඨාපනාය උස‍්සුක‍්කං කරෙය්‍යාති: න අඤ‍්ඤං ආණාපෙය්‍ය. නෙව වුට‍්ඨාපෙස‍්සාමි න වුට‍්ඨාපනාය උස‍්සුක‍්කං කරිස‍්සාමීති ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

න වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නොමැ උපසපන් කරවන්නෙමි, උපසපන් කරවීමට වෑයම් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: සති අන‍්තරායෙ පරියෙසිත්‍වා න ලභති, ගිලානාය ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

අනතුරක් ඇති කල්හි, සොයා නොලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සත්වන සිකපද යි.